කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් ‘හිරු CIA’ අනාවරණය කරයි
හිරු ඇත්ත : බොරැල්ල හංදියේ ඉඳන් ජී.එල්. පීරිස් ගෙදර යන්න දන්නේ නැද්ද? (26.08.2026)
විශේෂ පණිවිඩයක් ! යූ-ටියුබ් බල්ලෙකු ගැන – සමිතා මුදුන්කොටුව ගෙන් (26.08.2026)
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් ‘හිරු CIA’ අනාවරණය කරයි
(26.08.2026 – hirunews.lk)
රැකියා වීසා ලබා දී කැනඩාවේ පදිංචිය සඳහා යොමු කරන බව පවසමින්, ව්‍යාජ ලේඛණ ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ වනවිට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා.
ඩුබායි සිට ක්‍රියාත්මක කරන මෙම ජාවාරමට වැඩි වශයෙන් ගොදුරු කර ගන්නේ තරුණ, තරුණියන් වන අතර අද (26) ‘හිරු CIA’අනාවරණය ඒ පිළිබඳවයි.
කැනඩාවේ රැකියා වීසා ලබා දෙන බව පවසා ද්‍රවිඩ තරුණ තරුණියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට ගොදුරු කර ගැනීමට මුලික සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු විසින්.
ඔහු සමග දුරකථන ඇමතුමකින් සම්බන්ධ වූ කාන්තාවකට කැනඩා රැකියා ලබාදෙන අකාරය අදාළ පුද්ගගලයා හෙළි කර තිබුණා.
එහිදී ඔහු පවසා තිබුණේ කොළඹ ඉන්න දෙන්නෙක් (2) එක්ක කතා කරන ලෙසයි.
ඒ දෙන්නා වයසක දෙන්නෙක් බවත් ඔවුන් දෙන්නා පවසා තිබුණේ සම්පූර්ණ මුදල රු. ලක්ෂ 45 ක් බවයි.
ඒ අනුව වයස්ගත පුද්ගලයින් දෙදෙනා, කැනඩා රැකියා බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන් කොළඹට කැඳවා ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබුණා.
මේ අතර ඇඟිලි සලකුණු සඳහා මෙන්ම වීසා හා ගුවන් ටිකට්පත් සඳහා ද මෙම ජාවාරමට සම්බන්ධ වයස්ගත පුද්ගලයින් දෙදෙනා (2) රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් තරුණයින්ගෙන් ලබාගෙන තිබෙනවා.
අවස්ථා ගණනාවකදී කැනඩා රැකියා සඳහා තරුණයින්ගෙන් මුදල් ලබාගත් මෙම පුද්ගලයින් පසුව දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදී තරුණයින් මඟහැර තිබෙනවා.
ඒ අනුව, මෙම රැකියා වීසා පිළිබඳව සැකසිතූ තරුණයින් මෙරට කැනඩා තානාපති කාර්යාලයට මෙම වීසා රැගෙන ගොස් විමසීමේදී එහි නිලධාරීන් පවසා ඇත්තේ මේවා ව්‍යාජ ලෙස සකස් කළ වීසා බවයි.
මෙම ව්‍යාජ කැනඩා වීසා ජාවාරම ‘හිරු CIA’ හරහා හෙළිකරන බව අනාවරණ වීමත් සමග අදාළ කාන්තාවට වට්ස්ඇප් හරහා හඬපටයක් යොමු කරමින් ඩුබායි හි සිටින ප්‍රධාන ජාවාරම්කරු තර්ජන එල්ල කර තිබුණේ.
“තෝ දැනගනින්, තෝ ඉන්න තැන මම ඔක්කොම දන්නවා වැඩිය දඟලන්න එපා. අපි කවුද කියලා උඹ දන්නෙත් නැහැ. උඔට වැඩිය මිනිස්සු මං දැකලත් තියනවා. උඹට වැඩිය මිනිස්සුන්ගෙන් මං සල්ලි අරගෙනත් තියනවා. වැඩිය දඟලන්න එපා.. එච්චරයි” යනුවෙන් පවසමින්.
මෙම ජාවාරම්කරුවන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ විය හැකි බැවින්, අපගේ මෙම අනාවරණය ඒ පිළිබඳව දැනුවත් කර, ඔබ ඉන් මුදා ගැනීම සඳහායි.
හිරු ඇත්ත : බොරැල්ල හංදියේ ඉඳන් ජී.එල්. පීරිස් ගෙදර යන්න දන්නේ නැද්ද? (26.08.2026)
+
විශේෂ පණිවිඩයක් ! යූ-ටියුබ් බල්ලෙකු ගැන – සමිතා මුදුන්කොටුව ගෙන් (26.08.2026)
+
ඩොක්ටගේ වාහනයට යට වුණු කාන්තාව.. සියල්ල CCTV කැමරාවේ
(26.08.2026 – sinhala.adaderana.lk)
මහාචාර්ය විශේෂඥ වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක කාන්තාවක් ගැටී මෙම අනතුර සිදුවී තිබුණි. ඒ, අම්බලන්ගොඩ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිරිපිටදී ය.
+
තුලා කූට : මුන් වී කිරන්නේ 20 Kg ක් අඩුව කපටියෝ – හොරට වී කිරපු සෙට් එක ගොවියෝ අල්ල ගනියි (26.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴