වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු (2) අල්ලයි
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
මේ ඊනියා සමාජවාදියෝ රට ගෙනයන්නේ කොයිබටද ? (28.08.2026)
පොලිසියට පුලුවන්ද මෙහෙම මිනිස්සුන්ට ගහන්ඩ ? මුං ජේවීපීකාරයෝ ද ? (27.08.2026)
‘ස්ටෑන්ඩ් බයි’ කරලා තියාගෙන හිටපං පොඩි චිත්‍රපටියක් යනවා… ගියොත් කොහේ හරි ආතල්ම විතරයි (28.08.2026)
පාතාලයෝ අහුරක් අහුවුණු ඩුබායි මෙහෙයුමේ ඇත්ත! එක්කෙනෙක් රකින්න ගිහින් වැඩේ වැරදුනා! (27.08.2026)
දිනේෂ් සාෆ්ටර් මරණයේ සුලමුල රස පරීකෂකට පැවරේ! ශිරාන් නගර සභාවකට අපේක්ෂයෝ පත් කරලා! (28.08.2026)
හිටගෙන ඉන්න 5000 යි ජනමතේ කැම්පේන් එකට මම කැමති ඇයි ? (27.08.2026)
නබි නීතිය සහ අනුරගේ භීතිය (27.08.2026)
76 ශාපය ඉවරයි තෙල් , ගෑස් ගෙදරටම (28.08.2026)
අවුරුදු 2 ක් තිස්සේ FB ගිණුමකින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණූ වයස අවුරුදු 22 ක තරුණයකු අත්අඩංගුවට
(28.08.2026 – hirunews.lk)
සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු 2 ක සිට මුහුණු පොත හරහා ගිණුමක් සාදා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු රු. ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) නියෝග කළා.
ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
වයස අවුරුදු විසිදෙකක් (22) වයසැති තරුණයකු මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ළමා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුලු නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක් (2) තිස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙලෙස කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විකුණා මුදල් උපයා ඇති බවයි.
මෙම සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට 8000 කට අධික පිරිසක් දක්නට ලැබෙන බවයි ළමා හා කාන්තා කාර්යාංශය දන්වා සිටියේ ෴
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු (2) අල්ලයි
(28.08.2026 – hirunews.lk)
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු (2) කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ, ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී සොයාගත්තා.
සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව, සීගිරිය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙම චීන ජාතිකයින් දෙදෙනා (2) ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ ෴
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
(28.08.2026 – hirunews.lk)
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට තවදුරටත් පහළ යමින් පවතිනවා.
ඒ අනුව, සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය සියයට 18 ක් දක්වා අඩු වී ඇති අතර, හුරුළු වැවේ ජල මට්ටම දැක්වුණේ සියයට 24 ක් ලෙසයි.
එමෙන්ම ඇතිමලේ වැව සියයට 5 ක්ද, මොරවැව සියයට 9 ක්ද, වෙහෙරගල ජලාශය සියයට 15 ක්ද, කවුඩුල්ල වැව සියයට 20 ක්ද, පදවිය වැව සියයට 22 ක්ද, තබ්බෝව වැව සියයට 28 ක් වශයෙන්ද ජල ධාරිතාවය අඩු වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, අද (28) දිනයේදීත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක් ගනු ඇති ෴
ආධ්‍යාත්මික නායකයා මෙහෙම නං, අනිත් එවුන් කොහොම ඇද්ද ? තමන්ටම රැවටිලා බොරු කියන ජේවිපිකාරයෝ (28.08.2026)
+
මේ ඊනියා සමාජවාදියෝ රට ගෙනයන්නේ කොයිබටද ? (28.08.2026)
+
දැන් රටේ මිනිස්සුන්ට මේ ම්ලේච්ඡ ජේවීපීකාරයො තිත්ත වෙලා.. හැබැයි,පොදු අපේක්ෂකයො නං ගේන්ඩ එපා (27.08.2026)
+
පොලිසියට පුලුවන්ද මෙහෙම මිනිස්සුන්ට ගහන්ඩ ? මුං ජේවීපීකාරයෝ ද ? (27.08.2026)
+
‘ස්ටෑන්ඩ් බයි’ කරලා තියාගෙන හිටපං පොඩි චිත්‍රපටියක් යනවා… ගියොත් කොහේ හරි ආතල්ම විතරයි (28.08.2026)
+
ප්‍රේමකීර්ති හිටියා නං මේ සංවේදී අවස්ථාවට සින්දුවක් ලියයි… සාගරිකා ගෝමස් නිව්ස් එක කියවයි (27.08.2026)
+
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක – ඒක කියන්න බය වෙන්න ඕනද අපි ? – ඤාණසාර හිමි (27.08.2026)
+
පාතාලයෝ අහුරක් අහුවුණු ඩුබායි මෙහෙයුමේ ඇත්ත! එක්කෙනෙක් රකින්න ගිහින් වැඩේ වැරදුනා! (27.08.2026)
+
දිනේෂ් සාෆ්ටර් මරණයේ සුලමුල රස පරීකෂකට පැවරේ! ශිරාන් නගර සභාවකට අපේක්ෂයෝ පත් කරලා! (28.08.2026)
+
හිටගෙන ඉන්න 5000 යි ජනමතේ කැම්පේන් එකට මම කැමති ඇයි ? (27.08.2026)
+
නබි නීතිය සහ අනුරගේ භීතිය (27.08.2026)
+
76 ශාපය ඉවරයි තෙල් , ගෑස් ගෙදරටම (28.08.2026)
+
පෙරහැරේ බයිස්කෝප් (28.08.2026)
+
හැමදාම බලයේ ඉන්න ජවිපපෙට හැකි වෙයි ද? (28.08.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴