පයාගල වෙඩි තැබීමකින් එක් (1) අයෙකුට බරපතළ තුවාල

පයාගල වෙඩි තැබීමකින් එක් (1) අයෙකුට බරපතළ තුවාල

මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන

හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට


පයාගල වෙඩි තැබීමකින් එක් (1) අයෙකුට බරපතළ තුවාල

(31.08.2026 – sinhala.adaderana.lk)

පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු (1) මේ වන විට නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය පැවසුවේ මීට ටික වෙලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශවය විසින් අපරාධක කල්ලි සාමාජිකයෙකු වන “පානදුරේ නිලංග”ගේ මස්සිනාවන “ඩිලා” නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වේ.

“3eight” වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

+


මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන

(31.08.2026 – hirunews.lk)

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවූ බව පිළියන්දල පොලිසිය පවසනවා.

එහිදී, බත්තරමුල්ල පිහිටි හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව, අද (31) අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමග මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇය ඇඳ මත මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ කර ඇති අතර, ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය අමතා ඇති අතර, ස්ථානයට පැමිණි සෞඛ්‍ය සේවකයින් පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමෙන් පසු ව්‍යාපාරිකයා විසින් පිළියන්දල පොලිසියට මේ බව පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් අප වාර්තාකරු සඳහන් කළේ.

+++

+


හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට

(31.08.2026 – hirunews.lk)

හොරණ ප්‍රදේශ රැසක මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිදුවීම් මාලාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) ඇතුළු 4 දෙනෙකු හොරණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතරට මෙම අපරාධ සඳහා අනුබල දුන් එක් සැකකරුවෙකුගේ මව සහ අනෙක් සැකකරුගේ නැන්දණිය ද ඇතුළත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාර්තුපාන සහ බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 35 පසුවන මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 25 වැනිදා සිට සතියක් වැනි කෙටි කාලයක් තුළ යතුරුපැදියකින් පැමිණ ස්ථාන හතරකදී (4) මංකොල්ලකෑම් සිදුකර තිබෙනවා.

CCTV දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය මගින් සැකකරුවන් කොටුකරගෙන තිබෙනවා.

පොලිස් වැටලීම අවස්ථාවේදී එක් (1) සැකකරුවෙකු විසින් මංකොල්ලකන ලද රන්මාලයක් ගිලදමා ඇති අතර, පසුව සිදුකළ X-Ray පරීක්ෂාවකින් ඒ බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුව හොරණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරුපැදිය, සොරකම් කරන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි දෙකක් (2) සහ උකස් කිරීමට රැගෙන යමින් තිබූ හා උකස් කර තිබූ රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *