අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට

මහර රැඳවියන් 104 ක් වෙනත් බන්ධනාගාර 07 ක් වෙත

පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා (2) රිමාන්ඩ්

සැකකරුවෙක් ගාල්ල බන්ධනාගාරයෙන් පනී

ගල්කිස්ස ‘නිසල අරණේ’ වෙඩික්කරු අල්ලයි

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය

Top 100 Bollywood Stars Then vs Now 2026

කිරි පිටි බොද්දී හැමෝම පරිස්සම් වෙන්න – වත්තේගම පොලිසිය කරපු සුපිරි මෙහෙයුම (02.08.2026)


අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට

(02.08.2026 – hirunews.lk)

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් 05 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා.

එමෙන්ම, මන්නාරම ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය තවත් ධීවරයෙකු (01)අතුරුදන්ව ඇති බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කළේ.

හලාවත, තොඩුවාව ප්‍රදේශයෙන් පසුගිය 31 වැනිදා පස්වරුවේ මුහුදු ගොස් අනතුරට ලක්වී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනා (02) ගෙන් එක් (01) අයෙකුගේ සිරුර අද (02) කොල්ලුපිටිය ප්‍රදේශයට ගොඩ ගසා තිබුණා.

එමෙන්ම අනතුරින් දිවි බේරාගත් අනෙක් ධීවරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා ෴

+++

පැය 35 ක් මුහුදේ සටන් කර දිවි ගලවා ගත් ධිවරයාගෙන් බරපතල අනාවරණයක් (02.08.2026)

+


මහර රැඳවියන් 104 ක් වෙනත් බන්ධනාගාර 07 ක් වෙත

(02.08.2026 – hirunews.lk)

මහර බන්ධනාගාරය තුළ ඊයේ (01) පස්වරුවේ රැඳවියන් පිරිසක් විසින් ඇති කරන ලද නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) හා මාධ්‍ය ප්‍රකාශක, ඒ.සී. ගජනායක නිවේදනය කරනවා.

බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම තත්ත්වය පාලනය කිරීමට හැකි වී තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව, ආරක්ෂිත පියවරක් ලෙස මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර, ඔවුන් දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මාරු කර යවන ලද අදාළ රැඳවියන් 104 දෙනාගේ නම් ඇතුළත් සම්පූර්ණ ලේඛනය, ඥාතීන්ගේ දැනගැනීම උදෙසා මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය (Barricade) අසල ප්‍රදර්ශනය කර ඇති බව එම නිවේදනය මගින් දැනුම්වත් කර තිබෙනවා ෴

මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් හමුවීමට අමුත්තන්ට ලබා දෙන අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 2026 අගෝස්තු 03, 04 සහ 05 යන දිනවලදී රැඳවියන් පෙන්වීම සිදු නොකරන බවයි මහර බන්ධනාගාර අධිකාරී එස්.ආර්.එල්. ගලප්පත්ති විසින් නිවේදනය කර ඇත්තේ ෴


පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

(02.08.2026 – hirunews.lk)

ඉගිනියාගල පොලිස් ස්ථානයට විවිධ රාජකාරී සඳහා ආදායම් වශයෙන් ලැබුණු රුපියල් 290,000 ක පමණ මුදලක් වංචා කළ එම පොලිස් ස්ථානයේම රාජකාරී කළ කාන්තා පොලිස් සැරයන්වරියක් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් සිදු කරනු ලැබූ ‍ අභ්‍යන්තර විගණනයකදී මෙම මූල්‍ය අක්‍රමිකතාව අනාවරණය වී තිබූ බවයි වාර්තා වන්නේ.

ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබා දීම ඇතුළු විවිධ සේවාවන් හරහා පොලිසියට අය වන ආදායම් මුදල් නිසි පරිදි අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිල ගිණුමේ තැන්පත් කළ යුතුව ඇති අතර, සැකකාර පොලිස් සැරයන්වරිය විසින් පොලිස් ස්ථානයට ලැබුණු අදාල මුදල් එලෙස බැර කිරීම පැහැර හැර ඇති බව විගණනයේදී තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග මත, අම්පාර කොට්ඨාස වැඩබලන සහකාර පොලිස් අධිකාරී (1) සම්පත් වික්‍රමරත්නගේ අධීක්ෂණය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසූරිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා (2) රිමාන්ඩ්

(02.08.2026 – hirunews.lk)

අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරිනියන් දෙදෙනා (2) මේ මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් හැටන් අධිකරණය වෙත ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියටයි මෙම නිළධාරිනියන් දෙදෙනා (2) හැටන් පොලිසිය මගින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම සැකකාරිණියන් දෙදෙනා (2) පසුගිය 2023 වසරේ සිට 2025 යන වසර දක්වා අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුමවලට බැර කර ඇති බවටයි සිදු කරන ලද විමර්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පසුව එම මුදල් සැකකාරියන් දෙදෙනා (2) විසින් ලබා ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් නිළධාරින් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කිරිමටද බලධාරින් පියවර ගෙන තිබෙනවා ෴


සැකකරුවෙක් ගාල්ල බන්ධනාගාරයෙන් පනී

(02.08.2026 – hirunews.lk)

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (02) අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.

මෙසේ පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ පදිංචිකරුවෙකු වන ‘අගම්පොඩි දිලීප සම්පත්’ නමැති සැකකරුවෙක් බවයි බන්ධනාගාරය සඳහන් කරන්නේ.

ගෙවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩු හතරක් (4) සම්බන්ධයෙන් මොහු ඉකුත් ජුනි මස (22) වනදින සිට බන්ධනාගාර ගතකර සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

අද (02) උදැසන රැඳවියන්ගේ ලේඛණය පරීක්ෂා කිරීමේදි මෙම රැඳවියා බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මොහු මෙයට පෙර අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීද තාප්පයෙන් පැන පලාගොස් ඇති පුද්ගලයෙකු බවටයි හෙළිව ඇත්තේ.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වේ ෴


ගල්කිස්ස ‘නිසල අරණේ’ වෙඩික්කරු අල්ලයි

(02.08.2026 – 18:55 +0530 – sinhala.adaderana.lk)

විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ’ නම් අපරාධකරුගේ පියා ‘ගල්කිස්ස නිසල අරණ සුසාන භුමියේදී’ වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.

‘කොස්මල්ලී’ නම් අපරාධකරු විසින් අදාළ වෙඩි තැබීම සඳහා සැකකරුට රුපියල් දෙලක්ෂ අසූ දහසක (2,80,000) මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු 2025 වසරේදී සිදුකළ වෙඩි තැබීමකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජුලි 13 ඇප ලබා පැමිණ ඇති අතර පසුව ඉකුත් 17 මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

මේ අතර සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු 2015 වසරේදි යුද හමුදා විශේෂ බලකායෙන් ඉවත් වූ අයෙක් බව සඳහන් වෙයි ෴


විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය

(02.08.2026 – 17:58 +0530 – sinhala.adaderana.lk)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවය.

ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීම සදහා වු යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබීය.

රජය සදහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය ෴


Top 100 Bollywood Stars Then vs Now 2026 | UNBELIEVABLE Transformation & Real Age (27.04.2026)

+


කිරි පිටි බොද්දී හැමෝම පරිස්සම් වෙන්න – වත්තේගම පොලිසිය කරපු සුපිරි මෙහෙයුම (02.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *