නාවික හමුදා පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට දායකවූ පුරවැසියන් වෙත නාවික හමුදාධිපති ප්‍රශංසාව පළකරයි

නාවික හමුදා පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට දායකවූ පුරවැසියන් වෙත නාවික හමුදාධිපති ප්‍රශංසාව පළකරයි

රු. ලක්ෂ 30 ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පියවර

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්

ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර

අනාගතයේදී ලොකු යුද්ධයක් එනවා බලාගන්න – ඒකෙන් බේරෙන්න බැරිවුණොත් සොරිම තමයි (18.08.2026)

අනුරාධපුර අභයගිරිය භූමියෙන් මතු වූ රන් ආලේපිත ලෝකඩ බුදු පිළිම තොගය (18.08.2026)

කළු කොට කැත කසාද ජීවිතයක් නැති මිනිහෙක්ව රටේ බුද්ධි අංශ හරියටම රකිනවා (18.08.2026)

ඇමති හඳුන්නෙත්ති සුපිරි වැඩ්ඩෙක් ! ලංකාවම ඕස්ට්‍රේලියාවක් වෙයි (18.08.2026)

අද කියුබාව ගැන ටොම්පච කෙළින පැලවත්තේ ඒකාධිපතියා – ලස්සන කියුබාව හිඟන රටක් කළ කොමියුනිස්ට් සාපය (18.08.2026)

අනුරගේ ආණ්ඩුව පාතාලේ අල්ලන්නේ රටේ මිනිස්සුන්ට ආදරේට ද? දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න ද ? (18.08.2026)

පලෙයි කැලේ ඇතුළේ ත්‍රස්ත කඳවුරේ ඇත්තම කතාව. වළදාපු ටොන් ගානක රත්තරන්, ආයුධ ගොඩගොඩ ගන්න මේ ගේම ගහන්නේ (18.08.2026)

ශිරාන් බාසික් කටුනායකින් පයින්න හදපු කතාවේ ඇත්ත! මාලදිවයිනට යන්න ඉඳලා! (18.08.2026)

රු. කෝටි 35,000 ක් පට් පට් ගාල අහිමි උනේ කොහොමද ? (18.08.2026)

බාශික් නිසා ආණ්ඩුව, ආණ්ඩුව ගැටුම් (18.08.2026)

රට හදන්න ද? බලය ගන්න ද? බොල්ෂෙවික් උපක්‍රම ගැන සම්පූර්ණ විග්‍රහය | Abeetha Podcast Ep – 02 (18.08.2026)

නාවික හමුදා පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට දායකවූ පුරවැසියන් වෙත නාවික හමුදාධිපති ප්‍රශංසාව පළකරයි

(18.08.2026 – news.navy.lk)

2026 අගෝස්තු 15 වැනි දින අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘පී 4447’ වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක්වීමෙන් අනතුරුව, රළු මුහුදු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වී එහි සිටි නාවික හමුදා පුද්ගලයන් එකොළෙස් දෙනෙකු (11) දෙනාගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට දායක වූ අඟුලාන ප්‍රදේශයේ සිවිල් පුරවැසියන් දහ හතර දෙනෙකු (14) ඇගයීමට ලක් කරමින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම අද දින (2026 අගෝස්තු 18) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කරන ලදී.

එමෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී සිය ජීවිත අවදානම පවා නොතකා සිදු කළ එම සුවිශේෂී මැදිහත්වීම සහ උදාර මානුෂීය ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කෘතඥතාව හා ප්‍රශංසාව පළ කළ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයන්ගේ ජීවිත රැක ගැනීම සඳහා එම පුරවැසියන් ඉටු කළ උතුම් පුරවැසි යුතුකම සහ මානුෂීය මැදිහත්වීම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මෙන්ම ලොවටද උදාර ආදර්ශයක් සපයන ක්‍රියාවක් බව අවධාරණය කළේය

මෙම අවස්ථාවට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

රු. ලක්ෂ 30 ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පියවර

(18.08.2026 – 13:45 +0530 – sinhala.adaderana.lk)

රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිසි ප්‍රමිතියෙන් තොර නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝ ග්‍රෑම් 1090ක් සොයාගෙන තිබුණි.

අනතුරුව කෙරවළපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී අදාළ ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර ඇත.

අදාළ ඖෂධ විනාශ කිරීම සඳහා වැය වූ සම්පූර්ණ පිරිවැය ද එම ඖෂධ නිෂ්පාදකයාගෙන් අයකරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්

(18.08.2026 – 14:01 +0530 – sinhala.adaderana.lk)

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 අයවැය යෝජනාවකට අනුව, අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත.

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, ඒ අනුව සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා තිබේ.

එම සිසුන් සියලුදෙනා වෙත මාසික දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත ෴

ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර

(18.08.2026 – 13:40 +0530 – sinhala.adaderana.lk)

දැනට නිකුත් කර ඇති ‘සියලුම ජාතික හැදුනුම්පත්’ වෙනුවට ‘ඩිජිටල් ජාතික හැදුනුම්පත්’ ඉදිරි වසර කිහිපය තුළ නිකුත් කිරීමට සැළසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ මේ (2026) වසරේ ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න :

“ඩිජිටල් ආර්ථිකය කියන එකට අපි ලොකු ප්‍රවණතාවයක් දීලා තියෙනවා. ඒක මේ අවුරුද්ද ඇතුළත පළවෙනි ඩිජිටල් ID එක නිකුත් කරන තැනට අපි යනවා. ඒ වගේම ලබන අවුරුද්දේ (2027) අවසාන වෙන්න ඉස්සල්ලා අගෝස්තු වගේ වෙනකොට සම්පූර්ණ ඩිජිටල් ID එක දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනින් අවුරුදු 2 ක් වගේ කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මුළු රටේම පරණ ID වෙනුවට ඩිජිටල් පද්ධතියට හැම මිලියන 17 ක් වන පිරිසම ගේන්න”

අනාගතයේදී ලොකු යුද්ධයක් එනවා බලාගන්න – ඒකෙන් බේරෙන්න බැරිවුණොත් සොරිම තමයි (18.08.2026)

+

අනුරාධපුර අභයගිරිය භූමියෙන් මතු වූ රන් ආලේපිත ලෝකඩ බුදු පිළිම තොගය (18.08.2026)

+

කළු කොට කැත කසාද ජීවිතයක් නැති මිනිහෙක්ව රටේ බුද්ධි අංශ හරියටම රකිනවා (18.08.2026)

+

ඇමති හඳුන්නෙත්ති සුපිරි වැඩ්ඩෙක් ! ලංකාවම ඕස්ට්‍රේලියාවක් වෙයි (18.08.2026)

+

අද කියුබාව ගැන ටොම්පච කෙළින පැලවත්තේ ඒකාධිපතියා – ලස්සන කියුබාව හිඟන රටක් කළ කොමියුනිස්ට් සාපය (18.08.2026)

+

අනුරගේ ආණ්ඩුව පාතාලේ අල්ලන්නේ රටේ මිනිස්සුන්ට ආදරේට ද? දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න ද ? (18.08.2026)

+

පලෙයි කැලේ ඇතුළේ ත්‍රස්ත කඳවුරේ ඇත්තම කතාව. වළදාපු ටොන් ගානක රත්තරන්, ආයුධ ගොඩගොඩ ගන්න මේ ගේම ගහන්නේ (18.08.2026)

+

ශිරාන් බාසික් කටුනායකින් පයින්න හදපු කතාවේ ඇත්ත! මාලදිවයිනට යන්න ඉඳලා! (18.08.2026)

+

රු. කෝටි 35,000 ක් පට් පට් ගාල අහිමි උනේ කොහොමද ? (18.08.2026)

+

බාශික් නිසා ආණ්ඩුව, ආණ්ඩුව ගැටුම් (18.08.2026)

+

රට හදන්න ද? බලය ගන්න ද? බොල්ෂෙවික් උපක්‍රම ගැන සම්පූර්ණ විග්‍රහය | Abeetha Podcast Ep – 02 (18.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *