දුම්රිය සේවකයින්ට රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය තහනම් කෙරේ
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධිය – SI ට ස්ථාන මාරුවක්
ජනාධිපති රට වටේ ගිහින් මුට්ටිය දාලා බලනවා – ඇමතිලා සේරම දැන් ඇනගෙන ඉවරයි (26.08.2026)
VVIP පල්ලේගම, ආවාස ගෙට ආ අබිරහස් ලලනාව? සිසුවියගේ මව සැඟවූ රහසක් එළියට (26.08.2026)
දුම්රිය සේවකයින්ට රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය තහනම් කෙරේ
(26.08.2026 – sinhala.adaderana.lk)
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන හෙයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් ය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය මෙම නව චක්‍රලේඛය යටතේ හිමිවී තිබේ.
මීට අමතරව එම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා තිබේ.
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධිය – SI ට ස්ථාන මාරුවක්
(26.08.2026 – sinhala.adaderana.lk)
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරයයි.
පොලීසිය සඳහන් කළේ, එම වීඩියෝවේ පියා ලෙස හඳුන්වා ඇති වියපත් පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරමින් සිටීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා පලායාමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇදවැටීමෙන් තුවාල සිදුවී රුධිර වහනයක් ඇතිවූ බවට වීඩියෝ දර්ශනවලින් පෙනී යන බවද පොලීසිය පැවසීය.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා ඊයේ (25) අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔහු බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විමර්ශනයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලීසිය සඳහන් කරයි.
+++
මගේ මූණට ‘ගන්’ එක තියලා බය කරා – පොලිසියේ අය හොඳටම බීලා හිටියේ
+
ජනාධිපති රට වටේ ගිහින් මුට්ටිය දාලා බලනවා – ඇමතිලා සේරම දැන් ඇනගෙන ඉවරයි (26.08.2026)
+++
+++
22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඉරාජ් එක්ක මිලින්ද උසාවි එයි (25.08.2026)
+
VVIP පල්ලේගම, ආවාස ගෙට ආ අබිරහස් ලලනාව? සිසුවියගේ මව සැඟවූ රහසක් එළියට (26.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴