ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක්

ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක්

BIG FOCUS | ජනතාව රවටන අන්තර්ජාල වංචා | 2026.08.05 | Ada Derana

පාස්කුව ගැන අතිවිශේෂ තොරතුරක්!!! යකඩ ගැහැණිය නීතිඥ අචලා සෙනවිරත්න රටටම කියයි (05.08.2026)

TM App යනු නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

අගෝස්තු 09 වෙනිදා රටට වෙන දේ මෙන්න – කාලගුණයේ අමුතුම වෙනසක් වෙන්න යන්නේ (06.08.2026)

විමල් වීරවංශට ඉස්සරහට වෙන්න යන දේ? – ජයන්ත සමරවීර සියල්ල හෙළි කරයි (06.08.2026)

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද (06) සිට ඇරඹේ

පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි

2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පාසල් සිසුන්ගේ නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළ පුද්ගලයෙක් පිටකොටුවේදී කොටු


ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක්

(05.08.2026 – hirunews.lk)

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පසුගිය දින කිහිපය තුළ සිදු වූ පාතාල ගැටුම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් පත්කර තිබෙනවා.

එසේම රත්මලාන ප්‍රදේශයේ දෙමහල් නිවසකට අද (05) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයද සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දැනට විදේශගත ‘රසල් ඇලෝසියස් ස්මිත්’ නමැත්තාගේ ළඟම ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ.

අත්බෝම්බ දෙකක් (2) මෙහිදී එල්ල වී තිබූ අතර ඉන් එකක් (1) පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය පහළ මහලට වැටී තිබෙනවා.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවෙසේ පහළ මහලේ ජනේලයක වීදුරු බිඳීගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘ඇල්ටෝ ධර්මේ’, ‘කුඩු අංජු’ නමැත්තා සහ ‘රසල් ස්මිත්’ අතර කලක පටන් ගැටුමක් පවතින අතර මෙම අත්බෝම්බ ප්‍රහාරයට එහි සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම දෙහිවල, කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් ඊයේ (04) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘සැන්ඩෝ’ නමැත්තාගේ පාර්ශවයෙන් සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමේ උත්සහය ව්‍යර්ථ වුවත් එහි ඉලක්කය වූ බවට විශ්වාස කෙරෙන බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ ගෝලයෙකු බව වාර්තා වනවා.

ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ බෙදාහැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළදී දෙහිවල, බොරලැස්ගමුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වුණා ෴

+++

+


BIG FOCUS | ජනතාව රවටන අන්තර්ජාල වංචා | 2026.08.05 | Ada Derana

+


පාස්කුව ගැන අතිවිශේෂ තොරතුරක්!!! යකඩ ගැහැණිය නීතිඥ අචලා සෙනවිරත්න රටටම කියයි (05.08.2026)

+


TM App යනු නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

(06.08.2026 – 07:55 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘TM App’ නම් ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයක නියැලී සිටින, එය පවත්වාගෙන යන සහ ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන නිර්ණය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ, මහජනතාව එවැනි නීතිවිරෝධී යෝජනා ක්‍රමවලට හසු වී මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව දැඩිව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යාම මෙන්ම ඒවාට දායක වීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

ඒ අනුව, සෘජුව හෝ වක්‍රව එවැනි තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කරන, ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනාකරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයකු 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබීමට යටත් වන වැරදිකරුවකු බවට පත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර හඳුනාගෙන ඇති මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සමාගම්, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) වල සම්පූර්ණ ලැයිස්තුවක් මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට පහසුවෙන් ලබාගත හැක.

එබැවින්, නීතිවිරෝධී මූල්‍ය උගුල්වලට හසු නොවී, මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව දැඩි විමසිලිමත් වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී ෴


අගෝස්තු 09 වෙනිදා රටට වෙන දේ මෙන්න – කාලගුණයේ අමුතුම වෙනසක් වෙන්න යන්නේ (06.08.2026)

+


විමල් වීරවංශට ඉස්සරහට වෙන්න යන දේ? – ජයන්ත සමරවීර සියල්ල හෙළි කරයි (06.08.2026)

+


2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද (06) සිට ඇරඹේ

(06.08.2026 – hirunews.lk)

2025 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් ලියාපදිංචිය අද (06) සිට 14 වැනිදා දක්වා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව, තෝරාගත් පාඨමාලාවන්ට අදාළ යම් අභියාවනා ඇත්නම් අගෝස්තු 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා’ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.


පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි

(06.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්, මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අද (06) කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

මෙහිදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව, කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් අදාළ විමර්ශන කටයුතු සඳහා අවසරය ලබා දුන්නා.

එමෙන්ම, මෙම සිද්ධිය වාර්තා කළ මාධ්‍ය නාලිකාවලට අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන තැටි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියා.

එහිදී ඊට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 24 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත්ය.

මෙම ප්‍රකාශය හරහා පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා ෴


2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

(06.08.2026 – hirunews.lk)

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ඝාතකාගාරවල වැඩිම එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවට තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම වැඩිම ගවයින් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වන අතර එම ගවයින් සංඛ්‍යාව 30,190 ක්.

දත්තවලට අනුව 2025 වසරේදී කොළඹ ප්‍රදේශයේ එළුවන් සහ බැටළුවන් 28,388 දෙනෙකු ඝාතනය කර ඇති අතර, මඩකලපුවේ 7,195 ක්, මහනුවර 3,971 ක් සහ යාපනය 3,299 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පුත්තලමෙන් වාර්තා වී ඇති එළුවන් සහ බැටළුවන්ගේ ඝාතන සංඛ්‍යාව 472 ක්.

එමෙන්ම කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ මොණරාගලින් කිසිදු එළුවන් සහ බැටළුවන් ඝාතනය වීමක් වාර්තා වී නැහැ.

එසේම, වසර තුළ සියලුම දිස්ත්‍රික්ක අතරින් වැඩිම ගවයින් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ මඩකලපුවෙන් වන අතර එම සංඛ්‍යාව 30,190 ක්.

ඊළඟට වැඩිම ගව ඝාතන සංඛ්‍යාවක් වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 27,078 ක්.

අනුරාධපුරයෙන් මරණ 15,707 ක් වාර්තා වෙන අතර කුරුණෑගලින් වාර්තා වන්නේ 13,646 ක්.

ත්‍රිකුණාමලයෙන් වාර්තා වෙන ගව ඝාතන ගණන 13,307 ක්.

2025 වසරේදී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත ගවයින් සංඛ්‍යාව 156,270 ක් වන අතර, එය 2024 වසරේ වාර්තා වූ 164,177 ට සාපේක්ෂව පහත වැටීමක්.

කෙසේ වෙතත්, මෙම අගය 2023 (146,339) සහ 2022 (147,562) වසරවල වාර්තා වූ සමස්තයන්ට වඩා ඉහළ මට්ටමක පවතින අතර, 2021 වසරේදී ගවයින් 151,841 දෙනෙකු ඝාතනය කර තිබූ බවට වාර්තා වෙනවා.

2011 වසරේ ඝාතනය කළ ගවයින් ගණන 162,104 ක් වෙන අතර 2012 එය වාර්තා වූයේ 173,828 ක් ලෙසයි.

2025 දී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාව 44,755 ක් ලෙස සටහන් වෙනවා ෴


පාසල් සිසුන්ගේ නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(06.08.2026 – hirunews.lk)

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන (3) පාසල් වාරයේ පළමු (1) අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙටින් (07) අවසන් වන බව වනවා.

එසේම මුස්ලිම් පාසල් ලබන මස 02 වැනිදා බදාදා දිනෙන් අවසන්.

සියලුම පාසල් සඳහා තෙවන (3) පාසල් වාරයේ දෙවන (2) අදියර ලබන මස 07 වැනිදා සඳුදා දින ආරම්භ වී දෙසැම්බර් 04 වැනිදා සිකුරාදා දින අවසන් වන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

එමෙන්ම 2026 – අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වෙනවා ෴


බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළ පුද්ගලයෙක් පිටකොටුවේදී කොටු

(06.08.2026 – hirunews.lk)

නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ආනයනය කරන ලද ජංගම දුරකථන අලෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ජංගම දුරකථන 67 ක තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

පිටකොටුව ප්‍රදේශයේ කාලයක් තිස්සේ ලියාපදිංචි නොකළ වෙළඳ සැල් පිළිබඳව පොලිසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදු කරන අතර මේ වන විට එවැනි වෙළඳසැල් දහයකට (10) පමණ අධිකරණයේ නඩු ගොනු කර ඇතැයි පොලිසිය පවසනවා.

එවැනි වැටලීමක් 04 දා සිදුකළ අවස්ථාවේ දෙවන (2) හරස් වීදියේ බිම් මහළට යටින් ඇති ස්ථානයක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ මෙම ජංගම දුරකථන අලෙවිසැල සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව මෙම ජංගම දුරකථන තොගය ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ඒවා බව විමර්ශනයේදී අනාවරණය වී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ පිළිබඳ වාර්තාවක් කැඳවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවා ඇති අතර හෙට (07) කොළඹ අලුත් කඩේ අංක 03 දරණ අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ද සිල්වාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *