ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩිතියාගත්ත හේතුව (02.09.2026)

තලවතුගොඩ සංචාරක නියෝජිත ආයතනයකට කඩා වැදුනු 4 ක් රු. කෝටි 6½ ක් සහ රන්භාණ්ඩ කොල්ල කති


ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

(02.09.2026 – sinhala.adaderana.lk)

ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසු වුණි.

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබා දී තිබේ.

ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති අතර, ‘සුපුන් සඳක්’, ‘සඳුන් ගසේ සමන් වැලක්’, ‘සිකුරුලියා’, ‘අගාධ සාගරයේ’ වැනි ගීතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය.

+++

+++

https://meemessa.com/free-sinhala-mp3/artist/download-priyankara-perera-sinhala-mp3-songs.html

+++

02-05-2024

+


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩිතියාගත්ත හේතුව (02.09.2026)

https://www.youtube.com/watch?v=L1XDos2BVx8


තලවතුගොඩ සංචාරක නියෝජිත ආයතනයකට කඩා වැදුනු 4 ක් රු. කෝටි 6½ ක් සහ රන්භාණ්ඩ කොල්ල කති

(02.09.2026 – sinhala.adaderana.lk)

තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයකට පැමිණි පුද්ගලින් සිව් දෙනෙකු (4) විසින් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කොල්ලකරුවන් එහි තිබූ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක (6,50,00,000) මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවය.

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය වෙත කොල්ලකරුවන් ඊයේ (01) පස්වරුවේ මෝටර් රථයකින් පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *