අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11 ක් මුදාගනී – නාවිකයෙක් (1) අතුරුදන්

අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11 ක් මුදාගනී – නාවිකයෙක් (1) අතුරුදන්

ජනාධිපති සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව නීතිඥ සංගමය ඉල්ලයි

මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්

රට පුරා ග්‍රාම නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව පනී – රජයේ සියලු ව්‍යාපෘතිවලින් වහාම ඉවතත් වෙයි (15.08.2026)

බියගුළු පොලිස්පති ඉවතට, ශානි පොලිස්පති ධුරයට | මාලිමාව වැරදි බව ජනපති පිළිගනී (15.08.2026)

අධිභාරය නිසා වාහන වෙළඳපොල උඩු යටිකුරු වෙයි – අලුත්ම මිල ගණන් මෙන්න (15.08.2026)


අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11 ක් මුදාගනී – නාවිකයෙක් (1) අතුරුදන්

(15.08.2026 – hirunews.lk)

අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ පුද්ගලයින් 12 දෙනෙකු සිට ඇති අතර, ඒ අතරින් 11 දෙනෙකු මේ වනවිට මුදාගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඒ අනුව, මුදාගත් පිරිසෙන් 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

එක් (1) අයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහුව සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

+++

+++

+++

නැවේ වැදිලා නේවි බෝට්ටුවේ පතුල ගිහින් | ඩෝරා යාත්‍රාවෙන් සෙබළු මුදා ගත් ධීවරයින්ගේ ඇඟ හිරිවැටෙන කතාව (15.08.2026)

+++

+


ජනාධිපති සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව නීතිඥ සංගමය ඉල්ලයි

(15.08.2026 – 12:08 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.

අගෝස්තු 14 වනදා යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවය.

එම වීඩියෝවෙන් ලබාදී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාවක කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බව එම ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම් නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා ඇත.

එමෙන්ම හැකි හොඳම ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇත ෴

+++

ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්

(15.08.2026 – hirunews.lk)

පසුගිය අගෝස්තු 12 වන දින ජනපතිවරයා සමග පවත්වන ලද රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය නිල ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ (unedited) වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවයි.

එමෙන්ම, රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

තවද, අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා ෴

+++

රජීව් අමරසූරියගේ සංස්කරණය නොකළ සම්පුර්ණ කතාව මෙන්න :

+


මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්

(15.08.2026 – hirunews.lk)

වත්තල – මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කිරිම සඳහා මේ වනවිට රථ දෙකක් (2) යොදවා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴


රට පුරා ග්‍රාම නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව පනී – රජයේ සියලු ව්‍යාපෘතිවලින් වහාම ඉවතත් වෙයි (15.08.2026)

සෙනසුරාදා අපි වැඩ කරන්නේ නෑ. රට පුරා ග්‍රාම නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව පනී. 24 කොළඹ වටලන්න සූදානම් වෙයි. රජයේ සියලු ව්‍යාපෘතිවලින් වහාම ඉවතට.

+


බියගුළු පොලිස්පති ඉවතට, ශානි පොලිස්පති ධුරයට | මාලිමාව වැරදි බව ජනපති පිළිගනී (15.08.2026)

+


අධිභාරය නිසා වාහන වෙළඳපොල උඩු යටිකුරු වෙයි – අලුත්ම මිල ගණන් මෙන්න (15.08.2026)

+

මහනායක හාමුදුරුවන්ගේ ලියුමට අනුරලා කරපු වැඩේ හරිම කැතයි… නලින්දයා බොරු විදිනවා (15.08.2026)

+

අනුර ඉන්නෙ ඔක්කොටම වඩා හොල්මං වෙලා (15.08.2026)

+

ශිරාන් බාසික්ට පසුව තවත් ප්‍රබල පාතාලයෙක් එයි! කවුද මේ ශිරාන් බාසික්? (15.08.2026)

+

ඇන්.ඇම්., ජේ.ආර්., රනිල් සහ ප්‍රකෝපවූ ස්ත්‍රිය (15.08.2026)

+

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එල්ල වන ආණ්ඩුවේ මර්දනය! (15.08.2026)

+

මාලිමාවට කඩේ ගිය උවිඳුට අත් වෙච්ච ශෝකජනක ඉරණම (15.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *