කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
(07.08.2026 – 07:50 +0530 – sinhala.adaderana.lk)
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය.
කෙසේ නමුත් අද (07) උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ. රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය.
මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ (06) රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබීය.
+++
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2 ක් මරුට : 12 කට තුවාල
(07.08.2026 – hirunews.lk)
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු (2) මිය ගොස් තිබෙනවා.
ඒ අනුව, තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකය එම ස්ථානයේ තවදුරටත් රඳවා තිබෙනවා ෴
+++
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15 ක් රත්නපුර රෝහලට
(07.08.2026 – hirunews.lk)
කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
එසේම තුවාල ලැබූවන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
අප කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ, තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකය එම ස්ථානයේ තවදුරටත් රඳවා තිබෙනවා ෴
+++
මීගමුව, දළුපොත – පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
(07.08.2026 – hirunews.lk)
මීගමුව, දළුපොත – පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්තාවක් හටගන තිබෙනවා.
රැඳවියන් වහළ මත නැග විරෝධතාවක නිරත වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
මීගමුව – දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවය තවදුරටත් පවතිනවා.
එම නොසන්සුන්තාවය පාලනයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
+++
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු (1) ජීවිතක්ෂයට
(07.08.2026 – hirunews.lk)
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඊයේ (06) ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
E සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතරයි මෙම නොසන්සුන්තාවය හටගත්තේ ෴
+++
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
(07.08.2026 – hirunews.lk)
මීගමුව – දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවය තවදුරටත් පවතින අතර, එය පාලනයට කඳුළු ගෑස් එල්ල කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
එම නොසන්සුන්තාවය පාලනයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
බන්ධනාගාරයේ ඉඩ පහසුකම් හා සනීපාරක්ෂක පහසුම් නොමැති වීම සහ කඩිනමින් නඩු අවසන් කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවය අරම්භ කර ඇත්තේ.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් ද පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කෙරුණා ෴
+++
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62 ක් නම් කරයි
(07.08.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා ඇතුළු රැඳවියන් හැට දෙදෙනෙකු (62) සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
ඉන් 38 දෙනෙකු අද (07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පසුගිය මස 06 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිළධාරීන් 11 දෙනෙකු සහ රැඳවියන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා ෴
+++
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
(07.08.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළ අතර ඒ සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්.
එමෙන්ම තවත් සැකකරුවන් 38 දෙනෙකු නම් කළ අතර එහිදි එම සැකකරුවන් අද (07) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (07) නියෝග කළා.
ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62 ක් නම් කළ අතර 38 දෙනෙකු අද (07) දින හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සාක්ෂිකරුවන් වන නිලධාරීන් බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා තවමත් රෝහලේ බැවින් පෙරට්ටුව ලබන 21 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
එමෙන්ම අද (07) දින ඉදිරිපත් කළ සැකකරුවන් ද එදින දක්වා එනම් අගොස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කරනු ලැබුවා.
අද දින (07) නම් කල සැකකරුවන් 24 දෙනාද අගෝස්තු 21 වැනිදාට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කළා.
ආරක්ෂක හේතු මත එම සැකකරුවන්ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී-වාර්තාව මහෙස්ත්‍රාත්වරිය අතට පත් කිරීමට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කළා.
ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 05 සහ 06 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (07) කැඳවූ අතර එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 38 දෙනෙකු පෙර දිනයේ නම් කළ බවත් අද (07) දින තවත් සැකකරුවන් 24 දෙනෙකු හඳුනා ගෙන ඇති බැවින් ඔහු නම් කිරීමට අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ රැදි බන්ධනාගාරය තුළ රැඳි සිටි සිර අංක 4423 අංක දරණ ‘කුරුප්පුආරච්චිලාලේ සුරේෂ් පුෂ්පකුමාර’ හෙවත් ‘කටුවැල්ලේගම සුරේෂ්’ ඇතුළු සැකකරුවන් 38 අද අධිකරණයට ඉදිරිපත් කළා.
මීට පෙර අවස්ථාවේ දී සැකකරුවන් පස් දෙනෙකුගේ (5) නම් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අනාවරණය කළ අතර ආරක්ෂක හේතුන් මත අනෙක් සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකල අතර එම සැකකරුවන්ගේ නම් හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඉදිරිපත් කරන බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක මධුරංග මෙසේ සඳහන් කළා.
“ස්වාමීනි, මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට සහ නිලධාරීන්ට හැකියාව තිබෙනවා. එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දින (07) සැකකරුවන් 38 ක් බුස්ස බන්ධනාගාරයෙන් සහ පල්ලන්සේන බන්ධනාගාරයෙන් ගෙනත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනවා. එමෙන්ම අද දින (07) නම් කරන සැකකරුවන් ඔබතුමීය නම් කරන දිනයකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”
ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරය වෙත බන්ධනාගාර අඥාවක් නිකුත් කරමින් නියෝග කලේ සැකකරුවන් සියලු දෙනා අගොස්තු 21 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එහීදි එම නිලධාරීන් සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
අනතුරුව අදාළ සැකකරුවන් අද (07) දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නඩුකරය පස්වරු 02:00 ට යළි කැඳවනු ලැබුවා.
එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ලබන අගෝස්තු 21 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කර අනතුරුව අදාළ සැකකරුවන් එදින දක්වා (අගෝස්තු මස 21 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා ෴
+++
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම තත්ත්වය පාලනය කෙරේ
(07.08.2026 – 16:36 +0530 – sinhala.adaderana.lk)
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වන විට මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ අද (07) උදෑසන නොසන්සුන්කාරී වූ මෙම බන්ධනාගාර දෙක (2) මේ වන විට මැඩපවත්වා ඇති බවය.
අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පසුව එය මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය තුළද නිර්මාණය විය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර දෙදෙනෙකු (2) ජීවිතක්ෂයටද පත්විය.
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේද නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමටද සිදුවිය.
කෙසේ නමුත් නොසන්සුන්කාරී වූ බන්ධනාගාර දෙකෙහිම (2) පාලනය මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති අතර බන්ධනාගාර දෙකෙහිම ආරක්ෂාව තර කිරීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත ෴
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴