දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි : පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
ජනාධිපති මන්දිරයේ දාපු Fun ? (04.08.2026)
ජේවීපීකාරයො හිතන්නෙ, උන් හරිම හොඳයි කියලා… ඉතින් අනිත් හැමෝම ඒක විශ්වාස කරන්ඩ ඕනෙද ? (04.08.2026)
හපෝයි, දැන් අපි මොකද කරන්නේ ? මේ වගේ විහිලුකාරයො සෙට් එකක් දැකලා තියෙනවද ? (04.08.2026)
මහර සිද්ධිය එළියෙන් දිපු ගේමක් ද ? නටන්න බැරි එකාට පොළොව ඇදයිලු (04.08.2026)
මාලිමා ප්‍රභූන්ගෙ වත්කම් හංගන්න නීති කට ඇරියොත් හිරේ (04.08.2026)
ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන ජනපති කල සුපිරි මෙහෙයුම (04.08.2026)
චරිත්ගේ අලුත්ම හඩපටය ඇහුවද? (04.08.2026)
ආණ්ඩුවේ අසාර්ථකත්වය සහ නාමල්ව හිරේ යවන ප්ලෑන (04.08.2026)
එල්-නිනෝ නැතුව ගං වතුර ගැලුවේ රුවන් මාපලගම නිසා ජනපති කල වැඩෙන් (04.08.2026)
කඩුවෙල බස් නැවතුමේ ගාල් කර තිබූ බස් රථයකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ගිනි තියලා
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි : පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
(04.08.2026 – hirunews.lk)
දෙහිවල කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසලදී බේකරි හිමිකරුවෙකු ඉලක්ක කර අද (04) රාත්‍රීයේ වෙඩි තැබීමට කළ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පවසන පරිදි, රාත්‍රී 08:10 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) ගෙන් අයෙකු මෙම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත්, වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවී යාම හේතුවෙන් බේකරි හිමිකරු වහාම ක්‍රියාත්මක වී වෙඩික්කරු සමඟ පොරබැඳ ගිනි අවිය සිය භාරයට ගැනීමට සමත්ව තිබෙන අතර මෙම පොරබැඳීම අතරතුර බේකරි හිමිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, සැකකරුවන් දෙදෙනා (2) එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.
මෙම සිදුවීම පිටුපස පවතින පසුබිම අනාවරණය කරමින් පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධියට ඉලක්ක වූ බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවත්, ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින බවයි.
මූලික විමර්ශනවලට අනුව මෙම වෙඩි තැබීමට පැමිණ ඇත්තේ ‘සැන්ඩෝගේ පාර්ශවය’ හෝ ‘බඩෝවිට අසංක පාර්ශවය’ යන පාර්ශ්වයකට අයත් පිරිසක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.
පලා ගිය වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
+
ජනාධිපති මන්දිරයේ දාපු Fun ? (04.08.2026)
+
ජේවීපීකාරයො හිතන්නෙ, උන් හරිම හොඳයි කියලා… ඉතින් අනිත් හැමෝම ඒක විශ්වාස කරන්ඩ ඕනෙද ? (04.08.2026)
+
හපෝයි, දැන් අපි මොකද කරන්නේ ? මේ වගේ විහිලුකාරයො සෙට් එකක් දැකලා තියෙනවද ? (04.08.2026)
+
මහර සිද්ධිය එළියෙන් දිපු ගේමක් ද ? නටන්න බැරි එකාට පොළොව ඇදයිලු (04.08.2026)
+
දඹරන් හනුමාන් පිළිමය සොයාගිය රහස් පොලීසියට හමුවු දෙය! බුස්ස බන්ධනාගාරය ගැන විශේෂ බුද්ධි වාර්තාවක්! (04.08.2026)
+
මාලිමා ප්‍රභූන්ගෙ වත්කම් හංගන්න නීති කට ඇරියොත් හිරේ (04.08.2026)
+
ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන ජනපති කල සුපිරි මෙහෙයුම (04.08.2026)
+
චරිත්ගේ අලුත්ම හඩපටය ඇහුවද? (04.08.2026)
+
ආණ්ඩුවේ අසාර්ථකත්වය සහ නාමල්ව හිරේ යවන ප්ලෑන (04.08.2026)
+
එල්-නිනෝ නැතුව ගං වතුර ගැලුවේ රුවන් මාපලගම නිසා ජනපති කල වැඩෙන් (04.08.2026)
+
කඩුවෙල බස් නැවතුමේ ගාල් කර තිබූ බස් රථයකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ගිනි තියලා
(05.08.2026 – 08:04 +0530 – sinhala.adaderana.lk)
කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලෙහි සති පොල භූමිය අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් අද (05) දින අලුයම ගිනි තබා පලා ගොස් ඇති බව කඩුවෙල පොලීසිය පවසයි.
මෙලෙස ගිනි තබා ඇත්තේ අධිවේගී මාර්ගය හරහා ‘කඩුවෙල – මාතර’ ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකට වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී ඇත.
එම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල – කොල්ලුපිටිය සාමාන්‍ය සේවා බස් රථ දෙකකට (2) ද ගින්නෙන් සුළු හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අද (05) දින අලුයම 02:30 ත් 02:45 ත් අතර කාලයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් බස් රථයට ගිනි තබනු දැක ඒ අසල තවත් බස් රථයක සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනෙකු (2) විසින් කෑ ගැසීමේදී එම දෙදෙනා (2) පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
අදාළ බස් රථයට ගිනි තබන අවස්ථාවේදී එම බස් රථය තුළ රියදුරු කොන්දොස්තර දෙදෙනා (2) නිදා සිට ඇති අතර අනෙක් බස් රථයේ සිටි සහෝදර රියදුරු කොන්දොස්තර දෙදෙනාගේ (2) කෑ ගැසීම නිසාවෙන් ඔවුන් එම බස් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇත.
මෙම ගිනිතැබීම පෞද්ගලික කෝන්තරයක් මත සිදුකළ ගිනි තැබීමක් බවට සැක කරන බව කඩුවෙල පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
+++
+++

+
RDB බැංකුව පාරට බහින්න සූදානම් (04.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴