පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක් : නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – ජන රැළිය වළක්වන්න බෑ
අරගල කරලා නතර කරන්න බැරි වුණ නාමල්ව හිරේ දාලා නතර කරන්න පුළුවන්ද ? (05.09.2026)
‘දෙහි බාලේ මල්ලි’ගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙකු (2) අත්අඩංගුවට
අනුරාධපුර රැලියට අමුත්තෙක් ? නාමල්ගේ පණිවිඩය ජිනීවා යයි ! (05.09.2026)
ආණ්ඩු ප්‍රතිවාදීන්ට පැලවත්තෙන් ලැබුණු වටිනාම අවස්ථාව… සැප් 12 හැමෝම අනුරාධපුරයට එන්න (05.09.2026)
අවුරුදු 2 කටම කියන්ඩ තියෙන්නෙ ඔච්චරයි… අනුරට දැන් හීනෙනුත් පේන්නේ නාමල් ද ? (05.09.2026)
ස්වාමීනි! ඔබ අගවිනිසුරු වුවත් දෙවියන්වහන්සේ නොවේ (06.09.2026)
සියල්ල උඩු යටිකුරු වෙයි – රනිල් අනුරපුර වේදිකාවට (05.09.2026)
අද වරුණට සිරිකොත යන්න එපා කිව්වෙ කවුද ? (06.09.2026)
නාමල්ගේ රිමාන්ඩ් එක පිටුපස රහස? සැප්තැම්බර් 12 වෙන දේ මෙන්න! (05.09.2026)
කන්‍යාභාවය රකින සකළ පාරිශුද්ධ දේවදූතයන් වෙසෙන විපක්ෂයේ නාටක මෙන්න (05.09.2026)
පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක් : නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – ජන රැළිය වළක්වන්න බෑ
(05.09.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඔවුන් සඳහන් කරන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර නගරයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබූ දැවැන්ත ජන රැළිය නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය වෙමින් තිබූ බවත්, එම ජන රැළියට ලැබෙමින් පැවති ඉහළ ජනප්‍රසාදය හමුවේ බියට පත් ආණ්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසියට සහ අධිකරණයට පරස්පර ප්‍රකාශ ලබාදුන්, අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගෙන් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් විශ්වාසනීයත්වයකින් තොර ප්‍රකාශයක් බව සඳහන් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහි සියලු චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරනවා.
තමන් බලයේ සිටියදී දූෂණ විරෝධී නීති සම්මත කළේ දූෂණය පිටුදැකීමට මිස, රාජ්‍ය ආයතන අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට නොවන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, නායකයෙකු සිරගත කළ ද ඔහුගේ දර්ශනය සහ ජනතා බලවේගය මර්දනය කළ නොහැකි බව පවසන පොදුජන පෙරමුණ, සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත අනුරාධපුර මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම වඩාත් ශක්තිමත්ව පවත්වන බවත්, එබැවින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව සාමකාමීව හඬ නැගීම සඳහා සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයට රැස්වන ලෙසත් එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා ෴
අරගල කරලා නතර කරන්න බැරි වුණ නාමල්ව හිරේ දාලා නතර කරන්න පුළුවන්ද ? (05.09.2026)
+
‘දෙහි බාලේ මල්ලි’ගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(05.09.2026 – hirunews.lk)
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ මල්ලි’ නමැත්තාගේ සොහොයුරා සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී, හෙරොයින් ග්‍රෑම් 1,214 ක් (කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 214 ක්), රිපීටර් වර්ගයේ ගිනි අවියක් (1), T-56 ගිනි අවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 51 ක් සහ මිලිමීටර් 9 (9 mm) වර්ගයේ ජීව උණ්ඩ 47 ක් සොයාගැනීමට විශේෂ කාර්ය බළකාය සමත්ව තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය සහ ගිනි අවි, උණ්ඩ තොගය සමග සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ ෴
අනුරාධපුර රැලියට අමුත්තෙක් ? නාමල්ගේ පණිවිඩය ජිනීවා යයි ! (05.09.2026)
+
ආණ්ඩු ප්‍රතිවාදීන්ට පැලවත්තෙන් ලැබුණු වටිනාම අවස්ථාව… සැප් 12 හැමෝම අනුරාධපුරයට එන්න (05.09.2026)
+
අවුරුදු 2 කටම කියන්ඩ තියෙන්නෙ ඔච්චරයි… අනුරට දැන් හීනෙනුත් පේන්නේ නාමල් ද ? (05.09.2026)
+
ස්වාමීනි! ඔබ අගවිනිසුරු වුවත් දෙවියන්වහන්සේ නොවේ (06.09.2026)
+
සියල්ල උඩු යටිකුරු වෙයි – රනිල් අනුරපුර වේදිකාවට (05.09.2026)
+
අද වරුණට සිරිකොත යන්න එපා කිව්වෙ කවුද ? (06.09.2026)
+
නාමල්ගේ රිමාන්ඩ් එක පිටුපස රහස? සැප්තැම්බර් 12 වෙන දේ මෙන්න! (05.09.2026)
+
කන්‍යාභාවය රකින සකළ පාරිශුද්ධ දේවදූතයන් වෙසෙන විපක්ෂයේ නාටක මෙන්න (05.09.2026)
+
LIVE එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය (06.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴