බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් – එක් (1) අයෙකු මරුට
(04.09.2026 – sinhala.adaderana.lk)
අද (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බවය.
ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 74 ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා බවටද හඳුනාගෙන ඇති බව පැවසෙයි.
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ මහ චීනා වෙස්වලාගෙන සිටියදී අල්ලයි
(05.09.2026 – hirunews.lk)
කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කබොක් ගල්වලින් වසා පලා ගිය අපරාදයේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා බොරු කොණ්ඩයක් පැළඳ වෙස් වලාගෙන සිටියදී දින 43 කට පසු වරාය නගරය තුළදීම ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.
සැකකරු පැළඳ සිටි බොරු කොණ්ඩය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම අපරාධයට සම්බන්ධ තවත් චීන ජාතිකයන් සිව්දෙනකු (4) මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
ඇහැලියගොඩ පොලිස් ස්ථානයට අයත් කරදන පොලිස් මුරපොලේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් මුරපොලේ සිට ගැටහැත්ත දෙසට පිහිටි රඹුටන් වගා කර ඇති ඉඩමක ගරා වැටී ඇති නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් ඉකුත් ජූලි මස 23 වැනිදා සොයා ගත්තා.
ඒ වනවිට එම මළසිරුර කබොක් ගල්වලින් වසා තිබී ඇති අතර, සැකසහිත සුඛෝපභෝගී මෝටර් රථයක් නුගදණ්ඩ කෝවිල අසල මාර්ගයේ තිබී එදිනම හමුවී තිබුණා.
සිදුකළ මූලික විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවත්, එය චීන ජාතිකයකුගේ බවටත් අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී කොළඹ වරාය නගරය තුළදී පැහැරගෙන පැමිණි චීන ජාතිකයා බවට අනාවරණය වුණා.
පසුගිය ජුලි 23 වැනිදා මෙම අපරාධය සිදුකර තිබූ දිනවලම සැකසහිත චීන ජාතිකයන් දෙදෙනකු (2) විදේශගතවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගත් අතර, අනෙක් චීන ජාතිකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත්තේ සිද්ධියෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය මගහැර සීගිරිය ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ සැඟවී සිටියදී ඉකුත් මස 30 වැනිදායි.
54 හැවිරිද සැකකාර චීන ජාතිකයා අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴