රු. කෝටි 25 ක පිළිකා එන්නත් විනාශ මුඛයේ.. රෝගීන් 190,000 ක් අනතුරේ.. ස්ටිකරය ගෙන්වා අලවන්න බැරි ඇයි..?

රු. කෝටි 25 ක පිළිකා එන්නත් විනාශ මුඛයේ.. රෝගීන් 190,000 ක් අනතුරේ.. ස්ටිකරය ගෙන්වා අලවන්න බැරි ඇයි..?

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද (03)

22 ට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අද (03) පස්වරු 03:00 ට පෙර ඉදිරිපත් කරන්න : පංච පුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දෙයි

“බඩු අතින් දාලා තොට DO ගහනවා” | ගන්දර පොලිසියේ බලු වැඩේ | වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට (02.09.2026)

ශ්‍රීලනිප 75 සංවත්සරය : චාමර සම්පත් (02.09.2026)

ශ්‍රීලනිප 75 සංවත්සරය : දුමින්ද දිසානායක (02.09.2026)

කිරිබත්ගොඩටම කුඩු බෙදූ ‘පද්මා’ නොහොත් ‘නෝනා අම්මා’ අත්අඩංගුවට (03.09.2026)

ආණ්ඩුවට දෙකයි රටටම මූසලයි ! (01.09.2026)

ඉරාජ්ට රහසක් කියූ ‘චූලා’ට නිවන් සුව ! (02.09.2026)

එදා දොඹේගෙ ප්‍රෝග්‍රෑම් එක ලක්ෂ 2 කට වැඩිය බැලුවා (02.09.2026)

මඩකලපුවේ පොඩි කඩයක් දාගෙන හිටපු ආදරණීය සහෘදයා.. ප්‍රියංකර පුතේ හිනැහෙන මුහුණ බල බලා (02.09.2026)

අපේ ආණ්ඩුව කියලා ජේවීපීකාරයෝම කියනවා.. ටිල්වින් ඔයා පැලවත්තෙ ලිප්බොක්කේ ද ? (02.09.2026)

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන්නේ අධිකරණය ද? පාර්ලිමේන්තුව ද? රටේ ජනතාව ද? (03.09.2026)

එරාජ්ගේ මරණයේ ඇත්ත! බාලේගේ මල්ලි කොටුවුණු රහස් මෙහෙයුම! (02.09.2026)

නඩු විභාගය අවසන්, ආණ්ඩුවේ දේශපාලන තර්කය බිදවැටේ (02.09.2026)

සජබ – ඩාක් රූම් වලිය අස්සේ නාමල් අත්අඩංගුවට ගන්න යන කුමන්ත්‍රණය! (02.09.2026)

මුළු රටම පැලවත්තට යට කරන සැළසුම මෙන්න (02.09.2026)

රු. කෝටි 25 ක පිළිකා එන්නත් විනාශ මුඛයේ.. රෝගීන් 190,000 ක් අනතුරේ.. ස්ටිකරය ගෙන්වා අලවන්න බැරි ඇයි..?

(03.09.2026 – lankacnews.com)

මෙරට පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ‘ෆිල්ගැස්ටීන්’ (Filgrastim – G CSF) එන්නත් තොගයක් ගබඩාවල පවතිද්දී, තාක්ෂණික හේතු මත ඒවා රෝහල් පද්ධතියට මුදා නොහැරීම වත්මන් රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දැයි සැකයක් පවතින බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය’ පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, රෝගීන් මියයාම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වූ ඇතැම් ඖෂධ පවා අනුමත කළ ඖෂධ නියාමන අධිකාරිය, මෙම එන්නත් කුප්පියේ පිටුපස ලේබලය නොමැති වීම වැනි සුළු කරුණක් මත පදනම්ව එය භාවිතයට අවසර නොදීම ගැටලු සහගත බවයි.

චීනයෙන් අදාළ ලේබලය ගෙන්වා නිසි අධීක්ෂණය යටතේ අලවා හෝ විශේෂඥ කමිටු අනුමැතිය මත මෙම ඖෂධය රෝගීන්ට ලබා දීමට කටයුතු නොකිරීම පිටුපස කිසියම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අර්බුදය විසඳීමට සාධනීය මැදිහත්වීමක් සිදු කර තිබියදීත්, නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ උල්ලංඝනය වී ඇතැයි පවසමින් වෛද්‍ය සැපයුම් ඒකකය මෙම ඖෂධ භාර නොගැනීම නිසා පිළිකා රෝගීන් විශාල පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටිති.

රුපියල් මිලියන 250 කට අධික වටිනාකමකින් යුත්, ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට (5,00,000) ආසන්න විදේශ විනිමයක් වැය කර ගෙන්වන ලද මෙම ඖෂධ තොගය භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.

දැනට මෙරට පිළිකා ඖෂධ වර්ග 40 ක පමණ හිඟයක් පවතින අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් ගෙන්වන ඖෂධ අධික මිලට අලෙවි කරමින් සිටිති. එවැනි ජාවාරම් වැටලීමට උනන්දු නොවන නියාමන අධිකාරිය, නිසි පරිදි ලියාපදිංචි වී ගෙන්වන ලද ඖෂධ සඳහා විවිධ බාධා පමුණුවන්නේ වෙනත් සමාගම්වල වුවමනාවන් මත දැයි සැකයක් පවතින බව ද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මෙවැනි ගැටලු දිගින් දිගටම මතු වන බැවින්, පසුගිය පාලන සමයන්හිදී පත් කරන ලද වගකිවයුතු නිලධාරීන් වහාම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පවතින සෞඛ්‍ය අර්බුද සඳහා සාධනීය විසඳුම් සෙවීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට තම සන්ධානය සූදානම් බව ද ඔහු අවසානයේ සඳහන් කළේය ෴

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද (03)

(03.09.2026 – hirunews.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද (03) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (02) එක්ව සිටියා.

කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රියංකර පෙරේරා පෙරේදා (01) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වන විට 64 හැවිරිදි වියේ පසුවුණා.

+++

+++

+++

+

22 ට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අද (03) පස්වරු 03:00 ට පෙර ඉදිරිපත් කරන්න : පංච පුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දෙයි

(03.09.2026 – hirunews.lk)

22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (03) දින පස්වරු 03:00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පාර්ශව කරුවන්ට ඊයේ (02) නියෝග කළා.

මේ අතර, 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (02) අවසන් කෙරුණු අතර, විනිසුරු මඬුල්ල නියෝග කළේ, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි.

දෙදිනක් (2) පුරා මෙම පෙත්සම් විභාගය පැවැති අතර, ඊයේ (02) එම කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ‘ස්ටීවන් තිරූ’ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වවල නීතිඥවරු ඊයේ (02) සිය කරුණු ඉදිරිපත් කිරීම් ආරම්භ කළා.

මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය දේශනය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ, එම දේශන අවසානයේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ, අධිකරණ කටයුතු පුළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.

අනතුරුව 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (03) ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල මෙහිදී පාර්ශව කරුවන්ට නියම කළා ෴

“බඩු අතින් දාලා තොට DO ගහනවා” | ගන්දර පොලිසියේ බලු වැඩේ | වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට (02.09.2026)

+

ශ්‍රීලනිප 75 සංවත්සරය : චාමර සම්පත් (02.09.2026)

+

ශ්‍රීලනිප 75 සංවත්සරය : දුමින්ද දිසානායක (02.09.2026)

+

කිරිබත්ගොඩටම කුඩු බෙදූ ‘පද්මා’ නොහොත් ‘නෝනා අම්මා’ අත්අඩංගුවට (03.09.2026)

+

ආණ්ඩුවට දෙකයි රටටම මූසලයි ! (01.09.2026)

+

ඉරාජ්ට රහසක් කියූ ‘චූලා’ට නිවන් සුව ! (02.09.2026)

+

එදා දොඹේගෙ ප්‍රෝග්‍රෑම් එක ලක්ෂ 2 කට වැඩිය බැලුවා (02.09.2026)

+

මඩකලපුවේ පොඩි කඩයක් දාගෙන හිටපු ආදරණීය සහෘදයා.. ප්‍රියංකර පුතේ හිනැහෙන මුහුණ බල බලා (02.09.2026)

+

අපේ ආණ්ඩුව කියලා ජේවීපීකාරයෝම කියනවා.. ටිල්වින් ඔයා පැලවත්තෙ ලිප්බොක්කේ ද ? (02.09.2026)

+

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන්නේ අධිකරණය ද? පාර්ලිමේන්තුව ද? රටේ ජනතාව ද? (03.09.2026)

+

එරාජ්ගේ මරණයේ ඇත්ත! බාලේගේ මල්ලි කොටුවුණු රහස් මෙහෙයුම! (02.09.2026)

+

නඩු විභාගය අවසන්, ආණ්ඩුවේ දේශපාලන තර්කය බිදවැටේ (02.09.2026)

+

සජබ – ඩාක් රූම් වලිය අස්සේ නාමල් අත්අඩංගුවට ගන්න යන කුමන්ත්‍රණය! (02.09.2026)

+

මුළු රටම පැලවත්තට යට කරන සැළසුම මෙන්න (02.09.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *