ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

නලින්ද කිව්වේ පට්ටපල් බොරු | මහානායක හිමිවරුන්ගේ ලිපියත් රැගෙන ආ ගම්මන්පිල පත්තු කළ බෝම්බය (12.08.2026)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්

රු. ලක්ෂ ගාණක් සල්ලි ගන්න ගායක ගායිකාවෝ කතෘභාග ගෙවන්න – අපි සත පහක් ගෙවන්නේ නෑ (12.082.26)

වෙඩි වැදුණු ‘බැකෝ සමන්’ගේ මව මරුට

කල් ඉකුත් ආලේපන නිසා දෙවෙනි වතාවටත් නීතියට කොටුවෙයි | කඩහිමියාට කට උත්තර නෑ…! (12.08.2026)

“මගේ සැත්කම මමම කරලා ගිනස් පොතට නම වැටුනා” – ලොවම මවිත කල විශ්ම කර්ම දොස්තර (12.08.2026)


ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

(12.08.2026 – 15:29 +0530 – sinhala.adaderana.lk)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (12)පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමසේ සභාපතිවරයා :

“අපේ ස්ථාවරය ගැන ජනාධිපතිතුමාට කතා කළා. පළමු වතාවට අපි ජනාධිපතිතුමාව මේ සම්බන්ධයෙන් හමුවුණේ. අපි කාලෙකට ඉස්සෙල්ලා සාකච්ඡාවක් ඉල්ලලා තිබුණා.

අපි පැහැදිලි කරලා දුන්නා වෘත්තිය විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ඇයි කියලා. මේ සාකච්ඡාවට අපේ විසි ගානක් හිටියා. ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු, මහාචාර්යවරු.

අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමත් එතුමාගේ අදහස අපට කිව්වා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුත්තේ කියලා.

මේක කවුරුත් කාටවත් විරුද්ධ සටනක් නෙමෙයි. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. නීතිඥ සංගමයයි, නීතිඥ වෘත්තියේ මතයත්. අනිත් පැත්තෙන් ජනාධිපති ජනාධිපතිතුමාගේ අදහසත්.

අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා. මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා.

අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා. ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම.

අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. අපි හමුවුණේ අතිගරු ජනාධිපතිතුමා. එතුමත් පරිණත නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අවුරුදු ගාණක් සටන් කරලා තියෙනවා. මම හිතන්නේ පාරටත් බැහැලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා.”

+++

+++

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් – ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි

(12.08.2026 – hirunews.lk)

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබෙනවා.

එහිදී රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඇතුළු එම සංගමයේ නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

මෙම හමුව සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජනාධිපති නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර ද එක්වී සිටි බවයි නීතිඥ සංගමය පවසන්නේ.

මෙම යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම සාකච්ඡාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, හිටපු සභාපතිවරුන් වන ජෙෆ්රි අලගරත්නම් සහ උපුල් ජයසූරිය අදහස් දැක්වූවා.

විශේෂයෙන්ම මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර පැහැදිළි කර ඇත්තේ බලතල බෙදීයාමේ සංකල්පය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණක් වන විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රාජ්‍ය සේවයේ වෙනත් සේවා කාල දීර්ඝ කිරීම්වලින් වෙනස් වන බවයි.

ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ අතර, මෙහිදී නීතිඥ සංගමය යෝජනා කළේ නීතිඥවරුන්, විනිසුරුවරුන්, අධ්‍යයන අංශ සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළත් කර ගනිමින් නිසි සහ අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් (consultative process) ආරම්භ කළ යුතු බවයි.

එසේම, මෙම කාරණය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Parliamentary Select Committee) වෙත යොමු කර සලකා බලන ලෙසද නියෝජිත පිරිස යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රීයෙන්සි අර්සකුලරත්න, එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා, එහි භාණ්ඩාගාරික නීතිඥ පසිඳු සිල්වා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් , ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතිඥ ලාල් විජේනායක, ජනාධිපති නීතිඥවරුන් වන මහින්ද විජේසුරේන්ද්‍ර, නීතිඥ ටී. ජයනාග, නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර , කලාපීය උප සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි , නීතිඥ සඳුන් නාගහවත්ත , නීතිඥ ඒ.එල්. නතීර්, නීතිඥ චන්දිම විජේරත්න, නීතිඥ රුවන් ආසිරි ද සිල්වා, නීතිඥ සුනිල් වීරකෝන්, යාපනය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බී. තවපාලන් ජ්‍යෙෂ්ඨ සාමාජික නීතිඥ නාලනි මනතුංග මෙම අවස්ථාවට එක්ව සිටියා ෴


නලින්ද කිව්වේ පට්ටපල් බොරු | මහානායක හිමිවරුන්ගේ ලිපියත් රැගෙන ආ ගම්මන්පිල පත්තු කළ බෝම්බය (12.08.2026)

+++

මෙන්න බලාගන්න මහ නායක හිමිවරු අත්සන් කරපු ලියුම – ආණ්ඩුව සුපිරියටම හාමුදුරුවන්වත් අන්දනවා (12.08.2026)

+++

උදේට එකක් කියනවා හවසට තව එකක් කියනවා | නලින්ද පුරුදුවෙන්න බොරු කියන මිනිහෙක්නේ | චාමර (12.08.2026)

+++

පාඨලී ආණ්ඩුවට එකපාරම බය වෙයි (12.08.2026)

+


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්

(12.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් (2) ඉහළ නංවමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජනා කර ඇති සංශෝධනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) විසින් ශ්‍රී ලංකා රජය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම යෝජිත සංශෝධනය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඇතුළත් කරුණු හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්ති සහගත නඩු විභාගයකට ඇති අයිතියට බරපතල බලපෑම් එල්ල විය හැකි බව ඇය පෙන්වා දෙනවා.

වත්මන් ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් වන අතර, යෝජිත ක්‍රමවේදය යටතේ එය පිළිවෙළින් 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

විශේෂයෙන්ම මෙම යෝජිත වෙනස්කම් අනාගතයට පමණක් නොව, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලයටද (Tenure of sitting judges) එකවර බලපාන ආකාරයට සකස් කර තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව විශේෂ වාර්තාකාරිනිය අවධාරණය කරනවා.

නිසි උපදේශන ක්‍රියාවලියකින් තොරව සහ බාහිර බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ ආරක්ෂාව තහවුරු නොකර හදිසියෙන් ගෙන එන මෙවැනි සංශෝධන මඟින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බව ඇය පෙන්වා දෙනවා.

එම නිසා, මෙම යෝජිත සංශෝධනයට පාදක වන හේතු, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑම්වලින් තොරව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ සිදු කර ඇති සාකච්ඡා පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසයි ඇය රජයෙන් ඉල්ලා සිටින්නේ ෴


රු. ලක්ෂ ගාණක් සල්ලි ගන්න ගායක ගායිකාවෝ කතෘභාග ගෙවන්න – අපි සත පහක් ගෙවන්නේ නෑ (12.082.26)

+


වෙඩි වැදුණු ‘බැකෝ සමන්’ගේ මව මරුට

(12.08.2026 – 19:15 +0530 – sinhala.adaderana.lk)

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව සඳහන්ය.

වෙඩි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න’ හෙවත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

+++

+


කල් ඉකුත් ආලේපන නිසා දෙවෙනි වතාවටත් නීතියට කොටුවෙයි | කඩහිමියාට කට උත්තර නෑ…! (12.08.2026)

+


“මගේ සැත්කම මමම කරලා ගිනස් පොතට නම වැටුනා” – ලොවම මවිත කල විශ්ම කර්ම දොස්තර (12.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤