සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්

අවුරුදු 3 ක දරුවෙකු මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී මරුට

චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

ඒකාධිපති මාලිමා හොරුන්ට බහුජන බලයෙන් නඩු දායි ! (21.08.2026)

ජේවීපීකාරයින්ගේ ‘නන්දා – මාලිනී ෆොන්සේකා සින්ඩ්‍රෝමය’.. ලතා වල්පොල යූඇන්පී, ජැක්සන් පොහොට්ටුවේ (21.08.2026)

අනුරගේ ඒකාධිපති ගමන නවත්වන්නට රටම එකපෙළට… විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටනට එක්වෙයි (21.08.2026)

22 සංශෝධනය ගෙන ඒමට අමතරව ආණ්ඩුව බෙදුම්වාදයේ ඉල්ලීම් ඉටු කරන හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි (21.08.2026)

පාතාල නායකයෙක් ගේන්න පොලීසිය ඩුබායි යයි! ඉම්රාන්ගේ බාප්පා ඝාතනය කළ වෙඩික්කරුගේ සිරුර අළුත්ගමින්! (21.08.2026)

ත්‍රීමලා සහ නන්දලා (21.08.2026)

සජිත් චන්ද බැංකුවට පයින් ගැහුවද ? (21.08.2026)

ඉංග්‍රීසි බැරි සිරසටද ? නීතිඥ සංගමයටද ? (21.08.2026)

ඡන්ද නෑ – මැ.කො. කොට්ටච්චි (22.08.2026)

සමාජ සංවාද ඉතිරි කර, මිලින වූ නන්දා මාලිනිය (21.08.2026)

සති 6 කට කලින් අධිකරණ ඇමැතිත් නොදන්නා සංශෝධනය ආවේ කොහෙන්ද?

සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්

(22.08.2026 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන, CID භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇය අගෝස්තු මස 20 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට සිය සැමියා නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතළ අවදානමක් ඇති විය හැකි බවය.

ඔහු දිගින් දිගටම රඳවා තබා ගැනීමට සහ සිරගත කිරීමේ තත්ත්වයන්ට විරෝධය පළ කරමින් උපවාසයක් ආරම්භ කිරීමෙන් පසුව, සිය ස්මිපුරුෂයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2026 ජූනි 07 වැනි දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත මාරු කර යවන ලද අතර එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයින්ගේ රැකවරණය සහ ප්‍රතිකාර යටතේ පසුවන බව ලිපියේ දැක්වේ.

හෘද ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ අඩපණ වීම සහ බරපතළ දුර්වලතාව හේතුවෙන්, තම ස්වාමිපුරුෂයාට හෘද සැත්කමකට භාජනය වීමට සිදු වූ බවත්, එහිදී ඔහුගේ හෘදයට ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමක යන්ත්‍රයක් සවි කර ඇති බවත් තමන්ට දන්වා ඇති බවත් එම ලිපියෙන් ඇය පවසයි.

එම පසුබිම තුළ සිය සැමියා දැනට ඉතා අවදානම් සහගත තත්වයක පසුවන බවත්, ඔහුට සමීප, අඛණ්ඩ සහ විශේෂිත වෛද්‍ය නිරීක්ෂණ හා අවධානය අත්‍යවශ්‍යව පවතින බවත් ලිපියේ දැක්වේ.

සුරේෂ් සලේ මහත්මිය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මෙවැනි තත්වයක් තුළ, රඳවා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම මෙන්ම, ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඔහුව ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ භාරයට නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතල අවදානමක් ඇති විය හැකි බවය.

එබැවින් වර්තමාන රැඳවුම් නියෝගය කල් ඉකුත් වූ පසු එය නැවත දීර්ඝ නොකරන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ ඊට මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිවෙකුටත් කිසිදු අදහසක් නොමැති බවත්, නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය සහ සහාය දීමට සූදානම් බවත් මනෝරි සලේ මහත්මියගේ ලිපියේ සඳහන්ය ෴

අවුරුදු 3 ක දරුවෙකු මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී මරුට

(22.08.2026 – sinhala.adaderana.lk)

කිලිනෝච්චිය, මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 3 ක දරුවෙකු ඊයේ (21) රාත්‍රියේ ට්‍රැක්ටර් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දරුවා සහ ඔහුගේ සහෝදරයා නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඥාතියෙකු විසින් එම ට්‍රැක්ටර් රථය පණගන්වා, දරුවන් ට්‍රේලරය තුළ සිටියදීම මිදුලේ හැරවීමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථයෙන් ඇදවැටුනු දරුවා පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴

චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

(22.08.2026 – sinhala.adaderana.lk)

කොළඹ වරාය නගරයේ රැඳීසිටි චීන ජාතිකයින් තිදෙනෙකු (3) හට පහරදී ඉන් එක් (1) චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව අවශ්‍ය කරන චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

ඉකුත් 2026.07.23 දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

මෙම අපරාධයට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරනු ලබයි.

එම චීන ජාතිකයන් තිදෙනා (3) මෙරට රැඳීසිටින බවටත් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවුන්ගේ වලංගු වීසා කාලසිමාව අවසන්වී ඇති බවටත් විමර්හනවලදී අනාවරණය වී ඇත.

ඉහත සැකකාර චීන ජාතිකයින් තිදෙනා (3) ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් ඇති බැවින් මෙම සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර, සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත යොමු කර තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති / කොළඹ දිසා අපරාධ කොට්ඨාසය – 071 859 1735 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒකාධිපති මාලිමා හොරුන්ට බහුජන බලයෙන් නඩු දායි ! (21.08.2026)

+

ජේවීපීකාරයින්ගේ ‘නන්දා – මාලිනී ෆොන්සේකා සින්ඩ්‍රෝමය’.. ලතා වල්පොල යූඇන්පී, ජැක්සන් පොහොට්ටුවේ (21.08.2026)

+

අනුරගේ ඒකාධිපති ගමන නවත්වන්නට රටම එකපෙළට… විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටනට එක්වෙයි (21.08.2026)

+

22 සංශෝධනය ගෙන ඒමට අමතරව ආණ්ඩුව බෙදුම්වාදයේ ඉල්ලීම් ඉටු කරන හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි (21.08.2026)

+

පාතාල නායකයෙක් ගේන්න පොලීසිය ඩුබායි යයි! ඉම්රාන්ගේ බාප්පා ඝාතනය කළ වෙඩික්කරුගේ සිරුර අළුත්ගමින්! (21.08.2026)

+

ත්‍රීමලා සහ නන්දලා (21.08.2026)

+

සජිත් චන්ද බැංකුවට පයින් ගැහුවද ? (21.08.2026)

+

ඉංග්‍රීසි බැරි සිරසටද ? නීතිඥ සංගමයටද ? (21.08.2026)

+

ඡන්ද නෑ – මැ.කො. කොට්ටච්චි (22.08.2026)

+

සමාජ සංවාද ඉතිරි කර, මිලින වූ නන්දා මාලිනිය (21.08.2026)

+

සති 6 කට කලින් අධිකරණ ඇමැතිත් නොදන්නා සංශෝධනය ආවේ කොහෙන්ද?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *