මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රු. ලක්ෂ 850 කට අධික වත්කම් අයථා ලෙස ඉපයූ ‘කුඩු පොඩ්ඩි’ රිමාන්ඩ්
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රු. ලක්ෂ 850 කට අධික වත්කම් අයථා ලෙස ඉපයූ ‘කුඩු පොඩ්ඩි’ රිමාන්ඩ්
(14.08.2026 – 14:11 +0530 – sinhala.adaderana.lk)
හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක දේපොළ අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ‘වින්දනීය සූරියාරච්චි’ හෙවත් ‘පොඩ්ඩී’ නමැති සැකකාරිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළේය.
ඒ සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
වසර 14 ක කාලයක් තුළ ‘හෙරොයින් මත්කුඩු ජාවාරම’ තුළින් රුපියල් ලක්ෂ 850 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය සම්බන්ධයෙන් රඳවාගෙන විමර්ශන සිදු කරනු ලැබීය.
මෙලෙස නීති විරෝධී ලෙස අත්පත් කරගන්නා ලද කොළඹ ආසන්නයේ පිහිටි නිවාස තුනක් (3), වෙළඳ සැල් තුනක් (3) සහ බැංකු ගිණුම් හයක් (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට තහනමට ගෙන ගෙන ක්‍රියා විරහිත කර තිබෙන බවත් අධිකරණයට වාර්තා කළේය.
මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාරිය සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
+++
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴