අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන ‘මාර්ග සංවර්ධන අධිකාරියෙන්’ දැනුම්දීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව
කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට (04) ජල කප්පාදුවක්
ලක්ෂ 15 කට කුසගින්නේ ඉන්න වෙයි ලංකාව බරපතල අනතුරක | චමින්දට මන්ත්‍රි ධූරය නැතිවෙයිද? (03.08.2026)
අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන ‘මාර්ග සංවර්ධන අධිකාරියෙන්’ දැනුම්දීමක්
(03.08.2026 – 19:01 +0530 – sinhala.adaderana.lk)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනයට නවතා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ අද (03) දහවල් සිට කඩුගන්නාවේ පැවති අවදානම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවය.
වසා දැමුණු මාර්ගයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ :
- කොළඹ – නුවර මාර්ගයේ 95km – 99km දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශය
- අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 66km ප්‍රදේශය
- නාවලපිටිය – ගිනිගත්හේන් 4/2 බෝක්කුව ප්‍රදේශය
- –
- අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 32km ප්‍රදේශය
- දඬගල පාලම්පිටිය දොලොස්බාගය 6km ප්‍රදේශය
- මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ මාර්ගය 19km සිට 21km දක්වා ප්‍රදේශය
- –
- යටියන්තොට – පූනගල, මීනගල ප්‍රදේශයේ 21km ප්‍රදේශය
- දේදුගල – තලම්පිටිය, දොලොස්බාගේ 6km ප්‍රදේශය
+
පවතින අයහපත් කාලගුණය පිළිබඳ විශේෂ සජීවි විකාශය 1 (03.08.2026)
+
පවතින අයහපත් කාලගුණය පිළිබඳ විශේෂ සජීවි විකාශය 2 (03.08.2026)
+
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව
(03.08.2026 – 19:43 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා නිකුත්කරන බව අභියාචනාධිකරණය අද සඳහන් කළේය.
එම රිට් පෙත්සම සලකා බැලීම අද (03) අවසන් කෙරුණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද යළි සලකා බැලුණි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (03) සිය පිළිතුරු දේශනය සිදුකළේය.
“ස්වාමීනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු විමර්ශනයක අත්‍යවශ්‍ය අංගයක් නොවේ. අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණයි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ප්‍රබල සාක්ෂි තිබිය යුතුයි. මෙම පෙත්සම්කරුට එරෙහි කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. එම තත්වය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නේ කෙසේද?”
“ස්වාමීනි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීමට වරදකරු වූ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට අධිකරණය මරණ දඬුවම නියම කළා. ඒ චෝදනාවම තමයි මේ පැමිණිල්ලේ වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරටත් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ශානි අබේසේකරට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන්න කටයුතු නොකරන්නේ ඇයි? ” යනුවෙන් ප්‍රශ්න කළේය.
“මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළා. නමුත් ඔවුන් පෙත්සම්කරුට එරෙහිව කිසිදු සාක්ෂියක්වත් අධිකරණයට ඉදිරිපත් කරන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇයි කියන කාරණයක් පැහැදිලි කොට නැහැ. ඉතින් මේ අවස්ථාවේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් මෙම නඩු කටයුත්ත අවසන් කිරීමට හැකියි. එසේ තිබියදී අපි ඇයි අධිකරණයේ කාලය නාස්ති කළ යුත්තේ. සාක්ෂි තිබෙනවා නම් පෙත්සම්කරුට එරෙහිව නඩු පවරන්න. ඊට මුහුණ දෙන්න ඔහු සූදානම්. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීමට උත්සුක වන්නේ ඇයි?” යනුවෙන් සඳහන් කළේය.
අවසාන වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා :
“ස්වාමීනි මේ වන විට පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් ගොඩනගා තිබෙනවා. එය බිඳ හෙළිය හැකි කරුණු කිසිවක් වගඋත්තරකරුවන් ඉදිරිපත් කර නැහැ. ඒ නිසා මේ පෙත්සම ඉදිරියට ගෙන යාමට සාධාරණ පදනමක් තිබෙනවා. ඒ අනුව මා ඉල්ලා සිටිනවා මේ නඩුව විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස. ඒ වගේම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු පෙත්සම්කරු අත් අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඉල්ලා සිටියේය.
ඉන් පසු සියලු පාර්ශ්වවල වාචික දේශන ඉදිරිපත් කිරිම් අවසන් කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වනදාට පෙර ගොනු කරන ලෙසටයි පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය සහ පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය ෴
කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට (04) ජල කප්පාදුවක්
(03.08.2026 – 19:32 +0530 – sinhala.adaderana.lk)
කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (04) දිනයේ ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ සහ කාලසීමාව පහත පරිදි වේ.
- මොරටුව (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා – පැය 5 ක්)
කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්භහවන්ත, පොල්වත්ත, ශ්‍රීයා පෙදෙස, ක්ලෝ වියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් වලා, ශාන්ත පීතර පටුමග, පී. එම් ප්‍රනාන්දු මාවත, පහවිදාන මාවත, ජනජය පාර, ශාන්ත පීතර පාර, ෆැරන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන සහ මෙල්විල් වත්ත. - පානදුර (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා – පැය 5 ක්)
පානදුර, කිරිබෙරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවත්ත. - බණ්ඩාරගම (පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 12 ක්)
බණ්ඩාරගම, රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝපුල්ල සහ මොරොන්තුඩුව. - හොරණ (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5 ක්)
හොරණ, මදුරාවල සහ පෝරුවදණ්ඩ. - කුඹුක (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5 ක්)
කුඹුක, ගෝනාපොල, කහතුඩුව සහ කිරිවත්තුඩුව. - ඉංගිරිය (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5 ක්)
ඉංගිරිය සහ නම්බපාන. - පිළියන්දල (හෙට ප.ව. 4.00 සිට අනිද්දා (05 වෙනිදා) පෙ.ව. 8.00 දක්වා – පැය 16 ක්)
පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහපොල, මොරටුව පාර කොස්පැලැන්න, ගංගාරාම පාර සහ නීලමහර.
මෙම ජල සැපයුම් අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කරන අතර, අදාළ කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකි බව දැනුම් දී තිබේ ෴
ලක්ෂ 15 කට කුසගින්නේ ඉන්න වෙයි ලංකාව බරපතල අනතුරක | චමින්දට මන්ත්‍රි ධූරය නැතිවෙයිද? (03.08.2026)
+
හිරු ටීවී සළකුණ – 03.08.2026 – ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය සමඟින්
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴