ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්වත් කිරීමක්

ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්වත් කිරීමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි

අනුර කුමාර අධිකරණය අත්අඩංගුවට ගන්න යන්නේ – ජනතාව ළඟට යන්න බෑ පච කියලා බලය ගත්තේ (30.08.2026)

ජනාධිපති ලේකම් කියන්නේ පට්ට හොරෙක් – හොර බඩු 600 ක් එක්ක කන්ටේනරයක් පන්නලා (30.08.2026)

උමා ඔයේ හිලක් කිව්වා – හම්බන්තොට ගලක් කිව්වා – මෙහෙම තමයි ජෙවීපී එක සංවර්ධනය විනාශ කළේ (30.08.2026)

බලන් ඉන්න ඇමති අකමැති මයික් තව වැඩිවෙනවා – කතරගම වාසනා ඔයාට අමතක ද ? (29.08.2026)

හර්ෂණ ඔයා මහලොකු චණ්ඩියෙක්ද ?? – අධිකරණ ඇමතිට හොඳම එකෙන් මිලින්ද කියලා දෙයි (29.08.2026)

22 ගැන UN නියෝජිතවරියගේ ප්‍රශ්න වලින් ආණ්ඩුව හෙම්බත්?| කවුරුත් නොකළ හෙළිදරව්වක්|ආණ්ඩුවට රිදෙන කතාවක් (30.08.2026)

විපක්ෂයේ හිටපු අනුර කුමරද ජනාධිපති වෙලා ඉන්නේ..? | ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා (30.08.2026)

මාලිමාව පන්නන්න ජන ගඟක් ගාල්ලට – චාමර – රාජිත – පාඨලී ගාල්ල හොල්ලයි (30.08.2026)

ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්වත් කිරීමක්

(30.08.2026 – sinhala.adaderana.lk)

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගයට අනුව, මහජනතාවට පීඩාවක් වන පරිදි ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සාමාන්‍යයෙන් රාත්‍රී 10:00 සිට පසුදින පෙරවරු 06:00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදෙන නමුත්, ආගමික හෝ විශේෂ අවස්ථාවන්හිදී අදාළ කරුණු සලකා බලා නීත්‍යානුකූලව අවසර ලබාදීමට කටයුතු කරනු ලබ‍යි.

පොලිස් අවසරයක් ලබාගෙන ඇති අවස්ථාවලදී සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10:00 දක්වා ද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01:00 දක්වා ද, ඉරිදා දිනවල අලුයම 12:30 දක්වා ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව හිමිවේ.

කෙසේ වෙතත්, මෙම කාලසීමාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අවසරයක් තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා වන පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

අවසර ලබාදී ඇති අවස්ථාවලදී කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි අධීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් ලැබී ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම ක්‍රියාව වහාම නතර කිරීමට දැනුම් දෙනු ලැබේ.

පොලිස් දැනුම්දීම නොතකා තවදුරටත් අධික ශබ්දයෙන් යුතුව කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

එබැවින් නීතිවිරෝධී ලෙස හෝ මහජනයාට පීඩාවක් වන පරිදි සිදුකරන අධික ශබ්ද නිකුත් කිරීම් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118, 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි

(30.08.2026 – hirunews.lk)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) තීරණය කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය රැකගැනීම උදෙසා ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහායි එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම‍යේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවත් ඉදිරියට රජයේ නීතිඥ සංගමය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ ෴

අනුර කුමාර අධිකරණය අත්අඩංගුවට ගන්න යන්නේ – ජනතාව ළඟට යන්න බෑ පච කියලා බලය ගත්තේ (30.08.2026)

+

ජනාධිපති ලේකම් කියන්නේ පට්ට හොරෙක් – හොර බඩු 600 ක් එක්ක කන්ටේනරයක් පන්නලා (30.08.2026)

+

උමා ඔයේ හිලක් කිව්වා – හම්බන්තොට ගලක් කිව්වා – මෙහෙම තමයි ජෙවීපී එක සංවර්ධනය විනාශ කළේ (30.08.2026)

+

බලන් ඉන්න ඇමති අකමැති මයික් තව වැඩිවෙනවා – කතරගම වාසනා ඔයාට අමතක ද ? (29.08.2026)

+

හර්ෂණ ඔයා මහලොකු චණ්ඩියෙක්ද ?? – අධිකරණ ඇමතිට හොඳම එකෙන් මිලින්ද කියලා දෙයි (29.08.2026)

+

22 ගැන UN නියෝජිතවරියගේ ප්‍රශ්න වලින් ආණ්ඩුව හෙම්බත්?| කවුරුත් නොකළ හෙළිදරව්වක්|ආණ්ඩුවට රිදෙන කතාවක් (30.08.2026)

+

විපක්ෂයේ හිටපු අනුර කුමරද ජනාධිපති වෙලා ඉන්නේ..? | ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා (30.08.2026)

+

මාලිමාව පන්නන්න ජන ගඟක් ගාල්ලට – චාමර – රාජිත – පාඨලී ගාල්ල හොල්ලයි (30.08.2026)

+++

+++

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *