සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි – රියදුරු මරුට – ප්‍රදේශවාසීන් දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණයක

සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි – රියදුරු මරුට – ප්‍රදේශවාසීන් දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණයක

“මට කලින් ඔයා මැරෙන්න එපා! මට ඉන්න බෑ” – මිහිර සිරිතිලක ගෙන් බිරිඳ කළ ඉල්ලීම හමුවේ වැඩසටහන මොහොතකට නවතී (23.08.2026)

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි


සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි – රියදුරු මරුට – ප්‍රදේශවාසීන් දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණයක

(23.08.2026 – sinhala.adaderana.lk)

අද (23) සවස 05:30 ට පමණ අලුත්ගම පොලිස් වසමට අයත් ගනේගම පුරාණගම පන්සල අසල ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී සිදු වූ බිහිසුණු අනතුරකින් තරුණයෙකු (1) මියගොස් තවත් අයෙකු (1) බරපතල තුවාල ලබා තිබේ.

ඒ සමඟම ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස්කර දැඩි විරෝධතාවක නිරත වී ඇත.

ඒ අදාළ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක ගේට්ටුවක් නොමැති බවත්, ක්‍රියාත්මක වන්නේ වර්ණ සංඥා පද්ධතියක් සහ නාදවීම් පමණක් බවට චෝදනා කරමින්.

ඔවුන් පවස්නේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවන නමුත් බලධාරීන් මේ සඳහා කිසිදු පිළියමක් යොදා නොමැති බවය.

මෙම විරෝධතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

පසුව අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලදාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින්, සතියක් තුළ මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමට සාකච්ඡාවක් ලබා දෙන බවට දුන් පොරොන්දු මත ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය අත්හැර දමා තිබේ.

ඒ අනුව, මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇත.

අලුත්ගම දෙස සිට දර්ගා නගරය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක්, මරදාන දුම්රිය ස්ථානයෙන් අද සවස පිටත් වූ ‘සාගරිකා’ සීග්‍රාමීය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ වයස අවුරුදු 22 ක් වූ මීගම ප්‍රදේශයේ පදිංචි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව අලුත්ගම පොලීසිය පවසයි.

අනතුර සිදුවන ආකාර එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබේ.

+


“මට කලින් ඔයා මැරෙන්න එපා! මට ඉන්න බෑ” – මිහිර සිරිතිලක ගෙන් බිරිඳ කළ ඉල්ලීම හමුවේ වැඩසටහන මොහොතකට නවතී (23.08.2026)

+


අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි

(24.08.2026 – hirunews.lk)

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ මෘත ශරීරය හමුවේ. බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව සිටියදී සිදුකළ සෙවුම් මෙහෙයුමකදී, ඔහුගේ මෘත ශරීරය අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලීසිය පවසනවා.

මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වියානා ඇළ අසල අතහැර දමා තිබූ මෝටර් රථයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබුණා.

ඊයේ (23) රාත්‍රියේ සිට එම ස්ථානයේ නවතා තිබූ මෝටර් රථය අතුරුදන් වූ වෛද්‍යවරයාට අයත් එකක් බවට හඳුනාගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලීසිය එකතුව සෙවුම් මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

වාහනය නවතා තිබූ ස්ථානයට ආසන්නයේ වූ වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ මෘත ශරීරය හමු වී ඇති අතර, සිරුර අසල තිබී ඖෂධ පෙති වර්ගයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *