ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත

සඟ සමුළුවේ යෝජනා මහ නා හිමිවරුන්ට පිළිගන්වයි, නිරාගමික අලි කැක්කුම ගැනත් කියයි (05.08.2026)

දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471 ක් – රු. ලක්ෂ 22 කට අධික දඩ

අකිල විරාජ් කාරියවසම් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්

මනුස්සයෝ වයසට යන කොට සිහි කල්පනාව නැති වෙනවා (05.08.2026)

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 5 ක ජල කප්පාදුවක්

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000 කට අධික පිරිසකට බලපෑම්

කුරුණෑගල පාස්පෝට් ඔෆිස් එකේ නිලධාරින්ගේ කෙරුවාව – අවු 78 ක අම්මා කෙනෙක් වතුර නැතුව වැටුණා (05.08.2026)


ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

(05.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු 07 සහ 08 යන දිනවල පෙ.ව. 08:30 සිට ප.ව. 07:00 දක්වා යාපනය Cargills Square හිදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා සහභාගී වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන LankaPay (පුද්ගලික) සමාගම නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

‘ඩිජිටල් ගෙවීම් තුළින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් සාර්ථකව පවත්වා ඇති අතර, ඒවා මඟින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීමටත්, ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට එහි පහසුව සහ ප්‍රතිලාභ සෘජුව අත්විඳීමටත් අවස්ථාව සැලසී ඇත.

මෙම වැඩසටහනේදී බැංකු, මූල්‍ය සමාගම් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතන විසින් මහජනතාවට විවිධ ඩිජිටල් ගෙවීම් සේවාවන් සඳහා ලියාපදිංචි වීම සහ ඒවා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ලබාදෙනු ඇත.

එමෙන්ම, මූල්‍ය ආයතන සහ LankaPay එක්ව යාපනය නගරයේ ව්‍යාපාරික ආයතන වෙත LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේ පහසුකම ලබාදීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ඇත.

යාපනය ප්‍රදේශයේ මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ තම දැනුම වැඩිදියුණු කර ගැනීමටත්, මූල්‍ය ආයතන විසින් ලබාදෙන පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ඇතිව ඩිජිටල් ගෙවීම්වල පහසුව සහ ප්‍රතිලාභ අත්විඳීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනා කරයි ෴


රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත

(05.08.2026 – 07:41 +0530 – sinhala.adaderana.lk)

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ අත්බෝම්බ දෙකක් (2) මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බවය.

කෙසේවෙතත් පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.

අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බවට සැක පුද්ගලයින් දෙදෙනෙකු (2) එම ස්ථානයෙන් පලා යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

+++

+


සඟ සමුළුවේ යෝජනා මහ නා හිමිවරුන්ට පිළිගන්වයි, නිරාගමික අලි කැක්කුම ගැනත් කියයි (05.08.2026)

+


දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471 ක් – රු. ලක්ෂ 22 කට අධික දඩ

(05.08.2026 – 16:39 +0530 – sinhala.adaderana.lk)

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී මෙම වසරේ මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471 ක් ක්‍රියාත්මක කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළ පරිදි, 2026 ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ ඖෂධ සැල් 362 ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති අතර, පසුගිය දින 2 ක තුළ (03 සහ 04) ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන යටතේ ඖෂධ සැල් 109 ක් පරීක්ෂාවට ලක් කර සාර්ථක වැටලීම් 86 ක් සිදු කර ඇත.

මෙම විශේෂ විමර්ශනවලදී නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් අනාවරණය වී තිබේ.

එනම්, කල් ඉකුත් වූ ඖෂධ සහ ඖෂධීය නිෂ්පාදන අලෙවිය සඳහා තබා ගැනීම, පාරිභෝගිකයාට අනිවාර්ය තොරතුරු නොමැති ඖෂධ අලෙවි කිරීම, නියමිත පාරිභෝගික තොරතුරු ඇතුළත් කිරීමේ නීති උල්ලංඝනය කිරීම සහ ඖෂධ, වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ නීති කඩකිරීම් මේ අතර වේ.

මෙම වැටලීම්වලදී කල් ඉකුත් වූ ඖෂධ පෙති, එන්නත්, සිරින්ජ, ක්‍රීම් වර්ග, ළදරු නිෂ්පාදන, ගර්භණීභාවය පරීක්ෂා කිරීමේ කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ සහ පාරිභෝගික භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත.

එලෙස පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00 ක දඩ මුදලක්ද නියම කර තිබේ.

ඖෂධ හෝ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වන දිනය, ලේබලය සහ අනෙකුත් අනිවාර්ය පාරිභෝගික තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යම් හෙයකින් නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ ඒ බව අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද දන්වා සිටී ෴


අකිල විරාජ් කාරියවසම් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්

(05.08.2026 – hirunews.lk)

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (05) දිනයේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධනහලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් (01) තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි.

ඒ අනුව අද (05) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

+++

+


මනුස්සයෝ වයසට යන කොට සිහි කල්පනාව නැති වෙනවා (05.08.2026)

+


මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 5 ක ජල කප්පාදුවක්

(05.08.2026 – 18:39 +0530 – sinhala.adaderana.lk)

පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට හෙට (06) පෙ.ව. 09:00 සිට ප.ව. 02:00 දක්වා පැය 05 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටියි.

සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත පරිදි වේ :

• මැදවල (පැරණි) සේවා ජලාශය
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්‌ට සහ තලපැලැල්ලේගොඩ පාර.

• මැදවල (නව) සේවා ජලාශය
බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.

• ගල්ලෙනවත්ත සේවා ජලාශය
ගල්ලෙනවත්ත සහ ඛාන්අංග.

• ගලගෙදර සේවා ජලාශය
ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.

• මාවතගම සේවා ජලාශය
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

වැඩි විස්තර සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකිය ෴


අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000 කට අධික පිරිසකට බලපෑම්

(05.08.2026 – 19:02 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 16,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 4,151 කට අයත් පුද්ගලයින් 16,345 ක් බලපෑමට ලක්ව ඇති බවය.

මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 1,912 කට අයත් පුද්ගලයින් 7,288 ක් පීඩාවට ලක්ව ඇති අතර මරණය 06ක්ද වාර්තා වේ.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් එක් මරණය බැගින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි යක් සහ අර්ධ නිවාස හානි 581 ක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයින පුරා දිස්ත්‍රික්ක 11 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 383කින් මෙම අගයන් වාර්තා වී ඇති බවය ෴

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06) සිට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි ෴


කුරුණෑගල පාස්පෝට් ඔෆිස් එකේ නිලධාරින්ගේ කෙරුවාව – අවු 78 ක අම්මා කෙනෙක් වතුර නැතුව වැටුණා (05.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *