හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙකු මරුට
සේවයෙන් ඉවත්වූ හා ඉවත්කළ පොලිස් නිලධාරීන් පිළිබඳ අනාවරණයක්
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ඉක්මවයි
ජෙප්පෝ බන්ධනාගාර අතට ගනී ඇමති ඕඩරෙන් ජෝගි නටයි ? (16.08.2026)
යූටියුබ් පණ්ඩිත අම්මණ්ඩියෙක්ගෙන් රජීව්ට ගොන් ප්‍රශ්නයක්… රෙදි ඇඳගෙන ගාණකට කඩේ යන්න බබා (16.08.2026)
මේ වැඩෙන් අනුරයි ආණ්ඩුවයි හොඳටම කිච වුණා… උපුල් ජයසුරියගේ කතාවත් එළියට දාමුද ? (16.08.2026)
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න (16.08.2026)
පලෙයි කැළේ ඇතැයි කියන එල්ටීටීඊ කඳවුරේ ඇත්ත? සී.අයි.ඩීය විමර්ශන ආරම්භ කරයි! (16.08.2026)
නන්දා මාලනී වම, දකුණ සහ අපි (16.08.2026)
අනුර ජනමත විචාරණය දිනන හැටි (16.08.2026)
ලාල්ගෙ කෑල්ලක් කැපෙයි (16.08.2026)
අවුරුදු ගාණක් තමන්ගේ දුව එක්ක පාරේ කැඳ විකුණපු තාත්තා, ගේ හදන්න කැදැල්ලට සල්ලි දීලා (16.08.2026)
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
(16.08.2026 – hirunews.lk)
මාතර තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක උඩ මළුවේ පිහිටි කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් අද (16) පස්වරුවේ සොයාගත් බව තිහගොඩ පොලිසිය පවසනවා.
එහිදී, ආගමික කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු ගසක එල්ලෙමින් තිබෙන අයුරු දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව, එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් මළ සිරුර තිබූ ස්ථානයට ආසන්නයේ තිබී පාවහන් යුගලක්, යතුරුපැදි හිස්වැසුමක් (Helmet) සහ ස්කූටි (Scooty) වර්ගයේ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ යතුරුපැදි අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී, එය වැලිගම ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බවත්, මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවන ස්කොට්ලන්ත ජාතිකයෙකු බවයි.
මෙම විදේශිකයා වැලිගම, මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිට ඇති අතර, අද (16) උදෑසන හම්බන්තොට ප්‍රදේශයට යන බව පවසා එම නිකේතනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙකු මරුට
(17.08.2026 – 06:12 +0530 – sinhala.adaderana.lk)
කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 ක් වූ කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ දරුවා මහල් 14 කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
සේවයෙන් ඉවත්වූ හා ඉවත්කළ පොලිස් නිලධාරීන් පිළිබඳ අනාවරණයක්
(16.08.2026 – 23:15 +0530 – sinhala.adaderana.lk)
2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7 කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එලෙස ඉවත්ව ඇති පිරිස අතර නිලධාරීන් 3,936 දෙනෙකු සහ නිලධාරිනියන් 372 දෙනෙකු සිටිති.
මින් වැඩිම පිරිසක් ඉවත්වී ඇත්තේ පසුගිය 2025 වසරේදීය. එම වසරේ පමණක් නිලධාරීන් 838 ක් හා නිලධාරිනියන් 49 ක් ලෙස 887 ක පිරිසක් ඉවත්ව තිබේ.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ නිලධාරීන් 699 ක් හා නිලධාරිනියන් 59 ක් ලෙස සමස්ත නිලධාරීන් 758 ක පිරිසක් ඉවත්වී ඇත.
සිය සේවා කාලය අවසන්වීමට පෙර විශ්‍රාම ගැනීම, විදේශ රැකියා සඳහා පිටත්ව යාම ඇතුළු විවිධ පෞද්ගලික හේතු මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්ය.
මීට අමතරව ගතවූ වසර 5 තුළ පොලිස් නියෝගයන්ට පටහැනි විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නිලධාරීන් 658 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ සමස්ත පුරප්පාඩු 30,815 ක් පවතින අතර, ඊට සාමාන්‍ය පොලිස් සේවයේ පුරප්පාඩු 28,164 ක් සහ විශේෂ කාර්ය බලකායේ (STF) පුරප්පාඩු 2,651 ක් ඇතුළත්ය.
කෙසේ වෙතත් නියමිත බඳවා ගැනීමේ, උසස් කිරීමේ සහ ස්ථානමාරු පටිපාටියට අනුකූලව මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා නව බඳවා ගැනීම් සහ උසස්වීම් කඩිනම් කර තිබේ.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සහ මානසික සුවතාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කර ඇත.
නවීන තාක්ෂණය හඳුන්වාදීම, ඩිජිටල්කරණ වැඩසටහන්, භට නිවාස පහසුකම් ඉහළ නැංවීම, බෝනොවන රෝග හඳුනාගැනීමේ වෛද්‍ය කඳවුරු සහ ගුණාත්මක ඖෂධ ලබාදීම ඊට ඇතුළත්ය.
තවද, ශල්‍යකර්ම සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ඉහළ නැංවීම, උපදේශන හා මනෝවිද්‍යාත්මක වැඩසටහන් පැවැත්වීම මෙන්ම ‘පොලිස්පති සහන දිනය’ හරහා නිලධාරීන්ට ඍජුවම පොලිස්පතිවරයා හමුවී ගැටලු ඉදිරිපත් කිරීමටද පහසුකම් සලසා ඇත ෴
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ඉක්මවයි
(17.08.2026 – 07:11 +0530 – sinhala.adaderana.lk)
වනජීවි පශු වෛද්‍යවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අමතර සේවා කාල දීමනාවක් ගෙවීම, අවදානම් දීමනාවක් ගෙවීම, නිවාඩු දින වල සහ සති අන්ත දිනවල රාජකාරී කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය ජුනි 01 වනදා සිට එම සංගමය විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව මාස දෙකහමාරකට (2½) අධික කාලයක් වනජීවි පශු වෛද්‍යවරුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වේ.
කෙසේවෙතත් මේ දක්වා තම ගැටලුවලට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කර සිටී.
තම ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය ෴
ජෙප්පෝ බන්ධනාගාර අතට ගනී ඇමති ඕඩරෙන් ජෝගි නටයි ? (16.08.2026)
+
යූටියුබ් පණ්ඩිත අම්මණ්ඩියෙක්ගෙන් රජීව්ට ගොන් ප්‍රශ්නයක්… රෙදි ඇඳගෙන ගාණකට කඩේ යන්න බබා (16.08.2026)
+
මේ වැඩෙන් අනුරයි ආණ්ඩුවයි හොඳටම කිච වුණා… උපුල් ජයසුරියගේ කතාවත් එළියට දාමුද ? (16.08.2026)
+
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න (16.08.2026)
+
පලෙයි කැළේ ඇතැයි කියන එල්ටීටීඊ කඳවුරේ ඇත්ත? සී.අයි.ඩීය විමර්ශන ආරම්භ කරයි! (16.08.2026)
+
නන්දා මාලනී වම, දකුණ සහ අපි (16.08.2026)
+
අනුර ජනමත විචාරණය දිනන හැටි (16.08.2026)
+
ලාල්ගෙ කෑල්ලක් කැපෙයි (16.08.2026)
+
අවුරුදු ගාණක් තමන්ගේ දුව එක්ක පාරේ කැඳ විකුණපු තාත්තා, ගේ හදන්න කැදැල්ලට සල්ලි දීලා (16.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴