පාතාලයට යතුරුපැදි සැපයූ බවට සැක ‘බෝම්බුවල සුද්දා’ අත්අඩංගුවට

පාතාලයට යතුරුපැදි සැපයූ බවට සැක ‘බෝම්බුවල සුද්දා’ අත්අඩංගුවට

ශ්‍රීලනිප 75 සංවත්සරය : චාමර සම්පත් (02.09.2026)

ශ්‍රීලනිප 75 සංවත්සරය : දුමින්ද දිසානායක (02.09.2026)

කිරිබත්ගොඩටම කුඩු බෙදූ ‘පද්මා’ නොහොත් ‘නෝනා අම්මා’ අත්අඩංගුවට (03.09.2026)

මාලිමා ආණ්ඩුව පන්නලා දාන්න සජබ ප්‍රබලයෝ එක්ක ජන ගඟක් කොළඹට (03.09.2026)

වසරකදී ළමුන් මිලියන 20 ක් අන්තර්ජාල හරහා ලිංගික අපයෝජනයට

පසුගිය වසර පහක (5) කාලය තුළ පළමු (1) ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 265,000 ක් පාසල් හැර ගිහින්

22 සංශෝධනයේ පෙත්සම්වල ලිඛිත දේශන කාලය අවසන් – නීතීඥ සංගමය ලිඛිත දේශන ඉදිරිපත් නොකරයි

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

ශිෂ්‍යත්වයෙන් දිවයිනේ ප්‍රථමයා වූ ‘දනෝජ්’ට මනුසත් දෙරණින් ඇගයීමක්

දවසට කිලෝ මීටර් 50 ක දුරක් ඇවිත් ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයි ගොඩ දැම්ම ගුරුවරු (03.09.2026)


පාතාලයට යතුරුපැදි සැපයූ බවට සැක ‘බෝම්බුවල සුද්දා’ අත්අඩංගුවට

(03.09.2026 – sinhala.adaderana.lk)

පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීමේ නිරත වූ බවට සැක කෙරෙන ‘බෝම්බුවල සුද්දා’ නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ මංසන්ධිය ප්‍රදේශයේ වෙ‍ළඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය, ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇත.

පසුව කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් බෝම්බුවල ප්‍රදේශයේදී මෙම යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ යතුරුපැදියේ අංක තහඩුවේ ලියාපදිංචි අංක වෙනස් වන පරිදි ස්ටිකර් අලවා තිබූ බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ඉංගිරිය, රත්නපුර සහ කිරිඇල්ල යන පොලිස් වසම්වල යතුරුපැදි සොරකම් කිරීම් රැසකට සම්බන්ධ අයෙකු බවයි.

මෙලෙස සොරකම් කරන යතුරුපැදි මත්කුඩු ජාවාරම් සහ වෙනත් සාපරාධී ක්‍රියා සඳහා පාතාල කල්ලි වෙත ලබාදීමට මොහු කටයුතු කර ඇති බවට සැක කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

+


ශ්‍රීලනිප 75 සංවත්සරය : චාමර සම්පත් (02.09.2026)

+


ශ්‍රීලනිප 75 සංවත්සරය : දුමින්ද දිසානායක (02.09.2026)

+


කිරිබත්ගොඩටම කුඩු බෙදූ ‘පද්මා’ නොහොත් ‘නෝනා අම්මා’ අත්අඩංගුවට (03.09.2026)

+


මාලිමා ආණ්ඩුව පන්නලා දාන්න සජබ ප්‍රබලයෝ එක්ක ජන ගඟක් කොළඹට (03.09.2026)

++


වසරකදී ළමුන් මිලියන 20 ක් අන්තර්ජාල හරහා ලිංගික අපයෝජනයට

(03.09.2026 – sinhala.adaderana.lk)

රටවල් 21 ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20 කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය කර තිබේ.

අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල වයස අවුරුදු 12 ත් 17 ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස්දෙනෙකු (5) ගෙන් එක් (1) අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ අවම වශයෙන් එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එහිදී ළමුන් මිලියන 15 කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, මිලියන 9 ක් ලිංගික සංවාදවලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමට බලපෑම්වලට ලක්ව තිබේ.

තවත් ළමුන් මිලියන 4 ක පමණ ලිංගික ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත.

වාර්තාවට අනුව සිදුවීම්වලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහාය. අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය සියයට 14 ක් පමණ වේ.

විශේෂත්වයක් වන්නේ මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී තිබීමයි. තවත් සියයට 38 ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය හරහාය.

එමෙන්ම ළමුන් සම්බන්ධ සිදුවීම්වලින් සියයට 1 කටත් අඩු ප්‍රමාණයක් පොලීසියට, සමාජ සේවකයෙකුට හෝ උපකාරක සේවාවකට වාර්තා කර ඇති බවද UNICEF පවසයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර තිබේ. දත්ත එක්රැස් කළ රටවල් 9 කදී ළමුන් මිලියන 1.1 ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇති බව වාර්තා කර තිබේ.

තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් (4) පමණ වැඩි බවද UNICEF පෙන්වා දෙයි.

මෙම පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21 ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000 කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර, එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයනවලින් එකක් බව UNICEF සඳහන් කරයි.

ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස UNICEF රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා තිබේ ෴


පසුගිය වසර පහක (5) කාලය තුළ පළමු (1) ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 265,000 ක් පාසල් හැර ගිහින්

(03.09.2026 – hirunews.lk)

පසුගිය වසර පහක (5) කාලය තුළ පළමු (1) ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 265,000 කට ආසන්න පිරිසක් පාසල් හැර ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශයේ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ සඳහන් කළේ, තරුණ තරුණියන් විශාල පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

ඇය මේ බව සඳහන් කළේ අද (03) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පාසල් හැර යන සිසුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අවදානම් තත්ත්වයන්ට යොමුවීම වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා ෴


22 සංශෝධනයේ පෙත්සම්වල ලිඛිත දේශන කාලය අවසන් – නීතීඥ සංගමය ලිඛිත දේශන ඉදිරිපත් නොකරයි

(03.09.2026 – sinhala.adaderana.lk)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (03) පස්වරු 03:00 ට අවසන් විය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව මෝසම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67 ක් සහ අතරමැදි පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

අදාළ පෙත්සම් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම් විභාගය ‘පූර්ණ විනිසුරු මඩුල්ලක්’ හමුවේ සිදුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දින දෙකක් (2) පුරා පෙත්සම් විභාගයට ගත් අතර, එය ඊයේ (02) පස්වරුවේ අවසන් විය.

පෙත්සම් විභාගය අවසානයේ සියලු පාර්ශ්වයන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අද (03) පස්වරු 03:00 දක්වා කාලය ලබාදී තිබුණි.

කෙසේවෙතත්, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බව පෙත්සම්කරුවන් සිය මෝසම් මඟින් අවධාරණය කර තිබේ.

එමෙන්ම රජයේ පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු දැක්වීමෙන් අනතුරුව වාචික ප්‍රතිචාර දැක්වීමට තමන් කළ ඉල්ලීමට අවසර නොලැබීම හේතුවෙන් රජයේ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සහ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ නිගමනය රහසිගතව, යථාකාලයේදී ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය ෴


පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

(03.09.2026 – sinhala.adaderana.lk)

2026 වසරේ පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත හය (6) ශ්‍රේණිය සඳහා අයදුම්පත් යොමු කිරීම විදුහල්පතිවරුන් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

ඒ සඳහා අදාළ දින වකවානු සහ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ ෴


ශිෂ්‍යත්වයෙන් දිවයිනේ ප්‍රථමයා වූ ‘දනෝජ්’ට මනුසත් දෙරණින් ඇගයීමක්

(03.09.2026 – sinhala.adaderana.lk)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගත් කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ‘දනෝජ් තීක්ෂණ වීරසේකර’ සිසුවාගේ කුසලතාව අගයමින් ‘මනුසත් දෙරණ’ වෙතින් විශේෂ ත්‍යාග සහ ශිෂ්‍යත්ව පිරිනැමීමක් අද (3) සිදු කෙරිණි.

ඉකුත් අගෝස්තු 09 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 289,867 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිසුන් 56,000 ක් ලකුණු 139 සීමාව ඉක්මවා යමින් කඩඉම් ලකුණ පසුකර යාමට සමත් විය.

එම සියලු සිසුන් අභිබවා යමින් සමස්ත ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ‘දනෝජ්’ පුතණුවන් සමත් වූයේ ලකුණු 193 ක විශිෂ්ට සාමාර්ථයක් සටහන් කරමිනි.

‘දනෝජ්’ සිසුවාගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ‘දෙරණ’ සහ ‘මනුසත් දෙරණ’ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා හමුවීමේ විශේෂ අවස්ථාවක් අද (03) ‘මනුසත් දෙරණ’ කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට ‘දනෝජ්’ගේ පියා, විදුහල්පතිතුමන් මෙන්ම ඔහුගේ සොහොයුරිය ද එක්ව සිටියහ.

එහිදී ‘දනෝජ්’ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පහසු කිරීම වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ අතර, සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉදිරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා මාසික ශිෂ්‍යත්වයක් ලබාදීමටද ‘මනුසත් දෙරණ’ පියවර ගත්තේය.

මීට අමතරව, 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක් ලබාගෙන දැනට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන ‘දනෝජ්’ගේ සොහොයුරියටද පොත්පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ කට්ටලයක් පිරිනැමීමට කටයුතු කෙරිණි.

+


දවසට කිලෝ මීටර් 50 ක දුරක් ඇවිත් ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයි ගොඩ දැම්ම ගුරුවරු (03.09.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤