22 ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් – හෙට (01) සලකා බැලෙයි

22 ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් – හෙට (01) සලකා බැලෙයි

වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463 ක්

මන්නාරමේ තෙල් නිධි, ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන මාලිමාව කියන්න බය කතාව මෙන්න (31.08.2026)

මහා පෑවිල්ල නිසා වතුර නැතුව බඩගින්නේ ඉන්න හරකුන්ට, රිලවුන්ට කෑම දුන්නු බුදුමුල්ල, පිළපිටිය ගම්වාසීන් (31.08.2026)

නාමල් පාර්ලිමේන්තුවේ කතා කරද්දී ජෙප්පෝ බයයි – ඩී.වී. චානක තංගල්ලට ඇවිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි (31.08.2026)

තියෙන පලවෙනි ඡන්දේ ආණ්ඩුව ගෙදර යවනවා – නාමල් තංගල්ලට ඇවිත් මාලිමාවට දාපු සද්දේ (31.08.2026)

Derana 360 | ඩී.වී. චානක – ජාතික කැඳවුම්කරු – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (31.08.2026)

හිරු ටීවී සළකුණ – එල්නිනෝ කාළගුණය – 31.08.2026


22 ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් – හෙට (01) සලකා බැලෙයි

(31.08.2026 – hirunews.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (31) දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් පංච පුද්ගල (5) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.

එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කටයුතු කරනවා.

එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු ඇතුළත් වෙනවා.

මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම් හෙට (01) දින සලකා බැලීමට නියමිතව තිබෙනවා ෴

+++

හැම වෘත්තීය සංගමයක්ම 22 ට විරුද්ධයි – නීතිඥ සංගමය එක්ක සංගම් රැසක් එක්වෙයි (31.08.2026)

++

22 ට විරුද්ධ වෙන්නේ හිරේ යන්න බය දූෂිතයෝ නම් ලාල් විජේනායක දූෂිතයෙක්ද..? – නිදහස් පක්ෂය (31.08.2026)

++

“බොන ළිදම වස වෙනවානම් තව කවර කතාද? වයසක අය අයින් කරනවා කියලායි කිව්වේ, තරුණ අපි යන්නේ කොහෙද?” (31.08.2026)

+++

“22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න” – නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40 ක් එක්වෙයි

(31.08.2026 – hirunews.lk)

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තරයේ විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහය පළ කරමින්, දිවයින පුරා පිහිටි වෘත්තීය සමිති සහ වෘත්තීය සංවිධාන 40 ක නියෝජිතයින් එක්ව අද (31) ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබා තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), දුම්රිය ස්ථානාධිපති සංගමය, සමස්ත ලංකා ශ්‍රේණිගත විදුහල්පති සංගමය, තැපැල් වෘත්තීය සමිතිය සහ රජයේ හෙද සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන හා වෘත්තීය සමිති 40 ක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයට රැස්ව මෙම තීරණයට එළඹ තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට ඍජු තර්ජනයක් එල්ල වන බව මෙම සංවිධාන පෙන්වා දෙන බවයි.

මෙම රැස්වීමේදී සහභාගී වූ වෘත්තීය සමිති සහ සංවිධාන ඒකමතිකව පහත තීරණවලට එළඹ තිබෙනවා.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එකහෙළා විරෝධය පළ කිරීම.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීම.

ඉහළ අධිකරණවල පවතින සියලුම පුරප්පාඩු ප්‍රමාදයකින් තොරව පිරවීමට රජය කටයුතු කිරීම.

රජය මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම්, ඒ සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ තීරණය ලබා ගැනීම, යන තීරණ ඒ සඳහා ඇතුළත් ෴

+++

මාලිමාවට යුතුකමක් තියෙනවා අපි කැප කිරීම් කරලා දිනපු ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි කරලා යන්න (31.08.2026)

++


වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463 ක්

(31.08.2026 – hirunews.lk)

කොළඹ වරායේ තිබී සොයාගන්නා ලද බහාලුම තුළ අඩංගු ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයේ බර මේ වන තෙක් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව කිලෝග්‍රෑම් 463 ක් බව පොලීසිය පවසනවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ ගණනය කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි ෴

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර ඒ අනුවයි අද මේ බහාලුම් විවෘත කෙරුණේ.

+++

පොලිසියට ලැබුණු ඔත්තුව තිතටම වැඩ කරලා | සැක කන්ටේනරයේ තිබිලා රු. කෝටි 800 ක අයිස් මාට්ටු (31.08.2026)

++

වරායේ රු. කෝටි 800 ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු (2) ඇතුළු 3 ක් අත්අඩංගුවට

(31.08.2026 – hirunews.lk)

කොළඹ වරායේදී සොයාගත් කිලෝග්‍රෑම් 463 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයේ සිද්ධියට අදාළව පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් කොළඹ පිහිටි හෝටලයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී සොයාගත් ‘අයිස්’ බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800 කට අධික බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන කියා සිටියේ.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට පසුගිය 17 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගත්තා.

ඒ අනුව, අද (31) මෙම බහාලුම් විවෘත කළ අවස්ථාවේ තුවා පැකට් ලෙස ඇසුරුම් කර තිබියදී මේවා සොයාගත් අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴


මන්නාරමේ තෙල් නිධි, ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන මාලිමාව කියන්න බය කතාව මෙන්න (31.08.2026)

+


මහා පෑවිල්ල නිසා වතුර නැතුව බඩගින්නේ ඉන්න හරකුන්ට, රිලවුන්ට කෑම දුන්නු බුදුමුල්ල, පිළපිටිය ගම්වාසීන් (31.08.2026)

+


නාමල් පාර්ලිමේන්තුවේ කතා කරද්දී ජෙප්පෝ බයයි – ඩී.වී. චානක තංගල්ලට ඇවිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි (31.08.2026)

+


තියෙන පලවෙනි ඡන්දේ ආණ්ඩුව ගෙදර යවනවා – නාමල් තංගල්ලට ඇවිත් මාලිමාවට දාපු සද්දේ (31.08.2026)

+


Derana 360 | ඩී.වී. චානක – ජාතික කැඳවුම්කරු – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (31.08.2026)

+


හිරු ටීවී සළකුණ – එල්නිනෝ කාළගුණය – 31.08.2026

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *