අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදී පාළු පාරක දමාගිහින්

අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදී පාළු පාරක දමාගිහින්

ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි

‘බැකෝ සමන්’ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට

“ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා.. එකම උත්තරේ මේක නොකර ඉන්න” : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය

හෙට (14) පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් අද (13) මධ්‍යස්ථානයක

වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඉන්දියාවෙන් ලංකාවට

අස්මාන් අයියා මරණවා කියලමයි වටකරගෙන ගැහුවේ | මැගසින් ගැටුම සියසින් දුටු රැඳවියෙක් හෙළිකරයි (13.08.2026)

Hiru TV Balaya Live | Episode 654 | 2026-08-13


අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදී පාළු පාරක දමාගිහින්

(13.08.2026 – 17:20 +0530 – sinhala.adaderana.lk)

අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමංකර දමාගොස් සිටි අවුරුදු හතරක් (4) පමණ වයසැති දැරියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අද (13) වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක සිටියදී මෙලෙස සොයාගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරවරු 7 ට පමණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

ළමයා රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් cctv දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව පොලීසිය පවසයි.

දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.

+++

+++

+


ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි

(13.08.2026 – 16:26 +0530 – sinhala.adaderana.lk)

ශබ්දය වෙනස් කර ඇති, මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි කළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු.පී.ජේ. සේනාධීර මහතා අද (13) මේ බව පැවසීය.

යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එමෙන්ම වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.

“ලියාපදිංචි නොකළ, ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි, ශබ්දය වෙනස් කරලා තියෙන, මුල් ආකෘති වෙනස් කරලා තියෙන යතුරුපැදි භාරයට ගන්න කියලා රථ වාහන නිලධාරීන්ට අපි උපදෙස් දීලා තියෙන්නේ. අපි දැක්ක දෙයක් තමයි කණ්ඩායමක් වශෙයෙන් යතුරුපැදි පදින අය අඩුම වශයෙන් මත් පෙති හරි පාවිච්චි කරලා නැත්නම් ගංජා, නැත්නම් අයිස්, නැත්නම් කොකේන් ඒ වගේ මත්ද්‍රව්‍ය පාවිච්කරලා විකෘත්ති මානසිකත්වයකින් තමයි මේ යතුරුපැදි පදින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පණිවුඩය තමයි, අපි රථ වාහන නිලධාරීන්ව දැනුම්වත් කරලා තියෙන්නේ කිසිම සමාවක් දෙන්න එපා මෙවැනි නොහික්මුණු විනය ගරුක නොවන, නීති ගරුක නොවන තරුණයන් නිසා මුළු සමාජයම අනතුරට ලක්වෙන්න දෙන්න එපා. ඒ නිසා අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. වයස අවුරුදු 18 අඩු කෙනෙකුට එහෙම නැතිනම් 18 වැඩි රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට වාහනයක් දෙනවානම්, විශේෂයෙන් අපි දකිනවා දෙමාපියෝ වාහන දෙනවා පැහැදිලිවම අපි ස්ථානාධිපතිවරුන්ට කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අය පියා හෝ කමන් නෑ ඉදිරිපත් කරන්න.”


‘බැකෝ සමන්’ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට

(13.08.2026 – hirunews.lk)

මිද්දෙණිය – උලහිටියාව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘බැකෝ සමන්’ගේ මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තවත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ට අදාල ඝාතනයෙන් පසු නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ‘බැකෝ සමන්’ගේ මව විසින් බවටයි හෙළි වී ඇත්තේ.

‘ඉෂාරා සෙව්වන්දි’ට රටින් පලාගොස් යාම සදහා යාපනය දක්වා ගමන් පහසුකම් ලබා දී ඇත්තේ ද ‘බැකෝ සමන්’ වන අතර, ඒ හේතුවෙන් ඔහුගේ මවට ‘ගනේමුල්ල සංජීව’ගේ හිතවාදී පාර්ශ්වයන් වන ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වයෙන් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.‍

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයෙන් පසු ‘ඉෂාරා සෙව්වන්දි’ මතුගමත්, මාතරත්, වවුනියාවේත් රැඳී සිටි ඇති බව වාර්තා වූ අතර, පසුව ඇය යාපනය ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පැනගොස් තිබුණා.

මේ අතර, මෙම ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලිසිය සොයාගත්තා.

ඒ අනුව, ඇගිලි සලකුණු සටහන් කරගැනීමේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මිද්දෙණිය – උලහිටියාව ප්‍රදේශයේ නිවස ඉදිරිපිට රැඳීසිටි ‘බැකෝ සමන්’ගේ මව ඉලක්ක කර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඊයේ (12) පස්වරුවේ ‍මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ ‘බැකෝ සමන්’ නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එමෙන්ම ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ සහ දරු දෙදෙනා (2) ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා එල්ල කරන්නේද ‘බැකෝ සමන්’ නමැත්තාටයි.

එමෙන්ම මීට පෙර, ‘බැකෝ සමන්’ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත්, ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ද පසුගිය මස 08 වැනිදා යම් කිසි පිරිසක් විසින් ගිනි තබා තිබුණා.

නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී ‘තැඹිලි ළහිරු’ගේ මව නිවසේ සිට ඇති අතර, ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ ෴


“ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා.. එකම උත්තරේ මේක නොකර ඉන්න” : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය

(13.08.2026 – hirunews.lk)

අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංවේදී හා උතුම් කරුණුවලදී ආණ්ඩුව කිසිදු අන්දමක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය පවසනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමඟ පැවැති සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සහ නීති ක්ෂේත්‍රයේ මතය පැහැදිලිව ඉදිරිපත් කළ බවත්, යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඇතුළු නීතිඥ ප්‍රජාව සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් හෙතෙම සඳහන් කළා.

මරදාන ජම්ඉයියතුල් උලමා මූලස්ථානය වෙත පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, “අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනවා කියලා, ඒකම උත්තරය මේක නොකර ඉන්න. රටේ සංවර්ධනය, ඇමති මණ්ඩල පත්කිරීම් වගේ දේවල්වලදී අවදානම් ගන්න පුළුවන් වුණත්, අධිකරණයේ ස්වාධීනත්වයට පහරක් වදින, අවදානමක් එන කිසිම දෙයක් කවදාවත් නොකළ යුතුයි. මන්ද මෙය සමස්ත ජනතාවගේම මූලික අයිතිවාසිකම්වලට සහ අනාගතයට බලපාන ජාතික ප්‍රශ්නයක්” යනුවෙන්.

එසේම, යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය, විනිසුරුවරුන්ගේ සංගම්, මහානායක හිමිවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ නිරීක්ෂකයින් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පවා විරෝධය පළ කර ඇති බවත්, මේ වන විට මෙයට පක්ෂව සිටින්නේ ආණ්ඩුව පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

එම නිසා හදිසි නොවී, පුළුල් විද්වත් සාකච්ඡාවකින් අනතුරුව රටට සහ ජනතාවට යහපත් වන සාධාරණ තීරණයකට එළඹෙන ලෙසයි ඔහු සඳහන් කළේ ෴

+++

+


හෙට (14) පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් අද (13) මධ්‍යස්ථානයක

(13.08.2026 – hirunews.lk)

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටුවා ඇති අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ, අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව ඇතුළු විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, ඊට පරිබාහිරව හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘භෞතික විද්‍යාව I’ ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් එම බහාලුම් තුළ තිබී හමුවී තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇත්තේ මධ්‍යස්ථාන 6 කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ තිබූ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර තොගය හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින් එමගින් ප්‍රශ්න පත්‍රය පිටතට නිරාවරණය වීමක් සිදුව නොමැති බවත් ඇය සඳහන් කළා.

නමුත් හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාගයක ප්‍රශ්න පත්‍ර, ඊට පෙර දින විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මෙලෙස පැමිණීම බරපතල ගැටලු සහගත තත්ත්වයක් බවත්, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ අවශ්‍ය ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇති බව ඇය සඳහන් කරනවා ෴

අද (13) පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට (14) පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් මෙලෙස හමුවී තිබේ. (sinhala.adaderana.lk) ෴


වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඉන්දියාවෙන් ලංකාවට

(13.08.2026 – 21:12 +0530 – sinhala.adaderana.lk)

වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් ජූලි 23වැනිදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී, වෙඩි ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) කටුනායක ගුවන්තොටුපොළේදී අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා (2) බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලාගොස් තිබූ අතර, එහිදී එරට ආරක්ෂක අංශ මගීන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇත. වත්තල ප්‍රදේශයේ පදිංච්කරුවන්වන මෙම දෙදෙනා (2) අතරින් එක් අයෙකු 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවන අයෙක්ය.

ඔවුන් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර තිබී ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනා (2) පැමිණි ගුවන් යානය කටුනායකට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

+++

+


අස්මාන් අයියා මරණවා කියලමයි වටකරගෙන ගැහුවේ | මැගසින් ගැටුම සියසින් දුටු රැඳවියෙක් හෙළිකරයි (13.08.2026)

+


Hiru TV Balaya Live | Episode 654 | 2026-08-13

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *