16 හැවිරිදි පුතා විසින් පියාට පහරදීලා ඝාතනය කරලා

16 හැවිරිදි පුතා විසින් පියාට පහරදීලා ඝාතනය කරලා

බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි

දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි : තරුණියන් 5 ක් ඇතුළු 43 ක් අත්අඩංගුවට


16 හැවිරිදි පුතා විසින් පියාට පහරදීලා ඝාතනය කරලා

(06.09.2026 – sinhala.adaderana.lk)

මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කරනු ලැබ තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පුතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අවුරුදු 16 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++

+++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴


බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි

(05.09.2026 – hirunews.lk)

බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ පුද්ගල ඝාතනය සඳහා වෙඩික්කරුවන් විසින් යොදාගන්නා ලද බවට සැකකෙරෙන යතුරුපැදිය පන්නිපිටිය, මහල්වරාව, දිගන පුරාණ විහාරස්ථානය අසල වෙල්යායක අතහැර දමා ගොස් තිබියදී මහරගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මහරගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

බොරලැස්ගමුව – මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ නිවසකට ඊයේ (04) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (04) සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 74 ක් වයසැති බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා ‘කොස්මල්ලි’ නැමති මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඡාලයේ මුදල් අයකැමි ලෙස කටයුතු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු ඉලක්ක කර වෙඩි තැබීමට සැකකරුවන් පැමිණ ඇති නමුත් ඔහු නිවසේ නොමැති වීම හේතුවෙන් පියාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි වාර්තා වන්නේ ෴


දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි : තරුණියන් 5 ක් ඇතුළු 43 ක් අත්අඩංගුවට

(05.09.2026 – hirunews.lk)

තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් දිගන, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාලට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ස්ථානයේ තිබී තහනම් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ බියර් බෝතල් රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අප වාර්තාකරු සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *