ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටිමින් රු. කෝටි ගණනක මුදල් වංචාකල කාන්තාවක් රිමාන්ඩ්
පල්ලේගම වල්සාදුගෙ ශුක‍්‍රාණු පාපිස්සේ තැවරී තිබූ බව DNA තහවුරුකරයි – වල්සාදුවාට තවත් ගෑණු ?
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටිමින් රු. කෝටි ගණනක මුදල් වංචාකල කාන්තාවක් රිමාන්ඩ්
(22.08.2026 – hirunews.lk)
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා රු. කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවකුගෙන් පසුගිය මැයි මාසයේදී ලද පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් මෙම විමර්ශන ආරම්භ කර තිබූ අතර, අදාළ සැකකාරිය පවසා ඇත්තේ තමන් රත්මලාන ගුවන්තොටුපළේ ගුවන් නියමුවරියක් බවයි.
තම ඥාතීන් විදෙස් රටවල සේවය කරන අතර, ඒ අනුව විදෙස් රැකියා ලබාදීමේ අවස්ථාවක් පවතින බවත් පවසා ඇය ඔහුගෙන් මුදල් වංචා කර තිබෙනවා.
බස් රථ හිමිකරු විසින් ඔහුගේ බස් රථයක් විකුණා රුපියල් ලක්ෂ 60 ක මුදලක් සැකකාරියට ලබා දී ඇති අතර, එම මුදල් ලබා ගැනීම සඳහා සැකකාරිය ව්‍යාජ ලෙස ගුවන් හමුදා නිල ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත්, අදාළ සැකකාරිය මුදල් ලබා ගැනීමෙන් පසු විදෙස්ගත වූ බව පවසා බස් රථයේ හිමිකරු මගහැර සිටිම හේතුවෙන් බස් රථයේ හිමිකරු විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව, කුරුණෑගල ප්‍රදේශයේ දී පසුගියදා සැකකාරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා.
මෙම සැකකාරිය විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට (1,35,00,000) අධික මුදලක් අවස්ථා කිහිපයකදීම අදාළ බස් රථ හිමිකරුගෙන් ලබා ගෙන ඇති අතර, මීට පෙර ද විදෙස් රැකියා ලබා දෙන මුවාවෙන් මාතර ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 22 ක මුදලක් ලබා ගෙන තිබෙනවා.
එම මුදල් වංචාව සම්බන්ධයෙන් ද කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු පොලිස් ස්ථාන 15 කට පැමිණිලි ලැබී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴
පල්ලේගම වල්සාදුගෙ ශුක‍්‍රාණු පාපිස්සේ තැවරී තිබූ බව DNA තහවුරුකරයි – වල්සාදුවාට තවත් ගෑණු ?
(22.08.2026 – lankacnews.com)
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්නට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළව ඉතා තීරණාත්මක විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී ඇති බව Mee Massoo TV යූ ටියුබ් නාලිකාව වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, අදාළ අපරාධය සිදුවූ බව කියන ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් පාපිස්සක තැවරී තිබූ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒවා පල්ලේගම හේමරත්නගේ DNA රටාව සමඟ සැසඳෙන බව තහවුරු වී තිබේ.
වින්දිත දැරිය සිය ප්‍රකාශය මගින් මීට පෙර සඳහන් කර තිබුණේ, තමන් අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව සැකකරු සිය ශුක්‍රාණු එම පාපිස්සෙන් පිස දැමූ බවයි. මෙම DNA වාර්තාව මගින් දැරියගේ එම ප්‍රකාශය සත්‍යයක් බවට විද්‍යාත්මකව සනාථ වී ඇත.
මීට අමතරව, සැකකාර පල්ලේගම හේමරත්න වැඩසිටි ආවාස ගෙයි නාන කාමරය තුළ තිබී කාන්තාවන්ගේ බවට සැක කෙරෙන දිගු කෙස් ගස් කිහිපයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
කෙසේ වෙතත්, එම කෙස් ගස් අදාළ වින්දිත දැරියගේ නොවන බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘Mee Massoo TV’ නාලිකාව පෙන්වා දෙයි.
එමගින් වින්දිත දැරියට අමතරව වෙනත් කාන්තාවන් පවා එම ස්ථානයට පැමිණ ඇති බවට බරපතළ සැකයක් මතු වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම නඩුවට අදාළව මීට පෙර ඉදිරිපත් වූ වාර්තාවලින් දැරියගේ යට ඇඳුම්වල කිසිදු ජෛව සාම්පලයක් නොමැති බව සඳහන් වුවද, මෙම නවතම DNA වාර්තාව නඩුවේ ඉදිරි ගමනට ප්‍රබල සාක්ෂියක් වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විද්වතුන් විශ්වාස කරති.
නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, නඩුව ලබන ජනවාරි මස 08 වනදා නැවත කැඳවීමට නියමිතය.
සැකකාර පල්ලේගම හේමරත්න අධිකරණයට පැමිණෙන අවස්ථාවලදී කළු කරන ලද වීදුරු සහිත වාහන භාවිතා කරමින් රහසිගතව පැමිණීම පිළිබඳවද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශන වාර්තාවක් කැඳවීමට නියෝග කොට තිබේ.
+++
අධිකරණ භූමියට මෙහෙම එන්න පුලුවන්නම් පල්ලේගමට මේ නඩුවට බලපෑම් කරන්න පුලුවන් (22.08.2026)
+++
කතරගම ට්‍රිප් එක ගිහින් මට බැනලා එලවලා, පල්ලේගම හිටපු කාමරේට අල්ලපු කාමරේ අක්කා තනියම හිටියේ (22.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴