කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායෙන් දැඩි විරෝධයක්…
‘කැසිනෝ හොරා නාගානන්ද’ට මාලිමාවෙන් දුන්න කොන්ත්‍රාත්තුව ? (08.08.2026)
අඩන්නෙ නැතුව අහනවා නං, මෙන්න කතාවක් (08.08.2026)
පැලවත්තෙන් කප්පාදු කළ ජේවීපී පාපිසිවලට වෙලා තියෙන දේ (08.08.2026)
මැගසින් ගැටුම පසුපස සිටින්නේ දූෂිත නිළදාරියෙක්! දකුණේ බන්ධනාගාරයක සැලසුමක් හෙළිවේ! (08.08.2026)
අනුර වෛරයේ ඵලය සිට ගොදුර දක්වා (08.08.2026)
‘බීඩි සරා’ සහ Good Bye Lenin (09.08.2026)
“ජෙනරාල් සලේ වෙනුවෙන් රටම කොළඹට!” – ශාන්ත ජයතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්! (08.08.2026)
කට්ටිය මට රොටියා කියලා හිනා වෙනවා – ඒත් කරන්න ලේසිම බිස්නස් එක රොටි හදන එක (08.08.2026)
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායෙන් දැඩි විරෝධයක්…
(09.08.2026 – lankacnews.com)
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, මහා විහාර වංශික ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමසිරිසද්ධම්ම නායක හිමියන් අවධාරණය කරන්නේ, මෙම උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි.
ප්‍රාදේශීය සභාව විසින් විහාරාධිපති හිමියන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ, විහාර භූමිය තුළ ‘පොදු මාර්ගයක’ බාධක පවතින බවත්, ඒවා 2026 මැයි මසට පෙර ඉවත් කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
කෙසේ වෙතත්, අමරපුර නිකාය පෙන්වා දෙන්නේ 1959 මිනුම්දෝරු සිතියම් හෝ 1971 නගර සැලසුම් සිතියම්වල මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවයි.
2019 වසරෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ පිරිස් විසින් විහාර භූමිය වටා ඇති මාර්ගය භාවිතා කරනවා වෙනුවට, විහාර භූමිය මැදින් ගමන් කිරීමට හුරු වී ඇති බවත්, එය කිසිසේත්ම නීත්‍යානුකූල පොදු මාර්ගයක් නොවන බවත් මහා ලේඛකාධිකාරී හිමියෝ පෙන්වා දෙති.
2024 වසරේදී මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විශේෂ මිනුම් කටයුතුවලදී ද විහාර භූමිය හරහා මාර්ගයක් නොමැති බව තහවුරු වී ඇත.
මෙම ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව පොලිසිය විසින් ද වාර්තා කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් සහතික කර ඇති පසුබිමක, රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභාව මෙලෙස කටයුතු කිරීම ජාතීන් අතර සහජීවනයට ද බාධාවක් බව උන්වහන්සේ පවසති.
මෙම නීති විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ වන නිලධාරීන් 1969 අංක 22 දරන සිවිල් වැරදි පිළිබඳ වගකීම් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලිකව වගකීමට බැඳී සිටින බව ද අමරපුර නිකාය අනතුරු අඟවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් අදාළ ලිපියේ පිටපත් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබේ ෴
‘කැසිනෝ හොරා නාගානන්ද’ට මාලිමාවෙන් දුන්න කොන්ත්‍රාත්තුව ? (08.08.2026)
+
අඩන්නෙ නැතුව අහනවා නං, මෙන්න කතාවක් (08.08.2026)
+
පැලවත්තෙන් කප්පාදු කළ ජේවීපී පාපිසිවලට වෙලා තියෙන දේ (08.08.2026)
+
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි (09.08.2026)
+
මැගසින් ගැටුම පසුපස සිටින්නේ දූෂිත නිළදාරියෙක්! දකුණේ බන්ධනාගාරයක සැලසුමක් හෙළිවේ! (08.08.2026)
+
ශානි පොලිස්පති (08.08.2026)
+
අනුර වෛරයේ ඵලය සිට ගොදුර දක්වා (08.08.2026)
+
‘බීඩි සරා’ සහ Good Bye Lenin (09.08.2026)
+
“ජෙනරාල් සලේ වෙනුවෙන් රටම කොළඹට!” – ශාන්ත ජයතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්! (08.08.2026)
+
කට්ටිය මට රොටියා කියලා හිනා වෙනවා – ඒත් කරන්න ලේසිම බිස්නස් එක රොටි හදන එක (08.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴