සීයා පැදවූ කැබ් රියට යටවී පුංචි සිඟිත්තිය අවසන් ගමන්යයි
16 හැවිරිදි පුතා විසින් පියාට පහරදීලා ඝාතනය කරලා
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි : තරුණියන් 5 ක් ඇතුළු 43 ක් අත්අඩංගුවට
කොටි තුරන් කරපු එකට තමයි මේ පළිගන්නේ – විමල් මාධ්‍ය කැඳවා රට කළඹවයි (06.09.2026)
සීයා පැදවූ කැබ් රියට යටවී පුංචි සිඟිත්තිය අවසන් ගමන්යයි
(06.09.2026 – sinhala.adaderana.lk)
කිලිනොච්චිය, උරුත්තිරපුරම්, ශිවනගර් ප්‍රදේශයේදී සීයා විසින් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අවුරුදු එකහාමාරක් (1½) වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථය සීයා විසින් පසුපසට ගැනීමට යාමේදී දැරිය ඒ දෙසට පැමිණ ඇති අතර එහිදී ඇය කැබ් රථයේ රෝදයට හසු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මියගිය දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
16 හැවිරිදි පුතා විසින් පියාට පහරදීලා ඝාතනය කරලා
(06.09.2026 – sinhala.adaderana.lk)
මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කරනු ලැබ තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පුතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අවුරුදු 16 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
+++
+++
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
(05.09.2026 – hirunews.lk)
බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ පුද්ගල ඝාතනය සඳහා වෙඩික්කරුවන් විසින් යොදාගන්නා ලද බවට සැකකෙරෙන යතුරුපැදිය පන්නිපිටිය, මහල්වරාව, දිගන පුරාණ විහාරස්ථානය අසල වෙල්යායක අතහැර දමා ගොස් තිබියදී මහරගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මහරගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
බොරලැස්ගමුව – මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ නිවසකට ඊයේ (04) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඊයේ (04) සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 74 ක් වයසැති බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයාගේ පුත්‍රයා ‘කොස්මල්ලි’ නැමති මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඡාලයේ මුදල් අයකැමි ලෙස කටයුතු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු ඉලක්ක කර වෙඩි තැබීමට සැකකරුවන් පැමිණ ඇති නමුත් ඔහු නිවසේ නොමැති වීම හේතුවෙන් පියාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි වාර්තා වන්නේ ෴
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි : තරුණියන් 5 ක් ඇතුළු 43 ක් අත්අඩංගුවට
(05.09.2026 – hirunews.lk)
තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් දිගන, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාලට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ස්ථානයේ තිබී තහනම් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ බියර් බෝතල් රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අප වාර්තාකරු සඳහන් කළා ෴
හෙරොයින් සමගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගැන තවත් තොරතුරු රැසක් – ගිනි අවියක් සහ ජීව පතරොම් හමුවේ
(06.09.2026 – sinhala.adaderana.lk)
හෙරොයින් සමග මාතරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඊයේ (05) දින මාතර වෙල්ලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 09 ක් හා හෙරොයින් ග්‍රෑම් 205 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා (2) විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පැමිණි යතුරුපැදිය ද එහිදී නිලධාරීන් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර පොලීසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගැනුණි.
සැකකරුවන් අවුරුදු 24 හා 25 වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද මේ වන විට අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එක් සැකකරුවෙකු නවාතැන් ගෙන සිටි කාමරයක තිබී රිපීටර් වර්ගවේ ගිනි අවියක් (1), ටී 56 ජීව පතරොම් 56 ක්, පිස්තෝල ජීව පතරොම් 47 ක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මාතර පොලීසිය විසින් පවත්වයි ෴
කොටි තුරන් කරපු එකට තමයි මේ පළිගන්නේ – විමල් මාධ්‍ය කැඳවා රට කළඹවයි (06.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴