කොල්ලුපිටියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ යුවලක් රෝහලේ

කොල්ලුපිටියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ යුවලක් රෝහලේ

කඩු ගත්ත සෙට් එක බොරැල්ලේදී කොටු වෙයි – කොම්පඤ්ඤවීදියේ සිට පැමිණි පිරිසේ ත්‍රීරෝද රථයට වෙඩි

රජරට හදවතක් බඳු වූ බෝවතැන්න හිස්කොට වැඩබිමක් වෙයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ‘දැවි තෙල්’ සහ ‘නැප්තා’ මිල ගණන් පහළට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

අපේ කරන්ට් කපලා මාලිමාව හම්බ කරන හැටි ? (03.09.2026)

12 වෙනිදා අනුරාධපුරේ රැස්වීමට ජේවීපීකාරයො කලබල වෙලා… ඇයි මේ බයවෙලා ? (03.09.2026)

පැලවත්තේ මොළ හෝදපු සොම්බිලා ප්‍රසිද්ධියේ හෙළිදරව්වීම (03.09.2026)

ආණ්ඩුව බයවෙලා මාව අත්අඩංගුවට ගන්න හදනවා… නාමල්ට දැනට ඔය තරමින් බය වුණාම ඇති අනුර (03.09.2026)

බන්ධනාගාරය ඇතුළේ නැත්තේ ගෑණු විතරයි. නිලධාරි සල්ලිවලට කඩේ යන විදියට මුන් ඒකත් ගෙනත් දෙනවද මට සැකයි (03.09.2026)

පද්මේ සහ නිලංග හදිසියේම බූස්සෙන් වැලිසරට යැව්වේ ඇයි! හවසම ගෝරනාඩුවක්! (03.09.2026)

හරිණි හැරෙයිද? 2/3 නැතිවෙයිද? (03.09.2026)

ශ්‍රේෂ්ඨාධිකරණයට ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැවැන්ත ප්‍රහාරය! (03.09.2026)

ධීවරයන්ගේ ඇඟිලි 999 කැපූ අංගුලිමාල මෙන්න (03.09.2026)

කොල්ලුපිටියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ යුවලක් රෝහලේ

(04.09.2026 – hirunews.lk)

අද (04) අලුයම කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල සිදු වූ වෙඩි තැබීමකින් පිරිමියෙකු සහ කාන්තාවක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද (04) අලුයම 03:00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

මහල් නිවාස සංකීර්ණයක උඩු මහලක සිටි පුද්ගලයෙක් විසින් එළිමහනේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර මෙලෙස වෙඩි තබා තිබුණා.

පොලිසිය පැවසුවේ, පෞද්ගලික හේතුවක් මත වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++

+

කඩු ගත්ත සෙට් එක බොරැල්ලේදී කොටු වෙයි – කොම්පඤ්ඤවීදියේ සිට පැමිණි පිරිසේ ත්‍රීරෝද රථයට වෙඩි

(04.09.2026 – hirunews.lk)

දෙමටගොඩ – වේළුවන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට බොරැල්ල පොලිසිය අද (04) අලුයම වෙඩි තබා ඇති අතර, එහි ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙකු (5) කඩු තුනක් (3) සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, තියුණු ආයුධ අතැතිව පුද්ගලයින් හත්දෙනෙකු (7) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට අද අලුයම තොරතුරක් ලැබීමෙන් අනතුරුව මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.

ඒ අනුව මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ළඟා වන විට එම පිරිස ත්‍රිරෝද රථයකින් බොරැල්ල දෙසට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථය හඹා ගොස් බොරැල්ල ප්‍රදේශයේදී එය නවත්වන ලෙස සංඥා කළද, රියදුරු පොලිස් අණ නොතකා ධාවනය කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු විසින් ත්‍රිරෝද රථයට වෙඩි තබා ඇති අතර, රථය දෙමටගොඩ – වේළුවන ප්‍රදේශයේදී නවත්වා ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, ඉතිරිව සිටි සැකකරුවන් පස්දෙනා (5) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථය තුළ තිබී කඩු තුනක් (3) සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු මීට පෙර තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක පළ කරන අතර, එම ආයුධ රැගෙන ගොස් ඇත්තේ තවත් අපරාධයක් සිදුකිරීමේ අරමුණින්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධියට අදාළ සැකකරුවන් පස්දෙනා (5) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, පලා ගිය අනෙක් පුද්ගලයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වනවා ෴

රජරට හදවතක් බඳු වූ බෝවතැන්න හිස්කොට වැඩබිමක් වෙයි

(04.09.2026 – hirunews.lk)

පවතින වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන්මඩ ජලජ ශාක ඉවත් කිරීමේ දිවා රෑ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙනවා.

බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න ඇතුළු ඉංජිනේරු කණ්ඩායමේ යෝජනාවක් අනුව මහවැලි ව්‍යාපාරයේ සේවක ශ්‍රමය සහ යන්ත්‍රසුත්‍ර යොදාගෙන පවතින එල්නිනෝ තත්ත්වය උපයෝගී කරගෙන කඩිනම් වැඩපිළිවෙළක් ලෙස මෙය ආරම්භ කිරීම විශේෂත්වයක්.

බෝවතැන්න ජලාශය රජරට හදවත බඳු වූ ස්ථානයක් වන්නේ, කණ්ඩලම, ඉබ්බන්කටුව, කලාවැව ද්‍රෝනියට ජලය සපයන ජල මූලාශ්‍රය බෝවතැන්න ජලාශය නිසායි.

ජලාශය ඉදිකොට වසර පනහක සිට මේ දක්වා ජලාශයේ රොන්මඩ මීටර් හය හතක් සම්පූර්ණයෙන්ම පිරී ඇති බවයි ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න පැවසුවේ.

බෝතැන්න ජලාශයේ උමං මාර්ගය හරහා රජරට ප්‍රදේශයට ජලය රැගෙන යෑම සිදුකරන ස්ථානය මේ වන විටත් මීටර් හයක් පමණ රොන්මඩ ඉවත් කොට ඇති අතර, තවත් මීටරයක් පමණ එම ස්ථානයේ රොන්මඩවලින් පිරී ඇති බව ඔහු සඳහන් කළා.

මෙසේ රොන්මඩ ඉවත් කිරීම නිසා වර්ෂාපතනය ලැබෙන විට ජලාශයේ විශාල ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීම මෙහි අරමුණ බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

වසර පනහකට ඉහතදී ජලයෙන් සම්පූර්ණයෙන් යට වූ බෝතැන්න පැරණි ගම්මාන සියල්ල මේ වන විට මතුවී ඒවාද රොන්මඩවලින් පිරී ඇති බව ද සඳහන් ෴

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ‘දැවි තෙල්’ සහ ‘නැප්තා’ මිල ගණන් පහළට

(04.09.2026 – hirunews.lk)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘දැවි තෙල්’ සහ ‘නැප්තා’ මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 248 ක මිලකට පැවති ‘දැවි තෙල්’ ලීටරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 210 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එමෙන්ම රුපියල් 210 ක පැවති ‘නැප්තා’ ලීටරයක මිල රුපියල් 35 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 175 ක් ලෙසයි සටහන් වෙන්නේ ෴

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

(04.09.2026 – sinhala.adaderana.lk)

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

අපේ කරන්ට් කපලා මාලිමාව හම්බ කරන හැටි ? (03.09.2026)

+

12 වෙනිදා අනුරාධපුරේ රැස්වීමට ජේවීපීකාරයො කලබල වෙලා… ඇයි මේ බයවෙලා ? (03.09.2026)

+

පැලවත්තේ මොළ හෝදපු සොම්බිලා ප්‍රසිද්ධියේ හෙළිදරව්වීම (03.09.2026)

+

ආණ්ඩුව බයවෙලා මාව අත්අඩංගුවට ගන්න හදනවා… නාමල්ට දැනට ඔය තරමින් බය වුණාම ඇති අනුර (03.09.2026)

+

බන්ධනාගාරය ඇතුළේ නැත්තේ ගෑණු විතරයි. නිලධාරි සල්ලිවලට කඩේ යන විදියට මුන් ඒකත් ගෙනත් දෙනවද මට සැකයි (03.09.2026)

+

පද්මේ සහ නිලංග හදිසියේම බූස්සෙන් වැලිසරට යැව්වේ ඇයි! හවසම ගෝරනාඩුවක්! (03.09.2026)

+

හරිණි හැරෙයිද? 2/3 නැතිවෙයිද? (03.09.2026)

+

ශ්‍රේෂ්ඨාධිකරණයට ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැවැන්ත ප්‍රහාරය! (03.09.2026)

+

ධීවරයන්ගේ ඇඟිලි 999 කැපූ අංගුලිමාල මෙන්න (03.09.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *