ජපානය ශ්‍රී ලංකාවට පත්ල පහත් බස් රථ 7 ක් පරිත්‍යාග කරයි
ඩොක්ටර් ප්‍රභාත්, අවසන් වරට ලියූ ලිපියක් එළියට..! “නෑ නෑ එයාලා එන් නෑ විසඳගන්න” (02.09.2026)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
රු. කෝටි 20 කට අධික මත්ද්‍රව්‍ය සමග ‘සේදවත්ත කසුන්ගේ’ ගෝලයෙකු අත්අඩංගුවට
ජපානය ශ්‍රී ලංකාවට පත්ල පහත් බස් රථ 7 ක් පරිත්‍යාග කරයි
(02.09.2026 – hirunews.lk)
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාව නංවාලීම සඳහා පත්ල පහත් බස් රථ 7 ක් පරිත්‍යාග කර තිබෙනවා.
ජපන් රජය සහ ජපානයේ යොකොහමා නගරවාසීන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස මෙම බස් රථ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව සඳහන්.
අදාළ බස් රථ 7 ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
මෙම බස් රථ මෙරට පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.
+++
+
ඩොක්ටර් ප්‍රභාත්, අවසන් වරට ලියූ ලිපියක් එළියට..! “නෑ නෑ එයාලා එන් නෑ විසඳගන්න” (02.09.2026)
+
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
(02.09.2026 – sinhala.adaderana.lk)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.
එසේම විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින ලෙසට අවධාරණය කර තිබේ.
ඉහත ආකාරයෙන් කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බව වැඩිදුරටත් දැනුම් දී ඇත ෴
රු. කෝටි 20 කට අධික මත්ද්‍රව්‍ය සමග ‘සේදවත්ත කසුන්ගේ’ ගෝලයෙකු අත්අඩංගුවට
(02.09.2026 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 8 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අද (02) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත් විය.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු ‘සේදවත්ත කසුන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ ෴
22 ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
(02.09.2026 – sinhala.adaderana.lk)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) සඳහන් කළේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (03) දින ප.ව. 3 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴