දවසට හතර වතාවක් (4) කෙරෙන ඛෙත්තාරාම මාවත හෙරොයින් ජාවාරමේ ‘හිරු CIA’ අනාවරණය
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක් : තුවාලකරුවෙක් රෝහලට
ගිනිගත් බන්ධනාගාර නිවන්නේ කෙසේද ? | අලුත් පාර්ලිමේන්තුව | 2026.08.12
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන එමගින් රු. ලක්ෂ 19 කට ආසන්න මුදලක් සොරකම් කල කාන්තාවක් අත්අඩංගුවට
(12.08.2026 – hirunews.lk)
අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් බැංකු කාඩ්පත් දෙකක් (2) සොරකම් කර, එමගින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කාන්තාවගේ පෙම්වතා පෙදරේරුවෙකු ලෙස අදාළ ව්‍යාපාරිකයා යටතේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට ඇති අතර හදිසි අවශ්‍යතාවයකට කොළඹට පැමිණෙන තම පෙම්වතියට එක් දිනක් සඳහා ව්‍යාපාරිකයාගේ නිවසේ නවාතැන් දිය හැකි දැයි ඔහු විමසා තිබෙනවා.
පෙදරේරුවාගේ බිරිඳ සහ ඇයගේ මව ව්‍යාපාරිකයා කාලයක සිට හඳුනන නමුත්, තමන් නිවසේ තනිව වෙසෙන බැවින් පෙම්වතියට පමණක් නවාතැන් දිය නොහැකි බවත්, මව සමග පැමිණෙන්නේ නම් නවාතැන් දිය හැකි බවත් ව්‍යාපාරිකයා පවසා ඇති බව සඳහන්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පෙදරේරුවා සිය පෙම්වතියට මව සමග ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් එහි නතර වී සිටින අතරතුර ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් සොරකම් කරන ලෙස උපදෙස් දී තිබූ බවයි.
ඒ අනුව, එක් රැයක් පමණක් නිවසේ නතර වූ සැකකාර කාන්තාව සහ ඇයගේ මව, රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් දෙකක් (2) සොරකම් කර නිවසින් පලා ගොස් තිබෙනවා.
නිවසින් පලා යන අතරතුර පෙදරේරුවා ද ඔවුන් සමග එකතු වී ඇති අතර අතරමගදී සොරකම් කරන ලද බැංකු කාඩ්පත් මගින් රුපියල් පනස්දහසක (50,000) මුදලක් ලබාගෙන තිබෙනවා.
ඉන්පසු ඔවුන් වාද්දුව ප්‍රදේශයේදී සිය විවාහය ලියාපදිංචි කර, එදිනම රාත්‍රියේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක මංගල මධුසමය ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මධුසමය ගත කිරීමෙන් පසු පසුදින ඔවුන් වැලිගම ප්‍රදේශයට යමින් සිටියදී, සැකකාර කාන්තාවගේ පෙම්වතා බව කියන පෙදරේරුවා වැලිගම පොලිසිය මගින් වරෙන්තු කිහිපයක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විට ඔහු සතුව මත්ද්‍රව්‍ය ද තිබී හමු වී තිබෙනවා.
තම පෙම්වතා අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකාර කාන්තාව මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇය සොරාගත් බැංකු කාඩ්පත් භාවිතා කරමින් නවීන ජංගම දුරකතන දෙකක් (2), රන් භාණ්ඩ සහ විවිධ දෑ මිලදී ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
බැංකු කාඩ්පත් භාවිතා කරන ලද අලෙවිසැල්වල ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙකුගේ උපදෙස් මත සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර පදිංචි 26 හැවිරිදි එක් දරු මවක්.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
දවසට හතර වතාවක් (4) කෙරෙන ඛෙත්තාරාම මාවත හෙරොයින් ජාවාරමේ ‘හිරු CIA’ අනාවරණය
(12.08.2026 – hirunews.lk)
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ පවා අවධානය යොමුව ඇති පසුබිමක කිසිදු බියක් සැකයකින් තොරව ග්‍රෑන්ඩ්පාස් – ඛෙත්තාරාම මාවතේ උදේ, දහවල් මෙන්ම රාත්‍රී කාලයේ ද හෙරොයින් ජාවාරම් ක්‍රියාත්මක වනවා.
‘හිරු CIA’ කළ සොයා බැලීමකදී හෙළිවූයේ එම ප්‍රදේශයේ පිහිටා ඇති එම්. වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණය ද ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදා ගන්නා බවයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආසන්නයෙන් දිවෙන ඛෙත්තාරාම මාවත, ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වීම සඳහා මීටර් 400 ක් පමණ දිගකින් යුතු වනවා.
මෙම පටු මාර්ගය මේ වනවිට සංවිධානාත්මක හෙරොයින් ජාවාරම්කරුවන් සිය මත්කුඩු බෙදාහැරීමේ නවතම තිප්පොළ බවට පත්කරගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු හෙළි කළේ, එම්. වින්සන්ට් පෙරේරා ළමා ක්‍රීඩාංගණය ද හෙරොයින් බෙදා හැරීමට යොදා ගන්නා අතර දිනකට අවස්ථා හතරකදී (4) ජාවාරම ක්‍රියාත්මක බවයි.
මත්ද්‍රව්‍ය විකිණීම සඳහා එක් (1) අයෙකු නොව දෙතුන් දෙනෙකු (2 – 3) පැමිණෙන බවත් ක්‍රීඩාංගණයේ මැද හරියේදී ජාවාරම සිදුකරන බවත් මොහු පවසනවා.
එක් (1) කෑල්ලක් රුපියල් දහසකට (1000) අලෙවිකරන බවත් ජාවාරම්කරුවන් ඛෙන්තාරාම මාවතේ මල් පාත්ති ඇතුළු විවිධ ස්ථානවල හෙරොයින් සඟවා තබන බවද වාර්තා වනවා.
ඇතැම් අවස්ථාවල ත්‍රිරෝද රථවල මෙන්ම යතුරුපැදිවලින් ද ජාවාරම්කරුවන් පැමිණ කිසිදු බියක් හා සැකයකින් තොරව හෙරොයින් ජාවාරම් කරන අතර ඔවුන් අතර බහින්බස්වීම් ද සිදුවනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඛෙත්තාරාම මාවත තම ග්‍රහණයට ගෙන කරගෙන යන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අවස්ථා කිහිපයකදී මෙරට ආරක්ෂක අංශ දැනුවත් කළා.
එහෙත්, එළිපිටම මහ දවාලේ පවා මෙම ජාවාරම්කරුවන් කිසිවෙකුට නොබියව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් පවත්වාගෙන යාම කණගාටුවට කරුණක්.
+
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක් : තුවාලකරුවෙක් රෝහලට
(12.08.2026 – hirunews.lk)
යාල ජාතික වනෝද්‍යානයේ සිදුකළ වනජීවී මෙහෙයුමක් අතරතුර දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සිදුවීමෙන් එක් අයෙකු (1) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තණමල්විල යාල ජාතික වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් යාල රක්ෂිතය තුළ ඊයේ (11) සිදුකළ මෙහෙයුමකදී සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු (2) පලාගොස් ඇති අතර, ඇල්ලගල වම් ඉවුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ළඟ තිබී මුව මස් තොගයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ෴
ගිනිගත් බන්ධනාගාර නිවන්නේ කෙසේද ? | අලුත් පාර්ලිමේන්තුව | 2026.08.12
+
Siyatha TV Thrikoonaya – Ajith P. Perera – 12.08.2026
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴