මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කලු සල්ලි එහා මෙහා කළ බැංකු ලොක්කන් පස්සෙන් CID පන්නයි
වලවේ ගඟ සිඳේ.. අම්බලන්තොට ජල පවිත‍්‍රාගාරය නවතී.. ප‍්‍රදේශ රැසකට වතුර නෑ…
පහුගිය ආණ්ඩුවල තිබුනේ තනි තනි හොරකම්.. දැන් කල්ලියක්ම එකතු වෙලා හොරකම් කරනවා..
හදිසියේම පැලවත්තේ #ක රත්වෙයි… අනුර කුමාර 68 ලක්ෂය සොයා පාරට බහින්න තීරණය කරයි (23.08.2026)
අන්තරේ එවුනුත් දැන් ‘අයිස්’ ගහනවද ? හැප්පිලා බලමු කියලත් කිව්වා වගේ මතකයි (23.08.2026)
ලංකාවට වෙන්න යන නස්පැත්තිය ගැන සුපිරි විග්‍රහය මෙන්න (23.08.2026)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කලු සල්ලි එහා මෙහා කළ බැංකු ලොක්කන් පස්සෙන් CID පන්නයි
(23.08.2026 – lankacnews.com)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගනුදෙනු බැංකු හරහා සිදුකිරීමට පහසුකම් ලබාදී ඇතැයි කියන ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ප්‍රධානීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදෙස් රටවල සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් කිහිපදෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයේදී අදාළ චෝදනා එල්ල වන බැංකු ප්‍රධානීන් කිහිප දෙනකු ළඟඳීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන මත අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුගෙන්, මුදල් ගනුදෙනු සිදුකරන ලද ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී අදාළ ජාවාරම්කරුවන් මුදල් ගෙනුදෙනු ඇතැම් බැංකු හරහා සිදුකිරීමට එම ආයතනවල උසස් නිලධාරීන් අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් යම් පුද්ගලයකු බැංකු හරහා වැඩි මුදලක් යම් ගිණුමකට හුවමාරු කිරීමට යාමේදී ඒ සඳහා හේතු දැක්වෙන කරුණු ඉදිරිපත් කළ යුතුයි.
නමුත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනින් මුදල් ඇතැම් බැංකු හරහා හුවමාරු කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
එම කරුණු මත බැංකු හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇතැයි කියන බැංකු ප්‍රධානීන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළා” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවැසීය ෴
වලවේ ගඟ සිඳේ.. අම්බලන්තොට ජල පවිත‍්‍රාගාරය නවතී.. ප‍්‍රදේශ රැසකට වතුර නෑ…
(23.08.2026 – lankacnews.com)
වලවේ ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ පානීය ජල පිරිපහදු කටයුතු අද (23) පස්වරුවේ සිට තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වලවේ ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ගඟේ ජලය ගලා යාම අවම වී ඇති අතර, මේ හේතුවෙන් පවිත්‍රාගාරය ආශ්‍රිත ජලය කළු පැහැ ගැන්වී තිබේ.
මෙලෙස ජලය අපවිත්‍ර වීම හේතුවෙන් එය පිරිපහදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
ජල පිරිපහදු කිරීම සහ බෙදා හැරීමේ කටයුතු මෙලෙස අත්හිටුවීම හේතුවෙන් අම්බලන්තොට, මිරිජ්ජවිල, හුංගම, නෝනාගම, බටඅත, අඟුණකොළපැලැස්ස සහ බරවකුඹුක ඇතුළු නගර සහ ඒ අවට ගම්මාන රැසක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇත.
මේ පිළිබඳව අප කළ විමසීමකදී ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරු ජගත් ස්වර්ණතිලක මහතා සඳහන් කළේ, වලවේ ගඟේ ජලය බැස යාමක් සිදු නොවීම හේතුවෙන් පවිත්‍රාගාරයට ඉහළ සහ පහළ කොටස්වල ජලය මෙලෙස කළු පැහැ ගැන්වී ඇති බවයි.
පවතින තත්ත්වය මත ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, යථා තත්ත්වයට පත් වූ වහාම ජල සැපයුම ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴
පහුගිය ආණ්ඩුවල තිබුනේ තනි තනි හොරකම්.. දැන් කල්ලියක්ම එකතු වෙලා හොරකම් කරනවා..
(23.08.2026 – lankacnews.com)
පසුගිය ආණ්ඩු යටතේ හොරකම් සිදුවූ බවත් ඒවා සමස්ත පාලනයක් ලෙස නොව එක් එක් පුද්ගලයන් සිදුකළ හොරකම් බවත් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයතනිකගතව හොරකම් කරන පාලනයක් රටට ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
ගල් අඟුරු වංචාව, ඩොලර් මිලියන 2.5 වංචාව, ඩීසල් මිලදී ගැනීමේ වංචාව ආදි කිසිවක් රාජ්‍ය ප්‍රධානියා සහ පැලවත්ත ප්‍රධානියා නොදැන සිදුකළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.
පසුගිය පාලන කාලවල තනි තනි පුද්ගලයන් හොරකම් කළද එය දැන් තනි පුද්ගල හොරකම් වෙනුවට සමස්ත පද්ධතියම හොරකම් කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.
2010 සිට දූෂණ විරෝධී කණ්ඩායම් සමග කටයුතු කරන පුද්ගලයෙකු ලෙස තමන්ට නොබියව එය කිව හැකි බවද ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘හිරු බලය’ සංවාදයට එකතු වෙමිනි.
හදිසියේම පැලවත්තේ #ක රත්වෙයි… අනුර කුමාර 68 ලක්ෂය සොයා පාරට බහින්න තීරණය කරයි (23.08.2026)
+
අන්තරේ එවුනුත් දැන් ‘අයිස්’ ගහනවද ? හැප්පිලා බලමු කියලත් කිව්වා වගේ මතකයි (23.08.2026)
+
ඇය පැතූ ලෝකය මිනීමරු ජේවීපීකාරයෝ නැති එකක් බව පැහැදිලියි… මේක සටන් පාඪයක් නැති විපක්ෂයක් (23.08.2026)
+
program එක කරලා යද්දි මාව මරල දාන්න පුළුවන්. බන්ධනාගාරේ නිලධාරින් විසින් මරා වලදමනු ලැබූ මිනී ගොඩ ගන්න වෙනවා. (23.08.2026)
+
‘බස් ලලිත්’ අල්ලන්න සහ ගේන්න රටම නොදත් CID මෙහෙයුම! ශිරාන්ගේ කළු සල්ලි සුදුකළ ගුරාගේ ඩොලර් වගයක් අල්ලයි (23.08.2026)
+
ලංකාවට වෙන්න යන නස්පැත්තිය ගැන සුපිරි විග්‍රහය මෙන්න (23.08.2026)
+
Hiru TV Balaya Live | Episode 655 | 2026-08-20
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴