ගල්කිස්ස – හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක

ගල්කිස්ස – හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක

අඟුලාන නාවික අනතුර : මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්

තවත් අන්තර්ජාල වංචාවක සුලමුල හෙළිවෙයි

‘වැට් ඉන්වොයිස්’ ආකෘතිය ඔක්තෝබර් 01 සිට අනිවාර්යය කෙරේ

අඩි තුන්සීයක (300) ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මරුට

අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසුන් බඳවා ගැනේ

යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි – 10 ක් ‍රෝහලේ

උදය ගම්මන්පිලගේ කවුරුත් නොදන්න සම්පූර්ණ කතාව (16.08.2026)

ශිරාන් භාසික් ලංකාවට පටවපු එකේ ඇත්තම කතාව. රු. කෝටි 250 අල්ලස පොලිස් ලොක්කට දීපු නැති නිසයි හෝටලේ කැඩුවේ (16.08.2026)


ගල්කිස්ස – හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක

(16.08.2026 – hirunews.lk)

ගල්කිස්ස – හුළුදාගොඩ ප්‍රදේශයේ ඊයේ (15) සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘සැන්ඩෝ’ගේ පාර්ශවයෙන් සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඊයේ (15) රාත්‍රි 09:55 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් කළ මෙම වෙඩි තැබීමෙන් රාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ ඉලක්කය ගල්කිස්ස ප්‍රදේශයේ රථ වාහන අලුත්වැඩියා කරන ගරාජයක හිමිකරුවෙකු වූ නමුත් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඔහුගේ මිතුරෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස ප්‍රදේශයේ රථ වාහන අලුත්වැඩියා කරන ගරාජයේ හිමිකරුවකු වූ ‘සඳුන් රවීන්ද්‍ර’ නමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘කොස් මල්ලි’ නමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජවාරම් කරනු ලබන ‘අයි.ඩී.’ නැමැත්තාගේ මුදල් රැස්කරන පුද්ගලයෙකු බවට හෙළිව තිබෙනවා.

අදාළ ගරාජයට ‘සඳුන්’ නමැත්තාගේ මිතුරා වන ‘ශෙහාන් ශශේන්ද්‍ර’ නමැත්තා යතුරුපැදියකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් (2) සහ මුඛයට වෙඩි ප්‍රහාරයක් (1) එල්ල වී තිබෙනවා.

එහිදී ඔහු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට චෝදනා පවතින අතර වෙඩි ප්‍රහාරයේ ඉලක්කය බවට පත්වූ ‘සඳුන් රවීන්ද්‍ර’ නමැත්තා මේ වන විට ගල්කිස්ස පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීම රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවටයි අනාවරණ වන්නේ.

මෙම වෙඩි තැබීමත් සමග (2026) වසරේ මේ දක්වා සිදුවූ සංවිධානාත්මක වෙඩි තැබීමේ සිදුවීම් ගණන 29 දක්වා ඉහළ යන අතර එම සිදුවීම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴


අඟුලාන නාවික අනතුර : මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්

(16.08.2026 – hirunews.lk)

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මෙම අනතුරින් අතුරුදන් වූ නාවිකයා සෙවී‍මේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ (15) සිදුවූ මෙම අනතුරින් මුදාගනු ලැබූ නාවික හමුදා සාමාජිකයින් එකොළොස් දෙනකු (11) මේ වන විට වැලිසර නාවික මහ රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව පවසන්නේ.

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.

එම යාත්‍රාව ගොඩ ගැනීම සඳහා අද (16) අළුයම සිටම මෙහෙයුම් ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාල මෙහෙයුමට බාධා එල්ලවී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් නාවික හමුදාවේ 12 දෙනෙකු සමග අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වුණේ ඊයේ (15) දිනයේදීයි. අනතුර සිදුවන ආකාරය දුටු පුද්ගලයෙකු එය ක්ෂණිකව අඟුලාන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව නාවිකයින් පිරිස මුදා ගැනීමට ධීවර යාත්‍රා 03 ක් අනතුර සිදු වූ ස්ථානයට යොමු කිරීමට පොලිසිය කඩිනමින් පියවර ගෙන තිබුණා.

ඒ අනුව, මෙහෙයුම් වෙනුවෙන් ‘බෙල් 412 හෙළිකොප්ටර් යානයක්’ යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත් අතර අනතුර සිදු වූ ස්ථානය අවට ආවේක්ෂණ කටයුතු සඳහා ‘එම්.අයි. 17 යානයක්’ යෙදවීමටද පියවර ගෙන තිබුණා ෴

+++

+++

+


තවත් අන්තර්ජාල වංචාවක සුලමුල හෙළිවෙයි

(16.08.2026 – 18:10 +0530 – sinhala.adaderana.lk)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලීසිය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ අලෙවි කරමින් මෙම ජාවාරම සිදුවන බවයි.

ඇස්බැස්ටෝස්, සිමෙන්ති හෝ වෙනත් ද්‍රව්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට දැන්වීම් පළ කරමින් ඇණවුම් ලබාගැනීම මෙහිදී සිදුවන බව සඳහන් වෙයි.

එම ඇණවුමට අනුව අදාළ වංචාකරුවන් ඇණවුම ලබාදුන් පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකු හරහා ඇණවුමට අදාළ ලිපිනයට භාණ්ඩ ලබාදීමක් සිදුකරන බව වාර්තා වෙයි.

එහිදී භාණ්ඩ පැමිණි විගසම වංචාකරුවන් විසින් ඔහුගේ බැංකු ගිණුමට මුදල් බැරකර ගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් භාණ්ඩ රැගෙන ආ රියදුරු මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී තමන් වංචාකරුවෙකුට හසුවී ඇති බවට තහවුරු වන බව පොලීසිය පෙන්වා දෙයි.

මෙවැනි සිදුවීම් පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි ෴


‘වැට් ඉන්වොයිස්’ ආකෘතිය ඔක්තෝබර් 01 සිට අනිවාර්යය කෙරේ

(16.08.2026 – 12:10 +0530 – sinhala.adaderana.lk)

සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් ‘වැට් ඉන්වොයිස්’ ආකෘතිය ඔක්තෝබර් 01 වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්‍යාපාරික ප්‍රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ඩිජිටල් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ බදු ජාලයේ විනිවිද භාවය ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය මාර්තු 27 වන දින මෙම නව ඉන්වොයිස් ආකෘතිය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේවෙතත් මේ සදහා ආයතනික මට්ටමින් මෘදුකාංග පද්ධති යාවත්කාලීන කර ගැනීමට අවශ්‍ය බවට ව්‍යාපාරිකයින් විසින් ඉල්ලීම් සිදුකර තිබු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ඉල්ලීම් සළකා බලා ඔක්තෝබර් 01 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත පිරිවිතරයන්ට අනුකූලව සිය ගිණුම්කරණ සහ බිල්පත් පද්ධති සකස් කර ගන්නා ලෙස අදාළ ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ව්‍යාජ ඉන්වොයිස් භාවිතය වැළැක්වීම, ගනුදෙනු පිළිබඳ ව නිසි කාලයට නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ බදු කාන්දු වීම අවම කිරීම මෙහි අරමුණ වන බවය ෴


අඩි තුන්සීයක (300) ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මරුට

(16.08.2026 – 11:28 +0530 – sinhala.adaderana.lk)

අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක (300) පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අයගම දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.

ඔහු පෙරේදා (14) දින ඥාති ගෙදරකට යන බව පවසා, නිවසින් පිටව ගොස් ඇති අතර එම ඥාති නිවස වෙත ඔහු නොපැමිණීම මත සිදුකළ දැනුම්දීමකට අනුව සොයාබැලීමේදී අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ගලේ පන්සල නැමති ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව ඇත.

පසුව අයගම පොලීසිය වෙත සිදුකරන ලද දැනුම්දීම මත ඊයේ (15) දින කුරුවිට යුද හමුදා නිලධාරීන් සමඟ පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔහුගේ මෘත දේහය අඩි තුන්සියක (300) පමණ ප්‍රපාතයක තිබී සොයාගත් බව පොලීසිය පැවසීය.

මේ අතර, යුද හමුදා නිලධාරීන් හා පොලීසිය උත්සහා කළද ඔහුගේ මෘත දේහය ඇති ස්ථානයට ළඟාවීමට නොහැකි වු බව පොලීසිය පැවසිය.

පසුව ඊයේ (15) රාත්‍රී මෙහෙයුමක් සිදුකර මෘත දේහය පිටතට ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වී ඇති අතර අද (16) ඔහුගේ දේහය ගොඩගැනීමේ මෙහෙයුම් කමාන්ඩෝ නිලධාරීන් හා යුද හමුදාව විසින් සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් පහළට ඇද වැටීමෙන් මියගියා ද නැතහොත් පහළට පැන සියදිවි හානිකර ගත්තාද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

+


අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසුන් බඳවා ගැනේ

(16.08.2026 – hirunews.lk)

2026 වර්ෂයට අදාලව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026 අගෝස්තු 07 වන දින නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව 2019 (නව හා පැරණි විෂය නිර්දේශ), 2020 (නව හා පැරණි විෂය නිර්දේශ), 2021, 2022 සහ 2023 යන වර්ෂයන්ට අදාළව උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවලින් සමත් වූ (අවම සුදුසුකම ලෙස සාමාන්‍ය සාමාර්ථ – S 03ක් ලබා ඇති) අයවලුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේ.

මෙම පුහුණුව සඳහා බඳවා ගැනීම සිදුකෙරෙන තනතුරු 08 වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, දන්ත කාර්මික ශිල්පී, අංගාදේශක හා සෘජුකරණඥ, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ඛන්තු රේඛන ශිල්පී, ඖෂධ සංයෝජක සහ විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු යන තනතුරු වේ.

කෙසේ වෙතත්, ඒ ඒ තනතුරු අනුව මූලික සුදුසුකම් වෙනස් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වන දින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ෴


යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි – 10 ක් ‍රෝහලේ

(16.08.2026 – hirunews.lk)

යාපනය ඩෙල්ෆ් මුහුදේදී බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරකින් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

අද (16) පස්වරු 05:30 ට පමණ මෙම මගී බෝට්ටුව යාපනය නාගදීප දූප‍ත ආසන්නයේදී අනතුරකට ලක්වූ බවට වාර්තා වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට එම බෝට්ටුවේ ගමන් කරමින් සිටි මගීන් 10 දෙනා නාගදීප රෝහලට ඇතුළත් කර ඇති බවත් කිසිදු ජීවිත හානිකයක් වාර්තා වී නොමැති බවත්ය.

පසුව එම පිරිස යාපනය මහ රෝහලට මාරුකර යවා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම පිරිස වන්දනාගමනක් සඳහා යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම බෝට්ටුවේ ගිය පිරිස යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයෙන් අද (16) පස්වරු 03:30 ට පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් සවස 05:30 ට ගමනාන්තය වන ඩෙල්ෆ් දූපතට පැමිණීමට නියමිතව තිබූ බවත් එසේ නොපැමිණි බැවින් නාවික හමුදාව විමසීමේදී මෙම අනතුර වාර්තා වූ බවත් නාවික හමුදාව පැවසුවා.

මුහුදු නොයන ලෙසට අනතුරු ඇඟවීම් ලබා දී තිබියදීත් මෙම පිරිස එය නොතකා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


උදය ගම්මන්පිලගේ කවුරුත් නොදන්න සම්පූර්ණ කතාව (16.08.2026)

+


ශිරාන් භාසික් ලංකාවට පටවපු එකේ ඇත්තම කතාව. රු. කෝටි 250 අල්ලස පොලිස් ලොක්කට දීපු නැති නිසයි හෝටලේ කැඩුවේ (16.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *