ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ දිවයිනට රැගෙන එයි
අම්මාගේ මළගෙදර යන්න ‘බැකෝ සමන්’ බෑ කියයි
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
බස් හෝල්ට් අවහිර වන ලෙස වාහන නතර කරන රියදුරන්ට වැඩ වරදියි
බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට
ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ දිවයිනට රැගෙන එයි
(14.08.2026 – 21:00 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.
ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකු (2) ද රැගෙනවිත් තිබේ.
අද (14) රාත්‍රී 08:48 ට Air Arabia ගුවන් සේවයේ ‘3.එල්.708’ දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.
දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ‘ශිරාන් බාසික්’ 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ ‘රතු වරෙන්තු’කරුවෙකි. ‘ශිරාන් බාසික්’ ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි.
පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.
ඔහු ඉකුත් ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බව වාර්තා වෙයි.
එමෙන්ම මොහු ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
‘ශිරාන් බාසික්’ මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් (1) අයෙකු වන බවට සැලකේ.
කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යාමට නියමිතය.
+++
+
අම්මාගේ මළගෙදර යන්න ‘බැකෝ සමන්’ බෑ කියයි
(14.08.2026 – hirunews.lk)
බන්ධනාගාර ගතව පසුවන ‘නිර්මල ප්‍රසංග’ නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තා, වෙඩි තබා ඝාතනය කෙරුණු සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 12 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ‘බැකෝ සමන්’ගේ මව ජීවිතක්ෂයට පත්වූ අතර, ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට පළිගැනීමක් ලෙස ‘කරන්දෙණියේ සුද්දා’ විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට දැනට කෙරෙන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, ‘බැකෝ සමන්’ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත නොයන ලෙස ‘කරන්දෙණියේ සුද්දා’ විසින් මියගිය මවට මීට පෙර තර්ජනය කර තිබූ බවත්, එම තර්ජන නොසලකා ඇය ඔහුව හමුවීම මෙම ඝාතනය සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.
+++
+
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
(14.08.2026 – hirunews.lk)
පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් දිවයින පුරා පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.
‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරි වසම් 17 ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි.
ඇතැම් ප්‍රදේශවල මේ වන විට පානීය ජල හිඟයක්ද පවතින අතර, කෘෂිකර්මාන්තයට මෙන්ම දෛනික ජන ජීවිතයටද උද්ගතව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.
පොළොන්නරුව – හිඟුරක්ගොඩ, හතරැස් කොටුව මාකුලා වැව සිඳීයාමත් සමග එම ගම්වාසීන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
එසේම, මිහින්තලේ ප්‍රදේශයට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන්, මිහින්තලය පුනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහා වෙරුප්පන්කුලම පංසල් වැව ආදී වැව් වල ජලය සිඳී යාම ආරම්භ වී ඇති බවද ‘හිරු වාර්තාකරු’ පැවසුවා.
මේ අතර, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හෙට දිනයේදීත් අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල ඊට අයත්.
මේ අතර, අද (14) දිනයේදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුව ප්‍රදේශයෙන්.
මඩකලපුව, මොණරාගල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රීක්කවල පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට බව්සර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.
එවන් පසුබිමක රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ පවතින උණුසුම් කාලගුණ තත්වය සමග විශාදය වැනි රෝග උත්සන්න වීමේ හැකියාවක් ද පවතින බවයි.
මේ අතර, එල්-නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරුණා.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල්-නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා ෴
+++
+
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
(14.08.2026 – hirunews.lk)
මාස තුනක (3) කාලයක් සඳහා වාහන මත රේගු ආනයන බද්දට අදාළව පැනවූ සියයට 50 ක අධිභාරය හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා ෴
බස් හෝල්ට් අවහිර වන ලෙස වාහන නතර කරන රියදුරන්ට වැඩ වරදියි
(14.08.2026 – 20:56 +0530 – sinhala.adaderana.lk)
පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී ඇත.
බස් නැවතුම්පොළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන අතර, එමගින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාව පවතින බස් රථ සේවාවක්ද හඳුන්වා දී තිබෙන බැවින් බස් රථ නැවතුම් ස්ථානවල එම බස් රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතු බවය.
මෙලෙස වෙනත් වාහන නවතා තබන විට ආබාධිත පුද්ගලයින්ට මෙන්ම මගීන්ට ද බස් රථවලට නැගීමේදි හා බැසීමේදි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදු ව ඇති බව පොලීසිය අවධාරණය කර සිටී.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30 ක් ඇතුළත හා පිටවන මීටර් 15 ක් ඇතුළත වාහන නවතා තැබීම එමඟින් තහනම් කර ඇත.
එම ගැසට් පත්‍රය මඟින් බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම් ස්ථානයට ලඟාවෙන පැත්තෙන් මීටර් 15 ක් ද, පිටවීමේ දෙසින් මීටර් 10 ක්ද ඇතුළත අනෙකුත් වාහන නතර කර තැබීම තහනම් කර තිබේ.
මගී ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුනට බස් රථවලට නැගීමට හා බැසීමට හැකියාව ලැබෙන පරිදි බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු පොලිස් ස්ථානයන් දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් ෴
බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට
(14.08.2026 – 20:04 +0530 – sinhala.adaderana.lk)
බන්ධනාගාරයේ නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව සොයමින් සිටි පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පසුගියදා නව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්ත්වය අතරතුරදී මියගිය ‘මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්’ නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු, ‘අස්මාන්’ නැමැත්තා විසින් පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.
ඔහු නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇතිවීමට දින තුනකට (3) පෙර ඇපමත නිදහස්ව ඇති බව ද පොලිසිය පැවසීය.
එමෙන්ම ඔහු ‘කොස් මල්ලි’ නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයෙක් බවට ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පසු සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ‘කොස් මල්ලි’ සමග සිදුකළ සංවාද කිහිපයක හඬපට ද පොලිසිය සොයාගෙන තිබේ.
එම දුරකථන සංවාදවල ඇතුළත්ව තිබී ඇත්තේ, බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම් වන අතර එහි ඔවුන්ට අනතුරක් සිදුකිරීමට සූදානම්වන බවට ද සඳහන්ව ඇති බව පොලිසිය පවසයි ෴
රත්මලාන ඝාතනයට ආධාර දුන් දෙදෙනෙකු (2) ‘අයිස්’ සමඟ අල්ලයි
(14.08.2026 – 10:14 +0530 – sinhala.adaderana.lk)
රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී පසුගියදා වෙඩි තබා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු (2) ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 01 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන කඳවල හන්දිය අසලදී සිදුවූ මෙම වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් (1) සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
තවත් සැකකරුවෙකු (1) එදිනම දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.
අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 41 සහ 48 යන වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම සැකකරුවන් විසින් අපරාධය සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවටත්, වෙඩික්කරුට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ආධාර අනුබල දී ඇති බවටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි ෴
අවු. 250 කට කළින් දෙමළ ජාතිය මේ රටේ හිටියේ නෑ – තිස්ස, කුරුන්දි, පබ්බත විහාරවල ඉඩම් මැනලා ඉවරයි (14.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴