තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමේ සූදානමක්
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
(19.08.2026 – hirunews.lk)
පලෙයි රක්ෂිතයේ තහනම් සංවිධානයකට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාලව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (19) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ‘සංගීත් ජයසේකර’ නමැත්තෙකි.
කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ තහනම් සංවිධානයකට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට ‘අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ’ ලෙස තමන් හදුන්වා ගත් ‘සංගීත් ජයසේකර’ නමැති අයෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.
තවද මෙම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවටද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිළධාරීන් අධිකරණට දන්වා සිටියේ.
මෙම සැකකරු විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම සාමයට බාධාවක් විම, මහජන කැලඹීමක් ඇති වීය හැකියි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකර සැකකරු අත්අඩංගුවට ගත් බවයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේ.
තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කණ්ඩායමක් කිලිනොච්චි ප්‍රදේශයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් යවා ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.
එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ඵම රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පලෙයි පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ.
එම මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ප්‍රකාශ කළ සියල්ල ඊට පසු දිනයේ දී පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු ගොවිපොලක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් පවතින බවත් එය නීති විරෝධී ඉදිකිරීමක් බැවින් එකී ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිස්පතිවරයා පවසා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
(19.08.2026 – hirunews.lk)
හිටපු කැබිනට් අමාත්‍ය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරගේ බිරිද හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ‘දේශානි ගුණරත්න’ (55) නම් දෙදරු මවක්.

ඔවුන්ට අයත් අළුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (19) උදෑසන මියගොස් තිබෙනවා.
දේහය තණමල්විල ඔවුන්ගේ නිවසට රැගෙන යාමට නියමිතයි ෴
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමේ සූදානමක්
(19.08.2026 – sinhala.srilankamirror.com)
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සාමාන්‍ය පරිපාලන නීතිරීතිවලින් බැහැරව අයුතු ලෙස ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම සංගමය විසින් අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සැලසුම් කර තිබේ.
මෙම සිදුවීමට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග සහ හෙට (20) දිනයේ සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනය ආරම්භ කරන්නේද යන්න පිළිබඳව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆිය මිය යයි
(19.08.2026 – sinhala.srilankamirror.com)
දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ (18) රාත්‍රියේ දී මියගොස් ඇත.
මෙම ජිරාෆ් සත්ත්වයා මිය යන විට වයස අවුරුදු තිහකට ආසන්න වේ.
සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25 ක් පමණ වන අතර, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකිය.

ඒ අනුව, මෙම ජිරාෆ් සත්ත්වයා දිගු ආයු කාලයක් භුක්ති විඳ ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නො තිබූ අතර, සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වන බව ද දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) සිදු කිරීමට නියමිතය ෴
‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි මගහැරීමට එරෙහිව නාගානන්ද පදනමෙන් (විනිවිද පදනමෙන්) අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
(19.08.2026 – sinhala.srilankamirror.com)
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සිද්ධිය නිසා රටට හිමිවීමට තිබෙන රුපියල් කෝටි 33,000 ක මුදල මෙරටට ලබා ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවැසීය.
ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මේ බව කී ඒ මහතා මෙසේ දකීවේය :
“එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අදාළව නීතිමය කටයුතු සිදු වුණා. රුපියල් මිලියන 300 ක් පසුගිය වසරේ සැප්තැම්බර් 22 වැනිදා ගෙවා තිබෙනවා. ඩොලර් මිලියන 250 ක් ගෙවන්න කියා කී එකෙන් තමයි රුපියල් මිලියන 300 ක් මූලික වශයෙන් ගෙවා තිබෙන්නේ. මේ වසරේ ජනවාරිවල නැවත මේ නඩුව කැඳවූවා. මෝසමක් මගින් නීතිපතිවරයා තමයි මේක නැවත ගන්නේ. ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් එක තමයි අදාළ සමාගම වන්නේ. මේ මෝසම අනුව නඩුව ටර්මිනේට් කරනවා. මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න පැමිණිලිකරුවන්ට කිසිම අවස්ථාවක් නැහැ. පංච පුද්ගල විනිසුරු මඬුල්ලකින් දුන් තීන්දුවක් ටර්මිනේට් කර තිබෙනවා. මේ ගැන නාගානන්ද කොඩිතුවක්කු පදනම (විනිවිද පදනම) අල්ලස් හෝ දූෂණ පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අපට ලැබෙන්න තිබූ රුපියල් කෝටි 33,000 ක මුදලක් රටට අහිමි වී තිබෙනවා. මේ ගැන විශාල අර්බුදයක් මතුව තිබෙනවා. මේ වගේ ගෙනා මෝසමක් පැමිණිලි පාර්ශ්වයට නොදීම ඉතිහාසයේ සිදු වී නැති දෙයක්.”
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කරන්න යයි
(19.08.2026 – sinhala.adaderana.lk)
කලාවැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා එළඹෙන අගෝස්තු මස 24 වැනිදා සිට එහි ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ජලාශය ඉදිකර වසර 50 ක් ගතවීමෙන් පසුව මෙවැනි පූර්ණ නඩත්තු කටයුත්තක් සිදුකෙරෙන පළමු අවස්ථාව මෙය වන බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
දීර්ඝ කාලයක සිට තැන්පත් වී ඇති රොන්මඩ හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

කෙසේ වෙතත් මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජලය ඉවත් කිරීම නුසුදුසු බවට කටකතා පැතිරවීමට හැකි බවත්, එහෙත් මෙය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගත තීරණයක් බවත් ජලාශය භාර ඉංජිනේරු වැඩිදුරටත් සඳහන් කළේය.
බෝවතැන්න ජලාශයේ මුල් ජල පරිමාව කියුබික් මීටර් මිලියන 56 ක් ලෙස ගණන් බලා තිබුණද, 2014 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එය කියුබික් මීටර් මිලියන 23 ක් දක්වා අඩුවී ඇති බවය.
මීට අමතරව කලාවැවට ජලය සපයන උමං මාර්ගයේ මීටර් 4 ක පමණ ප්‍රමාණයක් සහ විදුලි බලය නිපදවන ස්ථානය අසල මීටර් 6 කට අධික ප්‍රමාණයක් රොන්මඩ පිරී පැවතීම නිසා කලාවැව ද්‍රෝණියට අවශ්‍ය තත්පරයට ඝන අඩි 1,000 ක ජල ප්‍රමාණය නිසි ලෙස මුදා හැරීමට නොහැකි වී තිබේ.
දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පදනම් කරගනිමින් මෙම නඩත්තු කටයුතු සැලසුම් කර ඇති අතර, දැනටමත් ජලාශයේ ජල මට්ටම ඝන මීටර් 11 දක්වා පහත බැස ඇත.
ඉවත් කරනු ලබන ජලය මේ වන විටත් කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව යන ජලාශවල ගබඩා කර ඇති අතර, සති 3 ක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතුවලින් පසුව සැප්තැම්බර් 14 වැනිදා සිට ජලාශය යළි පිරවීමට නියමිතය.
ජලාශය නැවත පිරවීමට අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයේ ගබඩා කර තබා ඇත.
මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ යන්ත්‍රසූත්‍ර යොදවා සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබේ.
එමෙන්ම ජලාශයේ තැන්පත්ව ඇති වැලි, නාඋල ප්‍රාදේශීය සභාව හා එක්ව ඉවත් කර රජයට ලබාදීමටද කටයුතු යොදා ඇත.
නඩත්තු කටයුතු සිදුකෙරෙන සති 3 ක කාල සීමාව තුළ අඹන්ගඟේ වෙසෙන මත්ස්‍යයන් ඇතුළු පරිසර පද්ධතියේ පැවැත්ම සඳහා පොල්ගොල්ල වේල්ල හරහා සුදු ගඟ සහ අඹන්ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට අඛණ්ඩව ඝන අඩි 1,000 ක ජල ධාරිතාවක් මුදා හැරීමට පියවර ගෙන ඇත.
ජලය හිස් කිරීමෙන් පසුව එහි මසුන් මැරීම හෝ සිරි නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. වසර 50 ක් පුරා ජලාශ පතුලේ තැන්පත්ව ඇති රොන්මඩ අවදානම් බව හෙතෙම පැවසීය.
නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසු ජලාශයේ වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කිරීමටත්, කලාවැව ද්‍රෝණියට අවශ්‍ය ජල ප්‍රමාණය කාර්යක්ෂමව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴