පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරන්න නීති හදනවා.. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ..
සිංහලයෝ ඔක්කොම එක රැයින් ඉවරයි – ගලගොඩඅත්තේ හිමි කරන ආන්දෝලනාත්මක ප්‍රකාශය (21.08.2026)
අඟුලාන අනතුරේ නාවිකයින් 11 බේරාගත් පොලිස් නිලධාරීන්ට නාවික හමුදාවෙන් ඇගයීම්
පැය 6 කට පසු නාමල් රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150 කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරන්න නීති හදනවා.. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ..
(21.08.2026 – lankacnews.com)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම කාර්යාංශයක් පිහිටුවීමට ආණ්ඩුව නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බවත් එය සිදුවුවහොත් මෙරට බෞද්ධ සිද්ධස්ථාන සහ උරුමයන් ඇත්තේ විශාල අනතුරක බවත් ‘ජාතික සංවිධාන එකමුතුව’ පවසයි.
එම එකමුතුව පෙන්වා දෙන්නේ මෙම කාර්යාංශය පිහිටුවීමෙන් පසු අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා විශේෂඥතාව ඇති නිලධාරීන් වෙනුවට වෙනත් පාර්ශ්වයන් පත්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී සිදුවන්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ හෙළිමක් බවත් මෙම එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වසන්ත බණ්ඩාර මෙසේ ද පැවසුවේය :
“උතුරු පළාතේ යාපනය මහජනතාව සතුටු කරන්න, විශේෂයෙන්ම පුරාවිද්‍යා තැනක් අහෝසි කරන්න, ජාතික උරුම පදනමින් ඉවත් කරලා, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණය නැති කරන්න ක්‍රියාකරන බවට මහා සංඝරත්නයට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය දිනක ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී උතුරේ ජනතාව සතුටු කරන්න බොහෝ දේවල් කියලා තියනවා.
ඒ වගේම, උතුරු ඩයස්පෝරාවේ විවිධ බලපෑම්වලට ලක්වෙලා තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. අපි මීට කලින් මාධ්‍ය සාකච්ඡාවලදී අනාවරණය කළා, පසුගිය දවස්වල චානක්‍යන් සහ සුමන්දිරන් මන්ත්‍රිලා දෙන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කාර්යාල වේලාවෙන් පසුවත් කිහිප වතාවක් පැමිණ, සාකච්ඡා කරලා තියනවා.
උතුරු නැගෙනහිර පළාත්වල තියෙන පුරාවිද්‍යා වාර්තාවල කරුණු වෙනස් කරන්න, ඊට අමතරව දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේ පටිපාටියේ යම් යම් වෙනස්කම් කරන්න. මේ තත්වය තවත් වැඩි වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයින් කරලා දාලා ‘ජාතික උරුම කාර්යාංශයක්’ පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කළහොත්. අපි එයට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. “
සිංහලයෝ ඔක්කොම එක රැයින් ඉවරයි – ගලගොඩඅත්තේ හිමි කරන ආන්දෝලනාත්මක ප්‍රකාශය (21.08.2026)
+
ඔළුවට පිස්තෝලෙ තියද්දි මගේ අම්මා රට වෙනුවෙන් ගීත ගැයුවා | ‘නන්දා මාලිනිය’ගේ දියණිය ‘අමා සාරදා’ කියන කතාව (14.02.2024)
+++
බුකියේ නින්දා මැද, නන්දා මාලිනියගේ අවසන් දින කිහිපය, “මගේ අම්මා ඇඬුවේ එකම දවසයි” උපන්දිනයට දවස් 2 යි (21.08.2026)
+++
නන්දා මාලිනියගේ දියණිය | අම්මා “රත්තරන් දුවේ” කියනකොට මට ගොඩක් දැනෙනවා | අමා සරදා ගෝකුල (06.12.2024)
+++
+++
Nanda Malini : ‘Ada Pamanak Nowe’ (Film : Ihatha Aathmaya) (29.10.2022)
+
අඟුලාන අනතුරේ නාවිකයින් 11 බේරාගත් පොලිස් නිලධාරීන්ට නාවික හමුදාවෙන් ඇගයීම්
(21.08.2026 – hirunews.lk)
අඟුලාන මුහුදු ප්‍රදේශයේ ආපදාවට ලක්වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයින් 11 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ඇගයීමට ලක් කිරීමේ විශේෂ උත්සවයක් අද (21) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.
එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අදාළ පොලිස් නිලධාරීන් වෙත ප්රශංසනාත්මක ලිපි ප්රදානය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අඟුලාන මුහුදු තීරයේ ශ්‍රී ලංකා හමුදාවට අයත් ‘පී 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව’ ආපදාවට ලක් වූ අවස්ථාවේදී , රළු මුහුදු තත්ත්වය පවා නොතකා වහා ක්‍රියාත්මක වූ අඟුලාන පොලීසියට අනුයුක්ත මෙම නිලධාරීන් කණ්ඩායම නාවිකයින්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වුණා.
මෙසේ ඇඟයීමට ලක් වූ පිරිස අතර අඟුලාන පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර සහ අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත බණ්ඩාර යන අයත් ඇතුළත්.
තම රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම වෙනුවෙන් පොලීසිය දැක්වූ සහයෝගය නාවික හමුදාව අතර පවතින ශක්තිමත් අන්තර් සහයෝගීතාවයේ සුවිශේෂ නිදසුනක් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴
පැය 6 කට පසු නාමල් රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
(21.08.2026 – hirunews.lk)
පැය 6 කට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි මන්ත්‍රීවරයා අද (21) උදෑසන මෙලෙස එහි පැමිණ තිබුණේ.
ඒ අනුව, උදෑසන 09:00 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පස්වරුවේයි ෴
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150 කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150 කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
(21.08.2026 – hirunews.lk)
යාපනයේ පණ්ඩතරිප්පු ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර ගිනිකෙළි සඳහා භාවිත කළ රතිඤ්ඤාවලින් නිකුත් වූ දුම සහ ලේසර් කිරණ හේතුවෙන් ඇස්වලට හානි වූ පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති අප ප්රවෘත්ති අංශයට සඳහන් කළේ, රෝහල්ගත කළ පිරිස අතරින් 40 දෙනෙකු පමණ ළමුන් බවයි.
පීඩාවට පත්වූවන් සඳහා මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
කෙසේවෙතත්, කිසිදු පුද්ගලයෙකුට බරපතළ හෝ විශාල ප්‍රමාණයේ අක්ෂි හානියක් සිදුව නොමැති බව වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති වැඩිදුරටත් පැවසුවා ෴
අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්
(21.08.2026 – hirunews.lk)
‘අයිස් මත්ද්‍රව්‍ය’ ලග තබා ගත් සැකකරුවෙකුගෙන් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් සයින්දමරුදු පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරියනිලාවැලි පොලිසිය තුලදී සහ කල්මුණකොඩි සහරා විද්‍යාලය ඉදිරිපිටදීයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සතුව තිබූ සම්පූර්ණ ‘අයිස්’ ප්‍රමාණය පිලිබදව අධිකරණයට කරුණු වාර්තා නොකර සුළු දඩුවමකට යටත් කිරීම වෙනුවෙන් හා ඉදිරියේ දී කරදරයකින් තොරව කටයුතු කරගෙන යාමට මොවුන් මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබුණා ෴
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක් : නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
(21.08.2026 – hirunews.lk)
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබනවා.
එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික පත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදු කරනු ලබන අතර, එම පද්ධතිය ඊයේ (20) දින දහවල් සිට අක්‍රීය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර දත්ත පද්ධතිය යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව සඳහන්.
ඒ අනුව මෙම දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් නොකරන මෙන් දන්වා සිටින අතර, යථාවත් වූ සැනින් නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ හැකි බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴
දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්
(21.08.2026 – sinhala.adaderana.lk)
පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී.
මේ අතර, දිවයින පුරා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව නීති සහ රෙගුලාසි කිහිපයක් හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම මගීන්ට ද ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් සඳහා දින දහයක විශේෂ පුහුණුවක් ලබාදීමටත්, රියදුරන් ඉලක්ක කරගනිමින් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදුකිරීමටත්, ප්‍රමිතිගත හා ආරක්ෂිත වාහන පමණක් ධාවනයට යෙදවීමටත් තීරණය කර ඇති බවය.
මේ අතර යතුරුපැදිකරුවන් වෙනුවෙන් SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කර ඇති අතර ඉදිරි කාලයේදී යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් හඳුන්වා දීමට ද සැලසුම් කරන බව අමාත්‍යවරයා පැවසීය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴