රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
බුලත් කෙළ ගැසූවන්ටයි, මූත්‍ර කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට : අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
මොකද ඔච්චර හයියෙන් | බදුල්ලේ වෛද්‍යවරයාගේ අවසන් මොහොත ගැන සංවේදී කතාව හෙළිවෙයි (25.08.2026)
රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට
(25.08.2026 – hirunews.lk)
රත්මලාන ගුවන්තොටුපොළේ ගොඩබෑමේදී පුහුණු ගුවන් නියමු සිසුවෙකු විසින් පදවන ලද සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් ගුවන් යානයේ නියමුවාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් ගුවන් යානයට හානි සිදුව ඇති අතර, මේ වනවිට රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය තාවකාලිකව අවහිර වී තිබෙනවා.
අනතුරට ලක්වූ ගුවන් යානය ඉවත් කර ගුවන් ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට නිෂ්කාශන කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.

+
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
(25.08.2026 – hirunews.lk)
2027 වර්ෂය සඳහා සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,
- අලුත් අවුරුදු උදාව : අප්‍රේල් 14 වන බදාදා අපරභාග 03:29 යි.
- පුණ්‍ය කාලය : අප්‍රේල් 14 වන බදාදා පූර්වභාග 09:05 සිට එදින අපරභාග 09:53 දක්වා යෙදී තිබෙනවා.
- ආහාර පිසීම : අප්‍රේල් 14 වන බදාදා අපරභාග 06:18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සිදුකරන ලෙසයි එම නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.
- වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය : අප්‍රේල් 14 වන බදාදා අපරභාග 08:18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සිදුකෙරෙනු ඇති.
- හිසතෙල් ගෑම : අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07:04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා ස්නානය කිරීම සුදුසු යි.
- රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම : අප්‍රේල් 21 වන බදාදා පූර්වභාග 06:15 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම සුදුසු යි ෴
බුලත් කෙළ ගැසූවන්ටයි, මූත්‍ර කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
(25.08.2026 – hirunews.lk)
පිටකොටුව බස් නැවතුම්පොළේ බුලත් කෙළ ගැසීම, මූත්‍ර කිරීම ඇතුළු වැරදි සිදු කළ අය 1,029 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් නලින් වැවකුඹුර පැවසුවා.
අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, එසේ හඳුනාගත් පිරිස ප්‍රජා සේවයේ යොදවා එම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කළ බවයි.
එසේම ඇතැම් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද මෙසේ බුලත් කෙළ ගැසීම සහ මූත්‍ර කිරීම සිදු කරන බව ද වාර්තා වී තිබෙනවා.
මහජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් පිටකොටුව බස් නැවතුම්පොළේ CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළා.
මේ හේතුවෙන් මෙසේ වැරදි කරන පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට : අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
(24.08.2026 – hirunews.lk)
නුවරඑළිය නාගරික සීමාව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් දුරකථන සම්බන්ධතා රැහැන් කපා, ඒවායේ ඇති තඹ කම්බි ඉවත් කර සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු (2) නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, නුවරඑළිය ඉහළ වැව පාර සහ සඳතැන්න ඇතුළු ප්‍රදේශවල පසුගිය මාස පහකට (5) ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් සම්බන්ධතා රැහැන් කපා තඹ කම්බි සොරකම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා පහක (5) දී පොලිසියට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය විසින්, රැහැන්වලින් ඉවත් කරන ලද තඹ කම්බි කිලෝග්‍රෑම් තුනක් (3), තඹ නොවන කම්බි අඩි 344 ක්, තඹ කම්බි ඉවත් කර තිබූ රබර් ආවරණ තොගයක් සහ කම්බි කැපීම සඳහා විශේෂයෙන් සකස් කළ බවට සැක කෙරෙන පිහි දෙකක් (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සොරකම් කරන ලද තඹ සහ අනෙකුත් ද්‍රව්‍යවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, අධිකරණයට නඩු භාණ්ඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් කඳපොළ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් සහ හාලිඇල ප්‍රදේශයේ සිට දෛනික කුලී වැඩ සඳහා නුවරඑළියට පැමිණ හාවාඑළිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 30 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන අගෝස්තු 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස නියෝග කර තිබෙනවා ෴
මොකද ඔච්චර හයියෙන් | බදුල්ලේ වෛද්‍යවරයාගේ අවසන් මොහොත ගැන සංවේදී කතාව හෙළිවෙයි (25.08.2026)
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴