එන්නත නැතිව පිළිකා රෝගීන්ට ‘කිමෝ තෙරපි’ නවතී

එන්නත නැතිව පිළිකා රෝගීන්ට ‘කිමෝ තෙරපි’ නවතී

නේපාලයේ මොකද උනේ ? කොත්මලේට ‘ලෝකල් සුනාමියක්’ ආවොත් මොකද කරන්නේ ? (31.08.2026)

මිහින්තලා පුදබිමට වහාම ආරක්ෂාව දෙන්න – මිහින්තලේ හිමි (01.09.2026)

17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු (3) අතුරුදන්

22 ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි

‘දෙහිබාලේ’ගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7 ක සිරදඬුවම්

අලුත උපන් දරුවෙකු කරවනැල්ල පොදු බස් නැවතුම්පොළේ කාන්තා වැසිකිළියෙන් හමුවේ

රු. කෝටි 800 ක, ‘අයිස්’ ආපු අබිරහස් කන්ටේනර් 2 ! අයිතිකාරයින්ගේ නම් ගම් එළියට (01.09.2026)

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 88,000 කට අධික පිරිසක් පීඩාවට


එන්නත නැතිව පිළිකා රෝගීන්ට ‘කිමෝ තෙරපි’ නවතී

(01.09.2026 – lankacnews.com)

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල මේ වන විට ‘ෆිල්ගැස්ටින් එන්නත’ නොමැති වීම හේතුවෙන් ‘කි​මෝ තෙරපි’ ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇතැයි පිළිකා රෝග පිළිබඳ වි​ශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙරටට ගෙන්වා තිබූ ‘ෆිල්ගැස්ට්‍රින් එන්නත්’ එක් ලක්ෂ හැටදහසක් (1,60,000) අඩංගු බහාලුමේ ලේබල් අලවා තිබුණත් සිරින්ජර්වල ලේබලය නොතිබීම නිසා ඒවා රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත.

මේ හේතුව මත පුද්ගලික අංශය සතුවද අදාළ එන්නත් අවසන් වී ඇත. මෙම පිළිකා එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළේය.

එන්නත් මෙරටට ලබාදීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම අලුතින් එම එන්නත් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා සති තුනක (3) කාලයක් ගත වන බවට සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒනනත් හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සමග පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර සිකුරාදා (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ලබන සතිය ඇතුළත ගුවන් මගින් එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට ගෙන ඒමට නියමිතව ඇති බවයි ෴


නේපාලයේ මොකද උනේ ? කොත්මලේට ‘ලෝකල් සුනාමියක්’ ආවොත් මොකද කරන්නේ ? (31.08.2026)

+


මිහින්තලා පුදබිමට වහාම ආරක්ෂාව දෙන්න – මිහින්තලේ හිමි (01.09.2026)

+


17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු (3) අතුරුදන්

(01.09.2026 – sinhala.adaderana.lk)

බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු (3) අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් තිදෙනෙකි (3).

ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගිය මොවුන් පසුව ආපසු පැමිණ නොමැති බව දෙමාපියන් විසින් අනාවරණය කර ඇත.

අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස බලංගොඩ පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

• බලංගොඩ පොලිස් ස්ථානය : 045 228 7222

• දෙමාපියන්ගේ දුරකථන අංක : 076 707 0913 / 077 165 8788

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

(01.09.2026 – sinhala.adaderana.lk)

බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා (3) ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

17 හැවිරිදි මෙම සිසුවියන් තිදෙනා (3) අතුරුදන් බවට බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඔවුන් බලංගොඩ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන ලබමින් සිට ඇති අතර උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි ෴


22 ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි

(01.09.2026 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කර තිබේ.

අද (01) මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවා තිබුණි.

එහිදී 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බැලූ ‘පංච පුද්ගල විනිසුරු මඩුල්ල’ මෙම තීරණයට එළඹුණි.

+++

22 ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(01.09.2026 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

නියෝගය ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකරන බවය.

මෙම පෙත්සම් අද (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළේය.

ඒ අනුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සිටින සියලු විනිසුරුවරු අසුන් ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලී සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සිදුකළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

+++

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ආණ්ඩුවට ‘ඇනපු ටොක්ක’ ගැන ගම්මන්පිල රටට හෙළි කරයි (01.09.2026)

++


‘දෙහිබාලේ’ගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

(01.09.2026 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ සිටින ‘ශෙහාන් සත්සර’ හෙවත් ‘දෙහිබාලේ මල්ලි’ නම් සැකකරුගේ බාල සහෝදරයා වන ‘පටබැඳිගේ තුෂාන් සත්සර’ හෙවත් ‘කළු මල්ලි’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

‘පටබැඳිගේ තුෂාන් සත්සර’ හෙවත් ‘කළු මල්ලි’ නම් 25 හැවිරිදි සැකකරුට දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු වරෙන්තු’ නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි ෴


හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7 ක සිරදඬුවම්

(01.09.2026 – sinhala.adaderana.lk)

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ‘පියංකර ජයරත්න’ට වසර 7 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මිට සුළු මොහොතකට පෙර නියම කළේය.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ‘ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ’ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණි.

රාජ්‍ය සමාගමක් වන ‘ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ’ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක (3,30,000) මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන් වෙයි.

එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න ‘ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ’ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණි.

+


අලුත උපන් දරුවෙකු කරවනැල්ල පොදු බස් නැවතුම්පොළේ කාන්තා වැසිකිළියෙන් හමුවේ

(01.09.2026 – hirunews.lk)

කරවනැල්ල පොදු බස් නැවතුම්පොළේ කාන්තා වැසිකිළිය තුළ අලුත උපන් දරුවෙකු අතහැර යාමට උත්සාහ කළ බව කියන 30 හැවිරිදි කාන්තාවක් අද (01) දහවල් ජනතාව විසින් අල්ලාගෙන තිබෙනවා.

එම කාන්තාව විසින් අද (01) දිනයේම උපත ලැබූ බවට සැලකෙන අලුත උපන් දරුවා වැසිකිළියේ තිබූ ජල බේසමක් තුළ තබා අතහැර යාමට උත්සාහ කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය දුටු ජනතාව විසින් කාන්තාව අල්ලාගෙන ඇති අතර, පසුව ඇය සහ දරුවා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

+++

+


රු. කෝටි 800 ක, ‘අයිස්’ ආපු අබිරහස් කන්ටේනර් 2 ! අයිතිකාරයින්ගේ නම් ගම් එළියට (01.09.2026)

+


වියළි කාලගුණයෙන් පුද්ගලයින් 88,000 කට අධික පිරිසක් පීඩාවට

(01.09.2026 – sinhala.adaderana.lk)

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,475 කට අයත් පුද්ගලයින් 88,068 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ දිස්ත්‍රික්ක 6 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවය.

මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව පවුල් 27,048 කට අයත් පුද්ගලයින් 86,368 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මින් වැඩිම ප්‍රමාණයක් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පවුල් 11,751 කට අයත් පුද්ගලයින් 37,890 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන තිබේ.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547 කට අයත් පුද්ගලයින් 28,523 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.

තවද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823 කට අයත් පුද්ගලයින් 8,847 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,227 කට අයත් පුද්ගලයින් 8,383 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683 කට අයත් පුද්ගලයින් 2,646 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 79 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤