දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක – හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු
මෙරට දෙවැනි අරගලය බන්ධනාගාර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමේ දැඩි අවදානමක් ..
මහ සද්ද දැම්මොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. අලුත් නීති ඇවිත්..
සත්‍ය හෙළි කරන සැකකරුවන්ට සහනයක්.. අල්ලස් පනතට නව සංශෝධන..
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03 කට අධිකරණයෙන් දඩ
වැඩි මිලට සහල් විකුණු වෙළෙඳසැල් දෙකකට (2) රු. ලක්ෂ තුනක (3) දඩයක්
පොලිසිය බලාගෙන ඉද්දීම කප්පන් ගන්න ඇඹිලිපිටිය බස් මාෆියාවේ කෙරුම්කරයෝ (09.08.2026)
ශිෂ්‍යත්ව විභාගය කෑගල්ල ගිනියම් කරයි, සිසු සිසුවියන් එක්ක අම්මලා මහ පාරේ හඩා වැටෙයි… (09.08.2026)
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක – හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු
(09.08.2026 – 11:08 +0530 – sinhala.adaderana.lk)
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600 ක ගමන් වියදම් දීමනාව වසර 8 ක් පුරාවට වැඩි නොකර ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.
2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20 කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පළ කරමින් හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.
+
මෙරට දෙවැනි අරගලය බන්ධනාගාර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමේ දැඩි අවදානමක් ..
(09.08.2026 – lankacnews.com)
මෙරට දෙවැනි අරගලය බන්ධනාගාර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමේ දැඩි අවදානමක් පවතින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති උත්සාහය සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය සහ එහි පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, බන්ධනාගාර ප්‍රශ්නය නිසි ලෙස විසඳීමට අපොහොසත් වුවහොත් එය රටේ මීළඟ මහජන අරගලයේ ආරම්භක ලක්ෂ්‍යය වනු ඇති බව පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස විවේචනය කළ මෛත්‍රී ගුණරත්න මහතා, අනෙකුත් රාජ්‍ය සේවකයන්ට නොමැති වරප්‍රසාදයක් විනිසුරුවරුන්ට පමණක් ලබා දීම යුක්තිසහගත නොවන බව පැවසීය.
“හමුදා නිලධාරීන් වයස අවුරුදු 55 දී විශ්‍රාම යනවා. සෙසු රාජ්‍ය සේවකයන් 60 දී විශ්‍රාම යනවා. එසේ තිබියදී විනිසුරුවරුන්ට පමණක් සේවා කාලය දීර්ඝ කරන්නේ ඇයි?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
යම් පුද්ගලයෙකුගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු කළහොත්, එම පුද්ගලයා එම තීරණය ගත් පාර්ශවය කෙරෙහි කෘතඥතාවයකින් කටයුතු කිරීමට පෙළඹිය හැකි බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සංශෝධනය 2028 වසරෙන් පසුව ක්‍රියාත්මක වන්නේ නම් එහි ගැටලුවක් නොමැති වුවද, වත්මන් දේශපාලන වටපිටාව තුළ මෙවැනි තීරණ ගැනීම පිටුපස සැඟවුණු අරමුණු තිබිය හැකි බවට ද ඔහු සැක පළ කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා සියලු දෙනා අවධානයෙන් පසුවිය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය ෴
මහ සද්ද දැම්මොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. අලුත් නීති ඇවිත්..
(09.08.2026 – lankacnews.com)
මහජනතාවට සහ පරිසරයට බාධාකාරී වන අයුරින් සිදුකරන ශබ්ද දූෂණය හෙවත් ප්‍රජා ඝෝෂාවන් පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම නව නීතිමය ප්‍රතිපාදන යටතේ ශබ්ද දූෂණය සිදුකරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය හිමිවේ.
වසර 26 කට පසුව සංශෝධනය කරන ලද ජාතික පාරිසරික පනත යටතේ මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වේ. මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ ශබ්ද දූෂණය “සංඥේය වරදක්” ලෙස නම් කර තිබීමයි. ශ්‍රී ලංකා නීතියට අනුව සංඥේය වරදක් යනු පොලිසියට අධිකරණ වරෙන්තුවක් නොමැතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි බරපතල ගණයේ අපරාධයකි.
- නව රෙගුලාසිවලට අනුව ප්‍රජා ඝෝෂා ගණයට පහත කරුණු ඇතුළත් වේ.
- පොදු ප්‍රවාහන බස් රථවල අධික ශබ්දයෙන් යුතුව ගුවන් විදුලි යන්ත්‍ර, සබ් වූෆර් සහ ස්පීකර් භාවිතය.
- උස් හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය.
- වාහනවල නලා (Horns) අධික ලෙස ශබ්ද කිරීම.
- රාත්‍රී කාලයේදී අසල්වැසියන්ට සහ මහජනතාවට බාධා වන අයුරින් සිදුකරන විවිධ ශබ්ද නිකුත් කිරීම්.
විශේෂයෙන්ම පොදු ප්‍රවාහන බස් රථවල මගීන්ට පීඩාකාරී වන අයුරින් වාදනය කරන අධික ශබ්ද සහිත සංගීතය පාලනය කිරීමට මෙමගින් වැඩි අවධානයක් යොමු කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මනෝහර රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම නව රෙගුලාසි මගින් පුරවැසියන්ගේ විනෝදාස්වාදය, සංස්කෘතික හෝ ආගමික නිදහසට බාධා කිරීමක් සිදු නොවන බවයි. එහි මූලික අරමුණ වන්නේ සියලු දෙනාට ජීවත් වීමට සුදුසු, පීඩාකාරී නොවන පරිසරයක් නිර්මාණය කිරීම බව ඔහු අවධාරණය කළේය.
මෙම පනත් කෙටුම්පත 2025 වසරේදී කැබිනට් අනුමැතිය ලබාගත් අතර, 2026 ජුනි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙම රෙගුලාසි පූර්ණ ලෙස බලාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව මහජන සාකච්ඡාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වේ.
ඉන් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට නියමිතය ෴
සත්‍ය හෙළි කරන සැකකරුවන්ට සහනයක්.. අල්ලස් පනතට නව සංශෝධන..
(09.08.2026 – lankacnews.com)
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සහ සියලු තත්ත්වයන් හෙළිදරව් කරන සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටීමට හෝ චෝදනා ඉවත් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල පැවරීමට යෝජනා වී ඇත.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සඳහා ඉදිරිපත් කර ඇති නව සංශෝධනවලට අනුව මෙම බලතල හිමිවීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව මෙම සංශෝධන ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇතැම් වගන්තිවල නීතිමය බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී වෙනස්කම් සිදු කර තිබේ.
පනතේ 67 වැනි වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා වී ඇති අතර, ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති නඩු පවා ඉවත් කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවස්ථාව හිමි වේ. යම් වරදකට හවුල් වූ අයෙකු තමා දන්නා සියලු සත්‍ය තොරතුරු හෙළිදරව් කරන්නේ නම්, ඔහුට එරෙහිව නඩු නොපැවරීමට හෝ නඩු පැවරීමෙන් නිදහස් කිරීමට මෙමගින් ඉඩ සැලසේ.
දූෂිත ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස උපයාගත් හෝ පරිවර්තනය කරන ලද ඕනෑම දේපළක වටිනාකම අයකර ගැනීමට නව සංශෝධන මගින් ප්‍රතිපාදන සලසා ඇත.
යම් පුද්ගලයෙකු දූෂිත ක්‍රියාවක් හරහා ලබාගත් කිසියම් ප්‍රදානයක්, පත්වීමක්, ප්‍රතිලාභයක් හෝ වාසියක් වේ නම්, ඔහු වරදකරු කරනු ලැබූ දින සිට එම සියලු වරප්‍රසාද නීති විරෝධී ලෙස සලකා අහෝසි කිරීමට ද යෝජනා වී තිබේ.
පළාත් රාජ්‍ය සේවයේ හෝ පොලිස් සේවයේ නිලධාරීන් සහ සේවකයන් තාවකාලිකව හෝ ස්ථිරව කොමිෂන් සභාවේ සේවය සඳහා පත් කිරීමට ද මෙම නව සංශෝධන මගින් අවස්ථාව සලසා දී ඇත ෴
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රු. ලක්ෂ 05 ක දඩ
(09.08.2026 – hirunews.lk)
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, උපකරණ භාවිත කිරීම සහ ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000 ක දඩයක් නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, රුධිර පරීක්ෂණයක් සඳහා පනවා ඇති රුපියල් 400 ක පාලන මිල ඉක්මවා රුපියල් 500 ක මුදලක් අය කර ඇති බවයි.
එමෙන්ම, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍යද එහි ගබඩා කර තිබියදී සොයාගෙන තිබෙනවා ෴
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03 කට අධිකරණයෙන් දඩ
(09.08.2026 – hirunews.lk)
අලෙවි නියෝජිතයින් නියම කළ මිලට වඩා වැඩි මිල ගණන්වලට යතුරුපැදි අලෙවි කිරීම සහ විකිණීමට තබා තිබූ යතුරුපැදිවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් හෙට්ටිපොල ප්‍රදේශයේ යතුරුපැදි වෙළෙඳසැල් තුනකට (3) හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.
මෙරට යතුරුපැදි වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ සීමිත සැපයුම් තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පාර්ශ්වයන් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් යතුරුපැදි ලබාගෙන, ඒවා පසුව සැබෑ පාරිභෝගිකයින් වෙත අධික මිල ගණන්වලට නැවත අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තොරතුරු ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බලපත්‍රලත් නිල යතුරුපැදි අලෙවි නියෝජිත සමාගමක් මගින් ද පාරිභෝගික අධිකාරිය වෙත ලිඛිතව කරුණු දක්වා තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ පවතින සීමිත සැපයුම හමුවේ පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා “පළමුව පැමිණෙන අයට ප්‍රමුඛතාව” ලබාදෙන පොරොත්තු ලේඛන ක්‍රමයක් ක්‍රියාත්මක කළ ද, ඇතැම් ජාවාරම්කරුවන් එය අවස්ථාවක් කරගනිමින් මෙලෙස අසාධාරණ ලෙස මුදල් උපයන බවයි.
මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 ජූලි 27 වන දින හෙට්ටිපොල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ වෙළෙඳසැල් හසුකරගෙන ඇති අතර, පසුව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, ඕනෑම යතුරුපැදියක් මිලදී ගැනීමට ප්‍රථම එහි නිල අලෙවි මිල සහ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කරන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම, සීමිත සැපයුම් තත්ත්වයන් හමුවේ පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස වැඩිපුර මුදල් අයකරන හෝ මිල ගණන් ප්‍රදර්ශනය නොකරන ජාවාරම්කාර වෙළෙඳුන් පිළිබඳ තොරතුරු පවතී නම්, රාජකාරි වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය පවසන්නේ ෴
වැඩි මිලට සහල් විකුණු වෙළෙඳසැල් දෙකකට (2) රු. ලක්ෂ තුනක (3) දඩයක්
(09.08.2026 – 15:11 +0530 – sinhala.adaderana.lk)
උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට (2) රු. ලක්ෂ තුනක (3) දඩයක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහිදී දේශීය ‘කීරි සම්බා’ සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 260 ක් ලෙස නියම කර තිබියදී, කිලෝ 05 ක ඇසුරුමක් කිලෝවක් රුපියල් 350 ක් වන ලෙසට අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු ගොනු කරන ලදී.
ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 150,000 ක දඩයක් නියම කෙරුණි.
එමෙන්ම යාලබෝව, වැල්ලවාය ප්‍රදේශයේ ආනයනික ‘පොන්නි සම්බා GR 11’ සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 240 ක් ලෙස නියම කර තිබියදී, කිලෝවක් රුපියල් 260 කට වැඩි මිලට සිල්ලරට අලෙවි කිරීම සම්බන්ධයෙන් ද නඩුවක් පවරා තිබේ.
එහිදී එම වරද පිළිගත් විත්තිකරුට ද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 150,000 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය ෴
පොලිසිය බලාගෙන ඉද්දීම කප්පන් ගන්න ඇඹිලිපිටිය බස් මාෆියාවේ කෙරුම්කරයෝ (09.08.2026)
+
ශිෂ්‍යත්ව විභාගය කෑගල්ල ගිනියම් කරයි, සිසු සිසුවියන් එක්ක අම්මලා මහ පාරේ හඩා වැටෙයි… (09.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴