මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනා (4) ගෙන් තිදෙනෙකුගේ (3) මළ සිරුරු සොයාගැනේ
‘කුෂ්’ කිලෝ 2 ක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට
කාර්යාලය පිරිසිදු කරන්න ගිය සංවර්ධන නිලධාරිනිය විදුලිසැර වැදී මරුට
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට (31) අධිකරණ කටයුතු නවතී
මඩකලපුවට දිනකට පැය 4 ක් වතුර කැපෙයි
සෙවනගල සීනි කම්හල ළඟ උණුසුම් වෙයි – උඹලට කරන්න බැරි නම් පුළුවන් කෙනෙක්ට දීපියව් (31.08.2026)
සිසුවියක් එක්ක කතාකරපු වරදට පළිය ගත්තද..? ඇහැළියගොඩ කම්පා කළ ‘සිතුම් සත්සර’ ඝාතනය (31.08.2026)
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරි ජයසේකර ගෙන් කථානායකට ලිපියක්
මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනා (4) ගෙන් තිදෙනෙකුගේ (3) මළ සිරුරු සොයාගැනේ
(31.08.2026 – sinhala.adaderana.lk)
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ (1) සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ (2) මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකි.
+++
+
‘කුෂ්’ කිලෝ 2 ක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට
(31.08.2026 – sinhala.adaderana.lk)
හෝකන්දර, වනගුරු මාවත ප්‍රදේශයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (1) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි ෴
කාර්යාලය පිරිසිදු කරන්න ගිය සංවර්ධන නිලධාරිනිය විදුලිසැර වැදී මරුට
(31.08.2026 – sinhala.adaderana.lk)
යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සංවර්ධන නිලධාරිනියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඵලදායිතා පරීක්ෂණ කණ්ඩායමක් පැමිණීම හේතුවෙන් කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ලැබුණු වට්ස්ඇප් පණිවිඩයකට අනුව ඊයේ (30) පස්වරුවේ සේවයට වාර්තා කළ නිලධාරිනියට මෙලෙස විදුලි සැර වැදී ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිශාන්තන් සින්දුප්‍රියා නැමැති 37 හැවිරිදි කාන්තාවකි.
ඇය කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඔසු උයනට ජලය සපයමින් සිට ඇති අතර එහිදී සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.
අනතුරෙන් පසු ඇය වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට (31) අධිකරණ කටයුතු නවතී
(30.08.2026 – hirunews.lk)
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (29) රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇති බව කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම සඳහන් කළා.
එමෙන්ම හෙට (31) දිනයේ අධිකරණ කටයුතු ද ක්‍රියාත්මක නොවන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.
ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බැවින් කිසිදු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ඇතුළු නොවන ලෙස කොළඹ නීතිඥ සංගමය දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
හෙට (31) දිනයට නියමිතව තිබූ සියලුම නඩු විභාග 2026 සැප්තැම්බර් 30 වනදා කැඳවීමට නියමිත බවද සඳහන්.
එමෙන්ම වාරණ නියෝග දීර්ඝ කර ගැනීමට අවශ්‍ය පාර්ශ්වයන්ට රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඒ සම්බන්ධ කටයුතු සිදුකර ගත හැකි බවද කොළඹ නීතිඥ සංගමය දැනුම් දී තිබෙනවා.
ඉදිරි සංවර්ධන කටයුතු සහ අධිකරණ කටයුතු යළි පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද කොළඹ නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළා ෴
එක්සත් ජාතීන්ට මාලිමා ආණ්ඩුව ලබා දුන් පිලිතුරෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හාස්‍යයට ලක්වේ – ‘දිනන දකුණ’ සාමූහිකය
(31.08.2026 – facebook.com/DinanaDakuna/)
== මාධ්‍ය නිවේදනය ==
2026-08-31
එක්සත් ජාතීන් හමුවේ මාලිමා ආණ්ඩුව ලබා දුන් පිලිතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හාස්‍යයට ලක් කරනු ලබන පිලිතුරකි – ‘දිනන දකුණ’ සාමූහිකය.
විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියේජිතවරිය විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හමුවේ ශ්‍රී ලංකා රජය ලබා දී ඇති පිළිතුර හරහා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සැඟවුණු අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇති බව ‘දිනන දකුණ’ සාමූහිකය අවධාරණය කර සිටියි.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම “පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක” කොටසක් ලෙස හුවා දැක්වීමට රජය උත්සාහ කළ ද, ඊට අදාළ කිසිදු ප්‍රතිපත්තිමය ලේඛනයක්, ක්‍රියාකාරී සැලැස්මක් හෝ කැබිනට් පත්‍රිකාවක් ජාත්‍යන්තරය හමුවේ තැබීමට රජය අසමත් වී තිබේ.
මෙම සංශෝධනය හා ඊට අදාළ රජයේ පිළිතුර තුළ පවතින බරපතළ ව්‍යවස්ථාපිත හා දේශපාලන පරස්පරතා පිළිබඳව ‘දිනන දකුණ’ සාමූහිකය මෙරට පුරවැසියන්ගේ අවධානය යොමු කොට සිටී.
රජයේ පිලිතුරට අනුව සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ට ක්ෂණික වරප්‍රසාද ලබා දීම පිලිගෙන තිබේ. ඒ අනුව දැනට සේවයේ නියුතු විනිසුරුවන්ට පමණක් සෘජුව බලපාන පරිදි විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා විධායකය සහ අධිකරණය අතර අනුග්‍රාහකත්ව බැදිමක් සහ ඒ මත බරපතළ ලැදියාවන්ගේ ගැටුමක් නිර්මාණය වන බව තමන් ලබා දුන් පිලිතුර හරහාම ජාත්‍යන්තරයට ඒත්තු ගන්වා තිබේ.
එමගින් පෙන්වන්නේ විදේශ අමාත්‍යංශය වෙත අධිකරණයේ ස්වාධීනත්වය පිලිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඇසුරෙන් තේරුම් ගැනීමට නොහැකිවී ඇති බවකි.
එවැනි පසුබිමක එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ශ්‍රී ලංකා රජයට දන්වා එවන ලද අනතුරු ඇඟවීම – එනම්, 22 සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය විමසීමට සිදුවන්නේ ද එම ප්‍රතිලාභ ලබන විනිසුරුවන්ටම වීම හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය මුළුමනින්ම බිඳවැටීමට හේතුවක් වන බවට එම නියෝජිතවරිය සදහන් කරන ලද කරුණ – රජය විසින් යවන ලද ලිපිය මගින් තහවුරු කොට තිබේ.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය පිටුදැකීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට රජය මෙරට ජනතාවට කියාසිටින මුලා සහගත ප්‍රකාශය එලෙසින්ම කිසිදු බුද්ධිමය චකිතයකින් තොරව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පැවැසීම මාලිමා රජයේ මුග්ධ භාවය තහවුරු කරති.
නිල සංඛ්‍යාලේඛන අනුව සමස්ත නඩු ප්‍රමාදයෙන් 95% ක්ම පවතින්නේ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමේ ය. අධිකරණ පද්ධතියේ පවතින 1,000 කට අධික සහායක කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිඟයන් නොසලකා හරිමින්, ඉහළ උසාවිවල විශ්‍රාම වයස පමණක් දීර්ඝ කිරීමෙන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නඩු ප්‍රමාදයට කිසිදු විසඳුමක් නොලැබෙන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය දත්ත මත පදනම්ව හොදින් දන්නා කරුණකි.
එවැනි පසුබිමක ජාත්‍යන්තරයට බොරු කීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්වීමය.
මෙම සංශෝධනය ගෙන ඒමේදී අදාල ප්‍රතිපත්තිය සමග සෟජුව සම්බන්ධ වන පාර්ශ්වකරුවන් නොසලකා හරිමින් අත්තනෝමතික තීන්දුවක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට කියන්නේ බොරුවකි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විනිසුරුවරුන්, නීති විශාරදයින් හෝ සිවිල් සමාජය සමඟ කිසිදු පූර්ව වටමේස සාකච්ඡාවකින් තොරව මෙම පනත් කෙටුම්පත් රහසිගතව සකස් කර ඇති බවත් පනත් ගැසට් කිරීමෙන් අනතුරුව පවත්වන සාකච්ඡා හුදු ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනයක් නොවන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හොදින් දැන සිටි පසුබිමක ආණ්ඩුවේ මෙම ප්‍රතිචාරයට හිමි වන්නේ හාස්‍ය පමනක් බව කිව යුතුව තිබේ.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තිය මඟින් තහවුරු කර ඇති ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් පිළිබඳ මූලධර්මය මෙමඟින් උල්ලංඝනය වන බවට නියෝජිතවරිය ඉදිරිපත් කරන ලද චෝදනාවට ආණ්ඩුව ලබා දී ඇත්තේ ‘කොහෙද යන්නෙ මල්ලෙ පොල්’ ආකාරයේ පිලිතුරකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය වගන්ති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව මුළා කිරීමට රජයට නොහැකි වන අතර එසේ කරන්නට යාමෙන් සැබවින්ම මුලාවට පත්වන්නේ එසේ මුලා කිරීමට උත්සාහ දරන රජයම බව අප සාමූහිකයේ මතය වන්නේය.
එබැවින්, අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කරමින්, තමන්ගේ අනාගත දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා අධිකරණයට වරප්‍රසාද ලබා දීමට දරන මෙවැනි උත්සාහයන් මගින් ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට දරන උත්සාහය වහා නතර කරන ලෙසත්, සැබෑ අධිකරණ ප්‍රතිසංස්කරණයක් ගෙන එමින් පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම ඇතුළු ප්‍රායෝගික ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාවට නංවමින් ජාත්‍යන්තරයේ විශ්වාසය හරයාත්මකව දිනාගැනීමට කටයුතු කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය රජයට අවධාරණය කොට සිටියි.
— දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව ෴
මඩකලපුවට දිනකට පැය 4 ක් වතුර කැපෙයි
(31.08.2026 – sinhala.adaderana.lk)
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ උනච්චි වැවේ ජල මට්ටම පහළ යාමත් සමඟ ප්‍රදේශයේ ජල සැපයුම දිනකට පැය 4 ක කාලයක් සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සභාපති ඒ.එම්.පී.සි.ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, උනච්චි වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් දිනපතා පෙරවරු 11:00 සිට පස්වරු 03:00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවය.
කෙසේ වෙතත්, දිවයින පුරා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එම මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ දිනකට ජලය ඝන මීටර් ලක්ෂ 28 ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉන් සියයට 23 ත් 24 ත් අතර ප්‍රමාණයක් මහා ජලාශවලින් ලබාගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.
තවත් සියයට 65 කට ආසන්න ප්‍රමාණයක් ගංගා සහ ඇළදොළ ආශ්‍රිත ජල මූලාශ්‍රවලින් ලබාගන්නා බවත්, ඉන් ඝන මීටර් ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවත් ඔහු පැවසීය.
දිවයින පුරා ලබාගන්නා ජලයෙන් තුනෙන් එකකට (1/3) ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, වියළි කාලගුණ තත්ත්වයෙන් යම් බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පමණක් බව සභාපතිවරයා සඳහන් කළේය.
මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගම ප්‍රදේශවල ජල මූලාශ්‍රවල ජල හිඟයක් පවතින බැවින් ජල සැපයුම පාලනය කරමින් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය ෴
සෙවනගල සීනි කම්හල ළඟ උණුසුම් වෙයි – උඹලට කරන්න බැරි නම් පුළුවන් කෙනෙක්ට දීපියව් (31.08.2026)
+
සිසුවියක් එක්ක කතාකරපු වරදට පළිය ගත්තද..? ඇහැළියගොඩ කම්පා කළ ‘සිතුම් සත්සර’ ඝාතනය (31.08.2026)
+
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරි ජයසේකර ගෙන් කථානායකට ලිපියක්
(31.08.2026 – sinhala.adaderana.lk)
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද (31) ලිපියක් යොමුකර තිබේ.
ඒ, අදාළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ කථානායකවරයාගෙන් විමසමිනි.
= උපුටා ගැනීම =
“මෑත කාලීනව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගරු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු විසින් වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් බරපතළ ස්වභාවයේ කරුණු හා චෝදනා කිහිපයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කර තිබේ.
එම කරුණු අතර,
අගවිනිසුරුතුමාගේ පුත්‍රයා ලෙස සඳහන් වන දිමුතු සූරසේන මහතා සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ රුපියල් මිලියන 185 ක් පමණ වටිනා මහල් නිවාසයක් ලබාගැනීම හෝ හිමිකරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ කරුණු,
එම දේපළ අත්පත් කරගැනීමේ ස්වභාවය, මූලාශය සහ අදාළ වත්කම් ප්‍රකාශ සමඟ එහි ඇති සම්බන්ධතාව පිළිබඳ මතු කර ඇති ප්‍රශ්න,
X-Press Pearl නඩුව හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගවිනිසුරුතුමාගේ කාර්යභාරය, අධිකරණ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය හෝ ප්‍රමාදය පිළිබඳ මතුකර ඇති කරුණු ඇතුළත් වේ.
ඒ අනුව ඔබතුමාගෙන් පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඉහත සඳහන් චෝදනා හෝ ඒ හා සමාන කරුණු සම්බන්ධයෙන් කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් පාර්ලිමේන්තුවට හෝ ඔබතුමාට කරුණු ඉදිරිපත් කර හෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි හෝ ලේඛන සභාගත කර තිබේද?
එසේ ඉදිරිපත් වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ඔබතුමා විසින් මේ වන විට කිසියම් මූලික පරීක්ෂණයක්, විමසීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන්, ඒවා සත්‍යද, අසත්‍යද යන්න තහවුරු කරගැනීම සඳහා අදාළ නීතිමය බලය ඇති ස්වාධීන ආයතන වෙත කරුණු යොමු කර තිබේද?
X-Press Pearl නඩුව හා ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු කර ඇති කරුණු පිළිබඳව රජයේ අදාළ ආයතනවලින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසියම් නිල පැහැදිලි කිරීමක් ලබාගෙන තිබේද?
= උපුටා ගැනීම අවසන් =
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴