‘තොටළඟ පොඩ්ඩි’ වාහන 21 ක් , බැංකු ගිණුම් හතරක් (4) ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්

‘තොටළඟ පොඩ්ඩි’ වාහන 21 ක් , බැංකු ගිණුම් හතරක් (4) ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට රු. ලක්ෂයක (100,000) දඩයක්

පෞද්ගලික බැංකුවේ රු.බිලියන 13 ක වංචාව : පාරිභෝගික ගිණුම්වලිනුත් රු. මිලියන 314.5 ක මුදලක් ඇදලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2026 අගෝස්තු 21 වන දින නිකුත්කල විශේෂ නිවේදනය

රථවාහන සොරකම් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්


‘තොටළඟ පොඩ්ඩි’ වාහන 21 ක් , බැංකු ගිණුම් හතරක් (4) ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්

(21.08.2026 – hirunews.lk)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි’ නොහොත් ‘තොටළඟ පොඩ්ඩි’ වාහන 21 ක් , බැංකු ගිණුම් හතරක් (4) ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නම් හරහා ලබාගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියා.

මෙම සැකකාරියගේ නමින් තිබෙන දේපළ මේ වන විට මහාධිකරණය මගින් තහනම් කර ඇති නමුත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කරන ලද විමර්ශනවලදී සැකකාරිය විසින් වෙනත් අයගේ නම් වලින් මෙලෙස දේපළ මිලදී ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

තවද මෙම සැකකාරිය විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ‘වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි’ නොහොත් ‘තොටළඟ පොඩ්ඩි’ ලබන 21 යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අධිකරණය ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ලෙස උපයාගෙන ඇති බවත් ඒකී දේපල ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අදාලව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

එබැවින් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අදාලව ඉකුත් (13) දින අත්අඩංගුවට ගත් බවයි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය තුන්වෙනි පාර්ශවයක් හරහා ලබාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා ෴

+++

‘තොටළඟ පොඩ්ඩි’

+


කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට රු. ලක්ෂයක (100,000) දඩයක්

(21.08.2026 – hirunews.lk)

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීමට ප්‍රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේදී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට රු. ලක්ෂයක (100,000) දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කළා.

සිද්ධියට අදාලව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියළු නිෂ්පාදකයින්, ආනයන කරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා වෙළෙඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුලදී විකිණීමට නුසුදුසු / අයෝග්‍ය බවට හෝ කල් ඉකුත් වූ බවට / මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ එකට යාව හෝ තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට දක්වා තිබෙන බවයි.

එසේ තිබියදී මෙම අධිකරණ බල සීමාව තුළ පිහිටි ‘ලයිෆ් ෆාමසි’ යන වෙළෙඳ ආයතනයේද දී විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වීමේ දිනය 2026.02.01 ලෙස තිබූ Capral Lac Gold 400g Vanila Flovour කිරිපිටි ඇසුරුම් 02 ක් ගබඩා කර තැබීම සිදු කිරිම යටතේ මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කළ බවයි ෴


පෞද්ගලික බැංකුවේ රු.බිලියන 13 ක වංචාව : පාරිභෝගික ගිණුම්වලිනුත් රු. මිලියන 314.5 ක මුදලක් ඇදලා

(21.08.2026 – hirunews.lk)

පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා රු. බිලියන 13 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල එම බංකුවේ තිබූ පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314.5 ක මුදලක් ප්‍රතිපූර්ණය වී ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා රු. බිලියන 13 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස දැන්වූවා.

මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබන 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

සිද්ධියට අදාල පස්වන (5) සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපට අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරී මෙලෙස පවසා සිටියා :

“ස්වාමීනි මෙම සිද්ධියට අදාල වංචාව වන්නේ රු. බිලියන 13.5 ක මුදලක්. එම මුදලට එම පෞද්ගලික බැංකුවේ පාරිභෝගික ගිණුම් එකොළහකින් (11) රු. මිලියන 314.5 ක මුදලක් ප්‍රතිපූර්ණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. තවද මෙම සිද්ධියට අදාළව ගිණුම් 26 හි ගිණුම් 14 ක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන් නිලධාරීන්ගෙන් මෙලෙස විමසා සිටියා :

“විමර්ශනය යන අතරතුර ද මෙම පාරිභෝගික ගිණුම් වලින් මුදල් අඩුවෙලා තියෙන බව අනාවරණයය වුණේ ? විමර්ශන නිලධාරීන්ගෙන්ද මේ බව හොයාගත්තේ නැත්නම් බැංකුවෙන් ලැබුණු විගණන වාර්තා හරහා ද?

විමර්ශන නිලධාරීන් :

“ස්වාමීනී, අනාවරණය කරගත්තේ විමර්ශනය කරන අතරතුර මේ නඩු වාරයට පෙර. බැංකුවත් දැනුම්දුන්නා පොදු ලෙජරයේ ගිණුම් හුවමාරු වන බව. තවද ස්වාමීනී වෙනත් ගිණුම් වලින් රු. මිලියන පහක් (5) බැර වෙලා. තවද පාරිභෝගික ගිණුම් වලින් මුදල් හර වෙලා නැවත එම ගිණුම්වලටම බැරවෙලා තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රතිපූර්ණයක් කරලා තමයි තිබෙන්නේ.

මහේස්ත්‍රාත්වරයා :

“මෙලෙස පාරිභෝගික ගිණුම්වලින් මුදල් හුවමාරු වෙනකම් එම බැංකුවේ ඉහළ නිලධාරීන් දන්නේ නැද්ද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. තවද සැකකරුවන්ගේ තිබූ ගිණුම් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන්න.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් සාක්ෂි වලට බලපෑම් කිරීමට හැකි බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

තවද පාරිභෝගිකයන්ගේ ගිණුම් හරහා මුදල් ප්‍රතිපූර්ණය වීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පූර්ණ වාර්තාවක් අධිකරණයට නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ෴


අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2026 අගෝස්තු 21 වන දින නිකුත්කල විශේෂ නිවේදනය :


රථවාහන සොරකම් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

(21.08.2026 – sinhala.adaderana.lk)

මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් විසින් නොසැලකිලිමත් ලෙස සිය වාහනය හෝ යතුරුපැදිය නවත්වා තැබීමෙන් එය අපරාධකරුවන් විසින් සොරා ගැනීම් පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ එහිදී එම රථවාහන හෝ යතුරුපැදි තුළ තිබෙන වටිනා ලියකියවිලි මෙන්ම වටිනා භාණ්ඩද අන්සතු වීම් පිළිබඳව මේ වන විට වාර්තා වී ඇති බවය.

ඇතැම් අවස්ථාවලදී ත්‍රීවිල් රථ රියදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් එංජිම පණ ගන්වා තිබියදී වෙනත් අවස්ථාවල නිරත වීම මෙන්ම යතුරුපැදියේ මෙන්ම ත්‍රිරෝද රථයේ යතුරු එහිම තබා යාම තුළින් ක්ෂණිකයෙන් අපරාධකරුවන් සොරා ගන්නා බවට මේ වන විට පොලීසියට නිරීක්ෂණය වූ බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම සිය වාහනය, යතුරුපැදිය මෙන්ම ත්‍රිරෝද රථය නිවසේ එළිමහනේ තබා තිබීමත් නිවසේ ගෙවත්තේ ඇති ගේට්ටු අගුල් නොදමා තිබියදී එම යතුරුපැදි හෝ රථවාහන සොරාගෙන යෑම් පිළිබඳවද පොලීසිය වෙත කරුණු වාර්තා වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ජනාකීර්ණ ස්ථානයක රථ වාහනය නතර කර තබන්නේ නම් එම ස්ථානය වටා සිටින ආරක්ෂක නිලධාරියෙකු සමග, සාප්පු සංකීර්ණයක වාහනය නතර කර තිබෙනවානම් ඊට අදාළ ආරක්ෂක නිලධාරියා හෝ සාප්පු සංකීර්ණයේ රාජකාරි කරන සේවකයෙකුට ඒ බව දැනුම්දෙන ලෙසත්ය.

එමෙන්ම රාත්‍රී කාලයේදී අඳුරු ස්ථානයක හෝ හුදෙකලා ස්ථානයක යතුරුපැදියක් හෝ තමන්ගේ වාහනය නවත්වා ඇත්නම් එය අපරාධකරුවෙකුට අපරාධයක් සිදු කිරීම සඳහා පිටුවහලක් වන බැවින් ඒ පිළිබඳවද කල්පනාකාරීව සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සිය වාහනයක් සොරකමකට ලක්වූයේ නම් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 / 118 හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයකට, ළඟම පොලිස් නිලධාරියෙකුට මේ බව කඩිනමින් දැනුවත් කරන ලෙසත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *