මැගසින් ගැටුමෙන් මියගිය රැඳවියාගේ පැටිකිරිය එළියට
කඩු, කිනිසි සහ අත්බෝම්බයක් සමග රත්මලානේදී 6 ක් කොටුවෙයි
ගායක-ගායිකා සංගමයක් තියෙද්දී, වැඩකට නැති සංගම් මොකටද? – ජගත් වික්‍රමසිංහ (07.08.2026)
මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන ගොඩ දොස්තර – වැඩේ හෙළි කෙරුවට රාජ්‍ය නිළධාරීන් දාපු සද්දේ (07.08.2026)
මැගසින් ගැටුමෙන් මියගිය රැඳවියාගේ පැටිකිරිය එළියට
(07.08.2026 – 20:32 +0530 – sinhala.adaderana.lk)
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලැබීය.
ඒ, යම් පාර්ශ්වයක් පිටත සිට බන්ධනාගාර පරිශ්‍රයට විසිකළ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.
එම අවස්ථාවේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර පසුව රැඳවියන් 45 ක පමණ පිරිසක් සිරමැදිරියක් කඩා පිටතට පැමිණ තිබුණි.
පොලිසිය පවසන්නේ ඉන් බහුතරය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කොස්මල්ලි’ නැමැත්තාගේ සහායකයින් බවය.
නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනයට දැඩි උත්සාහයක් දරා තිබුණි.
රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම අතරතුර එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ‘මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්’ නමැති 35 හැවිරිදි අයෙකි.
ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකි.
එමෙන්ම ‘හෝමාගම හඳයා’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතින බව පැවසෙයි.
එමෙන්ම ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයාය.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් දසදෙනෙක් (10) ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම මෙම ගැටුම මෙහෙයවූ බව පැවසෙන රැඳවියන් නව දෙනෙකු (9) වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවය.
+
කඩු, කිනිසි සහ අත්බෝම්බයක් සමග රත්මලානේදී 6 ක් කොටුවෙයි
(07.08.2026 – 21:25 +0530 – sinhala.adaderana.lk)
රත්මලාන ගොනා කෝවිල ප්‍රදේශයේ දී කඩු 3 ක්, කෙටේරියක්, කිනිසි 3 ක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවන් 6 දෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ තුනක (3) මුදලක් සහ ජංගම දුරකථන 8 ක් ද ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසියේ විශේෂ යතුරු පැදි බලකායේ නිලධාරියෙකු විසින් රත්මලාන ආතර් පෙදෙස ප්‍රදේශයේ දී ‘අයිස්’ මිලි ග්‍රැම් 1,000 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී එම මත්ද්‍රව්‍ය ලබා ගත් ස්ථානය පිළිබඳව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මත්ද්‍රව්‍ය විකිණීම සිදු කරන මෙම නිවස පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම නිවසට ඇතුළුවන දොරටුවේ ‘සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්’ යනුවෙන් සඳහන් කර තිබූ බව අප වාර්තාකරු පැවසීය.
ඒ අනුව එම ස්ථානයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මෙම ආයුධ සහ මුදල් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙකුත් සැකකරුවන් 33, 22, 24, 51, 36 වයසේ පසුවන රත්මලාන, නාවලපිටිය, ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අදාළ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය ෴
ගායක-ගායිකා සංගමයක් තියෙද්දී, වැඩකට නැති සංගම් මොකටද? – ජගත් වික්‍රමසිංහ (07.08.2026)
+
කිලෝමීටර් දහස් ගනනක් ඈත විදේශ රටවල සිටින රෝගීන් සමග සූම් තාක්ෂණයෙන් වෙනවෙනම සම්බන්ධවී, තම අධිමානසික ශක්තියෙන් දීගොඩ කුමාර මහතා එම රෝගීන්ව ක්ෂණිකව සුවපත් කරන හැටි (03.06.2026)
+
මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන ගොඩ දොස්තර – වැඩේ හෙළි කෙරුවට රාජ්‍ය නිළධාරීන් දාපු සද්දේ (07.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴