විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

රජය 22 සංශෝධනය ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකියි…

ජනපති ලේකම් බරපතල දූෂණයක. රේගු විමර්ශනයෙන් සියල්ල හෙලි වේ. (22.08.2026)


විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

(22.08.2026 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි.

ඒ අනුව උදෑසන 10:00 ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිදු කරන ලදී.

ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 03:30 දක්වා දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.

ඉන්පසුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතය.

අවසන් කටයුතු ප.ව. 05:00 ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.

+++

= සජීව විකාශය =

+


රජය 22 සංශෝධනය ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකියි…

(22.08.2026 – lankacnews.com)

රජය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් පැවසීය.

දැන් යුද්ධයක් නැතත් ඩයස්පෝරාවට ඇති තරම් මුදල් පෙර පරිදිම ලැබෙන බැවින් අදාළ මුදල් රඳවා ගැනීමටනම් ඔවුන් ප්‍රතිඵල පෙන්විය යුතු බවත්, ඒ අනුව විය හැකි දේ කල්පනා කර බැලිය යුතු බවත්, ඔහු කීය.

“අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු” යැයි SOS සංවිධානය විසින් අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍යය සහ 22 වැනි සංශෝධනය තේමාව කර ගනිමින්, විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලන ශාලාවේ පැවැති මහජන සභාව සම්මන්ත්‍රණය අමතමින් නීතිඥවරයා මෙම අදහස් පළ කළේය.

“සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ යුද්ධයක් තිබුණත් නැතත්, රටේ තිබුණු පුරාවිද්‍යාත්මක ස්මාරක ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පන්සල් ගැන ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ලංකාවේ තියෙන සියලුම පුරාවිද්‍යා ස්ථාන සිංහල බෞද්ධ, දෙමළ හෝ මුස්ලිම් නොවේ. ඒවා මේ රටේ මේ රටේ සියලුම මිනිස්සුන්ට අයිති දේවල්. පුරාවිද්‍යා ස්ථානයක් කියලා කියන්නේ මානව සමාජයට අයිති දෙයක්. එහෙම ස්ථානයක් ඩෝසර් කළොත් දවසක් එළි වෙද්දි ආයෙමත් ඒක හදන්න බැහැ. සමහර වෙලාවට ඒ පුරාවිද්‍යා ස්ථානයේ තියෙන්නේ අපේ මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම කාරණයක් වෙන්න පුළුවන්.

ඒ නිසා 22 වැනි සංශෝධනය කියලා කියන්නේත් එවැනි අනතුරකට අත වනන එකක් බව අපි තේරුම් ගත යුතුව තියෙනවා.

මේ සංශෝධනය ගේන්න හදනකොට ඇයි රටක නායකයෙක් “මගේ තනතුර නැති වුණත් මම මේක ගේනවා” කියලා කියන්නේ? “මම අවදානමක් ගන්නවා” වගේ ප්‍රකාශ කරන්නේ ඇයි. මේ දෙය පුංචි දෙයක් වගේ නෙමෙයි එතනදී පේන්නේ. ඒ වගේම අධිකරණයේ මේ වන විට විනිසුරු ධුර හතරක් (4) හිස්. නමුත් ඒ පුරප්පාඩු පුරවන්නේ නැහැ. පුරප්පාඩු පිරවීමට කල් මරන්නේ 22 වන සංශෝධනය අවසන් වෙනකම්.

දැන් ආණ්ඩුවේ වැරැද්දක් පෙන්නුවොත් කියන්නේ, කිය කියා ඉන්නේ නැතුව යන්නකෝ උසාවි කියලයි.ඒ තරම් විශ්වාසයි. ප්‍රතිඵලය සහතිකයි. තීන්දුව අතේ! ඒකනෙ මේ කියන්නේ. 22 වන සංශෝධනය කියන්නේ මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනියන පියවරක්.” යැයි ද නීතිඥ ගාමිණී අල්විස් මෙහිදී වැඩිදුරටත් පැවසීය ෴


ජනපති ලේකම් බරපතල දූෂණයක. රේගු විමර්ශනයෙන් සියල්ල හෙලි වේ. (22.08.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *