අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය : ‘අද දෙරණ’ (14:08)

අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය : ‘අද දෙරණ’ (14:08)


අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය : ‘අද දෙරණ’ (14:08)

(03.08.2026 – 14:08 +0530 – sinhala.adaderana.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සජීවි විකාශය ඉහතින් නැරඹිය හැකිය.

+—————–

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ විභාග කටයුතු නැවත දැනුම්දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු වන බව සඳහන් වේ.

+—————

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

+—————

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

+—————

කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

+—————

පවතින අධික වර්ෂාපතනය හමුවේ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබේ.

+


වටවල දුම්රිය ස්ථානය මතට පස් කන්දක් කඩා වැටෙයි

(03.08.2026 – hirunews.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වටවල දුම්රිය ස්ථානයේ කොටසක් මතට ඉහළින් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ එහි සේවය කරමින් සිටි දුම්රිය සේවකයෙකුගේ කකුල දක්වා පස්වලින් යටවී තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ පිරිස් විසින් ඔහුව කිසිදු උවදුරකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබෙනවා ෴

+

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ – පහත්බිම්වාසීන්ට දැනුම්දීමක්

(03.08.2026 – hirunews.lk)

කොත්මලේ ජලාශයේ වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය පවසනවා.

ඒ අනුව, අද (03) පස්වරු 03:00 සිට අදාල වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ.

මේ හේතුවෙන් කොත්මලේ ජලාශයට පහළින් පිහිටි පහත්බිම් සහ කොත්මලේ ඔය දෙපස ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා ෴

+

කොළඹ – මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් අද (03) ප.ව. 03:00 සිට තාවකාලිකව වසා දැමේ

(03.08.2026 – hirunews.lk)

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (03) පස්වරු 03:00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සහ පස් කඳු කඩා වැටීමේ හා ගල් පෙරළීමේ දැඩි අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කළේ.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කඩුගන්නාව නායයෑමේ අවදානම් කලාපයේ ඇතිවී තිබෙන අනතුරුදායක තත්ත්වය හමුවේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණයි.

මාර්ගය වසා තබන කාලසීමාව තුළ කොළඹ – මහනුවර දෙසට ගමන් ගන්නා සහ මහනුවර සිට කොළඹ දෙසට පැමිණෙන රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

කොළඹ මහනුවර මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් සිදුවී ඇති බැවින්, එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස අද (03) සවස 03:00 ට තාවකාලිකව වසා දමා දැමුවා.

මාවනැල්ල පොලිස් වසමට අයත් මෙම මාර්ග අවහිරතාව හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් වහාම විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (03) මහජනතාව ගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව, කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා වාහන රඹුක්කන හතරලියද්ද හරහා මහනුවර දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

මීට අමතරව, මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන සඳහා ද විකල්ප මාර්ග හඳුන්වා දී ඇති අතර, ඒ අනුව එම වාහනවලට පිළිමතලාව පොත්තපිටිය හරහා තිස්මඩල දක්වා හා කටුගස්තොට හරහා කුරුණෑගල දක්වා ගමන් කළ හැකියි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්කළේ ෴

+

+

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

(03.08.2026 – hirunews.lk)

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කළා.

ඒ අනුව, විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පැවැත්වීමට නියමිතව තිබූ දේශන, පරීක්ෂණ සහ ප්‍රායෝගික පන්ති ඇතුළු සියලු අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

දේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය, මහවැලි ගඟ පිටාර ගැලීමේ තර්ජනය සහ නායයෑමේ අවදානම හමුවේ අද (03) උදෑසන සරසවි මැදුර නේවාසිකාගාරයේ පහත මාලයේ සිසුන් ඉන් ඉවත් කිරීමටද පියවර ගැනුණා ෴

+

අයහපත් කාලගුණය නිසා මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට (04) වසා දැමේ

(03.08.2026 – hirunews.lk)

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑමේ අවදානම හමුවේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා ෴

+

රත්නපුරට මහ වැසි – කළු ගඟේ ජල මට්ටම ඉහළට; ප්‍රධාන මාර්ගයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

(03.08.2026 – hirunews.lk)

රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මේ වන විට රත්නපුර කළු ගඟේ පුළුගුපිටියේ ජලමාපකය මඟින් දැක්වෙන ජල මට්ටම අඩි හයේ සීමාවූ පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුද්දුව සහ ඇත්ඔය යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

විශේෂයෙන්ම රත්නපුර – අළුපොත ප්‍රධාන මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මීට අමතරව, මුද්දුව පොදු සුසාන භූමිය සහ ඒ අවට පහත් බිම් ද ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද ගංවතුර තර්ජන එල්ල වී තිබෙනවා.

දැනටත් රත්නපුර ප්‍රදේශය වැහි අන්ධකාරයෙන් ගිලී පවතින අතර, කඩින් කඩ මහ වැසි ඇද හැලෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ ෴

+

මහවැලි ගංඟා ද්‍රෝණියට මහ ගංවතුර අවදානමක් : ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට හදිසි රතු නිවේදනයක්

(03.08.2026 – hirunews.lk)

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ අවදානම හේතුවෙන් ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද (03) ප.ව. 01:00 ට නිකුත් කරන ලද මෙම රතු (Red) වර්ණයෙන් යුත් අංක 01 දැක්වෙන හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනය අගෝස්තු 05 වන දින ප.ව. 01:00 දක්වා බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව, මහවැලි ගංඟා ආශ්‍රිත පහත්බිම් හි පිහිටි පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මහ ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්බාගේ කෝරළය, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මහ ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත්බිම්වල පදිංචි මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩි ලෙස ඉල්ලා සිටිනවා ෴

+

කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

(03.08.2026 – 15:10 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි පැය 24 ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි ත්‍රීවතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට මහ ගංවතුරක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවත් මේ හේතුවෙන් ඒ පිළිබඳව ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත ෴

+++

+++

+++

දිට්වා වැනසූ තැන්වලට ආයෙත් ශොට් එක වැදිලා… අලුතෙන්ම ආපු අනතුරු ඇගවීම මෙන්න (03.08.2026)

+

මහනුවරට ඉවත් වීමේ රතු නිවේදන, ඉදිරි පැය 24 දී ගංවතුර තත්ත්වයක්, ආපදා තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් (03.08.2026)

+

කැළඹුණු කාළගුණයේ රටම බලන් ඉන්න අලුත්ම අනාවැකිය මේ දැන් එළියට (03.08.2026)

+

රත්නපුර වැහි අන්ධකාරයේ ගිලෙයි, කලු ගග උතුරද්දී ගෙවල් යට වෙලා… සොහොන්බිමත් වතුර පහරෙන් විනාසයි (03.08.2026)

+

පවත්නා අයහපත් කාලගුණය සම්බන්ධයෙන් පවත්වන විශේෂ සාකච්ඡාව (සජීව) (03.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *