විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට ‘ඊ-කුණු’ වැඩසටහන නව මුහුණුවරකින්
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
කැනඩාවට යවන බව පවසා ඉතියෝපියාවේ පාතාල කල්ලිවලට ලාංකිකයන් 03 දෙනෙකු විකුණලා
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) යළි විවෘත කෙරේ
පත්ල පහත් තවත් බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ගීත ගායනය වැසිකිළියට සිමා කෙරෙන අලුත්ම නීතිය මෙන්න (04.08.2026)
පොහොට්ටුවේ මහලේකම් සාගරට වැඩ වරදියි
ජාතික රෝහල ළඟ මුදා නොගත් ප්‍රදේශයක් – පොලිසිය වගේ වෙස් වලාගෙන ඇවිත් කප්පන් ගන්න හැටි (04.08.2026)
විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට ‘ඊ-කුණු’ වැඩසටහන නව මුහුණුවරකින්
(04.08.2026 – 19:15 +0530 – sinhala.adaderana.lk)
දිවයින පුරා එකතු වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන පරිදි විධිමත්ව එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා ක්‍රියාත්මක ‘ඊ-කුණු’ (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් නැවත ආරම්භ කර තිබේ.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පෞද්ගලික අංශයේ සන්නිවේදන ආයතනය අතර අත්සන් තැබීම මධ්‍යම පරිසර අධිකාරී පරිශ්‍රයේදී සිදු විය.

මෙම වැඩසටහන යටතේ ජංගම දුරකථන, ලැප්ටොප්, චාජර්, වයර්, ලිතියම් අයන් බැටරි, සාමාන්‍ය බැටරි, ටෝනර්, හාඩ්ඩිස්ක්, සීඩී/ඩීවීඩී තැටි, රවුටර සහ ස්ථාවර දුරකථන ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් දිවයින පුරා පිහිටි අදාළ සේවා ආයතනයේ ශාඛා වෙත ගෙනැවිත් භාර දිය හැක.
‘ග්ලෝබල් ඊ-වේස්ට් මොනිටර් 2024’ වාර්තාවට අනුව 2022 වසරේදී ගෝලීයව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 62 ක් ජනනය වී ඇති අතර, එයින් නිසි ප්‍රතිචක්‍රීකරණයට යොමුව ඇත්තේ සියයට 22.3 ක් වැනි අඩු ප්‍රමාණයකි.
මෙම අපද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීමෙන් රසදිය, ඊයම් සහ කැඩ්මියම් වැනි විෂ රසායනික ද්‍රව්‍ය පසට සහ ජලයට එකතු වී මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසර පද්ධතියටද දැඩි හානි පමුණුවයි.
එබැවින් නිවසේ හෝ කාර්යාලයේ ඇති භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපකරණ පරිසරයට මුදා නොහැර, ළඟම ඇති නියමිත එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදී පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි ෴
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
(04.08.2026 – hirunews.lk)
අධිවේගී මාර්ගවල සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබීම් අවම කරගැනීමේ අරමුණින්, 2011 අංක 2 දරණ මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම අසුන්වල ගමන් ගන්නා තැනැත්තන් සඳහා අසුන් පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවා.
නිෂ්පාදකයින් විසින් අසුන් පටි සවිකර නොමැති වාහන සඳහා අසුන් පටි විධිමත් පරිදි සවි කිරීමට හැකිවන පරිදි ලබා දී තිබූ සහන කාලසීමාව 2026-06-19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම සහන කාලය තවත් මාස 03 කින්, එනම් 2026-09-19 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, අංක 2493/19 දරන 2026-06-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කර ඇති අතර, එම සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴
කැනඩාවට යවන බව පවසා ඉතියෝපියාවේ පාතාල කල්ලිවලට ලාංකිකයන් 03 දෙනෙකු විකුණලා
(04.08.2026 – 16:33 +0530 – sinhala.adaderana.lk)
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු (3) ඩුබායි හරහා ඉතියෝපියාවට යවා, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය මඟින් පොලිස්පතිවරයා වෙත 2026.05.27 දින යොමු කරනු ලද තොරතුරකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.
විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ඉතියෝපියානු තානාපති කාර්යාලයේ සහා ඉතියෝපියානු පොලිස් අංශයේ අවශ්‍ය සහයෝගය මේ සඳහා ලබා ගෙන තිබේ.
විමර්ශනයේදී, අනාවරණය වී ඇත්තේ කිළිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් යාපනය, වව්නියාව හා කිළිනොච්චිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25, 26 හා 27 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු (3) මෙම ජාවාරමට හසුව ඇති බවයි.
සැකකරු විසින් ගුවන් ටිකට්පත් හා වීසා ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 64 ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
එමෙන්ම මොවුන් කැනඩාවට යැවීමෙන් පසු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 100 බැගින් ලබා ගැනීමේ පදනම මත ඩුබායි හරහා ඉතියෝපියාවට යැවීමට කටයුතු කර ඇත.
ජාවාරමට හසු වූ පුද්ගලයින් තිදෙනා (3) ඩුබායි හරහා ඉතියෝපියාවට විදේශ ගතවීමෙන් අනතුරුව එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ක්‍රියාකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්කර ඇත.
පසුව ඔවුන් නිදහස් කිරීමට නම් එක් (1) අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 30,000 බැගින් කප්පම් මුදල් ඉල්ලා ඇත.
ඒ අනුව, වින්දිතයින්ගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදලක් අදාළ ජාවාරම්කරුවන් වෙත ලබා දීමටද කටයුතු කර ඇති බවට ද අනාවරණය වී තිබේ.
වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය කරගත් තොරතුරු මත කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි ඉහත විදේශ ගත කිරීමට සම්බන්ධ පුද්ගලයා තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ඉතියෝපියානු බලධාරීන් විසින් පැහැර ගැනීමට ලක්වූ ලාංකිකයින් තිදෙනා (3) මුදා ගැනීමට කටයුතු කර ඇත.
මුදාගත් ලාංකිකයින් තිදෙනා (3) ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ නැවත ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇත.
මේ අතර, මෙම ජාවාරමට සම්බන්ධ පකිස්තානු ජාතිකයින් සිව්දෙනෙකු (4) සහ ඉතියෝපියානු ජාතිකයෙකු (1) එරටදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හා ඉතියෝපියාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සමාජිකයින් අතර ඇති සම්බන්ධතාවය අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශය මගින් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලබයි ෴
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) යළි විවෘත කෙරේ
(04.08.2026 – 15:33 +0530 – sinhala.adaderana.lk)
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් වසා තැබීමට ඊයේ (04) පියවර ගැණුනි.
පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබුණි ෴
(sinhala.adaderana.lk)
හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් සඳහා හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත ෴
ආපදාවෙන් මරණ 08 ක්
(04.08.2026 – 18:59 +0530 – sinhala.adaderana.lk)
පසුගිය දින කිහිපයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08 ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (04) පස්වරුවේ එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම ආපදාවෙන් දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56 ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන් වේ.
එමෙන්ම පවුල් 3,014 ක පුද්ගලයින් 11,832 ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්ව ඇත.
ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ නිවාස හානි 01 ක් සහ අර්ධ නිවාස හානි 290 ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දී තිබේ ෴
පත්ල පහත් තවත් බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
(04.08.2026 – 14:33 +0530 – sinhala.adaderana.lk)
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50 ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දැනට ක්‍රියාත්මක වැඩසටහන යටතේ සුවපහසු පත්ල පහත් බස් රථ 100 ක් මිලදී ගැනීම සඳහා සිදු කළ ප්‍රසම්පාදනයට අනුව අදාළ බස් රථ මේ වන විට මෙරටට ආනයනය කර ඇති බව රජය සඳහන් කරයි.
මගී ඉල්ලුම ඉහළ යාම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ඇති උපායමාර්ගික වැදගත්කම මෙන්ම කොළඹ මහනගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණ සැලකිල්ලට ගනිමින් මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ පළමු (1) අදියර එම නගරවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, මෙට්‍රෝ බස් ඇණියේ ධාවනය සඳහා අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින්, 2026 මාර්තු 06 දින පිරිනැමූ බස් රථ 100 ක කොන්ත්‍රාත්තුව යටතේම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව 50% ක නැවත ඇණවුමක් ලෙස තවත් පත්ල පහත් බස් රථ 50 ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත ෴
ගීත ගායනය වැසිකිළියට සිමා කෙරෙන අලුත්ම නීතිය මෙන්න (04.08.2026)
+
පොහොට්ටුවේ මහලේකම් සාගරට වැඩ වරදියි
(04.08.2026 – 18:12 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් ලබා දීමක් සිදුකර තිබේ.
ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් එම කාර්යාංශයට උපදෙස් ලබා දී ඇත.
ඊයේ (03) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පොලීසිය සම්බන්ධව රජයට මෙන්ම පොලිස්පතිවරයාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

එහිදී ඔහු චෝදනා කළේ වර්තමාන රජය විසින් පොලීසිය ඉතාම අවාසනාවන්ත තැනකට පත් කර ඇති බවය.
මින් පෙර හිටපු පොලිස්පතිවරුන් තුන් දෙනෙකුටම (3) වර්තමාන රජය යටතේ ඉතාම ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවත් වත්මන් පොලිස්පතිවරයාට රජයට සේවය කිරීම නවත්වා ජනතාවට සේවය කිරීමට පටන් ගන්නා ලෙස සාගර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
එහිදී ඔහු බරපතළ චෝදනාවක් කරමින් සඳහන් කළේ එලෙස නොවන්නේ නම් ‘මහා මාර්ගයේ මහජනතාවගෙන් පහර කා මිය යන 37 වැනි පොලිස්පතිවරයා’ ලෙස වර්තමාන පොලිස්පතිවරයා ඉතිහාස ගත විය හැකි බවය.
සාගර කාරියවසම් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉදිරි දිනකදී නීතිඥ සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඊයේ (03) දිනයේදී ඔහු විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිතව ඇතැයිද මේ වන විට වාර්තා වේ ෴
ඩ්‍රෝන්වලින් බැලුවා කියලා ඇමති ජනතාව අන්දනවා – රට ඉස්සරහ අධිකරණ ඇමති ෆේල්වෙලා ඉවරයි – ඩී.වී. චානක (04.08.2026)
+
ජාතික රෝහල ළඟ මුදා නොගත් ප්‍රදේශයක් – පොලිසිය වගේ වෙස් වලාගෙන ඇවිත් කප්පන් ගන්න හැටි (04.08.2026)
+
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
(04.08.2026 – hirunews.lk)
මෙරට ක්‍රියාත්මක බලපත්‍ර නොමැති සියලු ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කරන ලෙස දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ උපදෙස් මත මේ පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන් කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ෴
+
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴