අඟුලාන ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් යාත්‍රාව තුලින් සොයාගැනේ

අඟුලාන ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් යාත්‍රාව තුලින් සොයාගැනේ

චීන කාර් ලංකාවේ වෙළඳපල අල්ලයි… යුරෝපා, ජපාන කාර් පල්ලම් බහී…


අඟුලාන ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් යාත්‍රාව තුලින් සොයාගැනේ

(04.09.2026 – sinhala.adaderana.lk)

අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය සොයාගෙන ති‌බේ.

නාවික හමුදාව සඳහන් කළේ, අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්‍රාව තුලින් සොයාගත් බවය.

පසුගිය අගෝස්තු මස 15 වන දින මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය. එම අවස්ථාවේදී එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරා ගැණින.

ඉන් අනතුරුදන්ව සිටි නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය ෴


චීන කාර් ලංකාවේ වෙළඳපල අල්ලයි… යුරෝපා, ජපාන කාර් පල්ලම් බහී…

(04.09.2026 – lankacnews.com)

පසු වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙරට මෝටර් රථ වෙළඳපොළේ කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙමින් පවතින අතර, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැරුණු කොට පුද්ගලික මෝටර් රථ කාණ්ඩයේ ප්‍රමුඛයා බවට චීන වාහන පත්වෙමින් තිබේ.

දශක ගණනාවක් තිස්සේ මෙරට වෙළඳපොළේ ආධිපත්‍යය දැරූ ජපාන සහ යුරෝපා වාහන ආනයනය සීඝ්‍රයෙන් පහත වැටෙද්දී, චීන නිෂ්පාදිත වාහන සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජපාන සහ යුරෝපා වාහනවල මිල ගණන් අධික ලෙස ඉහළ යාම හමුවේ, මධ්‍යම පාන්තික ගැනුම්කරුවන් වැඩි වශයෙන් චීන වාහන වෙත නැඹුරු වී ඇති බවයි.

විශේෂයෙන්ම ජපාන නිෂ්පාදිත මෝටර් රථයක මිලට වඩා සියයට 30 ක් හෝ 40 ක් පමණ අඩු මිලකට, නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත චීන මෝටර් රථයක් මිලදී ගැනීමට හැකි වීම මෙම නැඹුරුවට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය මාස කිහිපය තුළ මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අලුතින් ලියාපදිංචි කරන පුද්ගලික වාහනවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් චීන සන්නාමයන්ට අයත් වන බවයි.

ජපාන නිෂ්පාදිත මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් රුපියල් මිලියන 25-30 ත් අතර මිලකට අලෙවි වෙද්දී, ඊට සමාන පහසුකම් සහිත චීන SUV රථයක් රුපියල් මිලියන 12-18 ත් අතර මිලකට ලබා ගැනීමට හැකි වී තිබේ.

චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ මෙරට මධ්‍යම පාන්තික වෘත්තිකයන් අතර අතිශය ජනප්‍රිය වී ඇත.

මීට පෙර වෙළඳපොළේ සියයට 60 කට වඩා වැඩි කොටසක් හිමිකරගෙන සිටි ජපාන සන්නාමයන්ගේ නව වාහන ආනයනය, ඉහළ බදු සහ නිෂ්පාදන පිරිවැය හේතුවෙන් සියයට 40 ක් පමණ දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

වාහන අලෙවි නියෝජිතයන් පවසන්නේ, මීට පෙර චීන වාහනවල ගුණාත්මකභාවය පිළිබඳව පාරිභෝගිකයන් තුළ පැවති සැකය මේ වන විට පහව ගොස් ඇති බවයි.

ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත ප්‍රමිතීන් සහ වසර 5 කට වඩා වැඩි වගකීම් කාලසීමාවන් ලබා දීම හේතුවෙන්, ලාංකීය මධ්‍යම පාන්තික පවුල්වල ප්‍රධානතම තේරීම බවට චීන වාහන පත්ව තිබේ.

කෙසේ වෙතත්, යුරෝපා වාහන තවමත් සුඛෝපභෝගී කාණ්ඩයේ සිය ස්ථානය රැකගෙන සිටියද, සාමාන්‍ය පාරිභෝගික වෙළඳපොළ තුළ ඒවායේ දායකත්වය අවම මට්ටමකට ඇද වැටී ඇත.

ඉදිරි වසර කිහිපය තුළ මෙරට මාර්ග පද්ධතිය තුළ චීන වාහනවල දායකත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *