කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
පූජිත පොලිස්පති කළේ අනුරගේ ඉල්ලීමට – විමල් සහ සිරස මාධ්‍යවේදියා පැටලෙයි (02.08.2026)
රැඳවියන් මහර බන්ධනාගාරය විනාශ කරලම දාලා – මහර ගැටුම ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව (02.08.2026)
කුරුණෑගලින් කොටු වූ ඊශ්‍රායල් රැකියා ජාවාරම – මහ මොළ කරු බන්ධනාගාරයට යවයි (02.08.2026)
දෙකටම කැඩුණු, කටාන අනතුරේ සැඟවූ කතාව එළියට, පොලිසියත් හංඟන තිත්ත ඇත්ත (02.08.2026)
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
(02.08.2026 – hirunews.lk)
කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටි තොගයෙන් එක් (1) කන්ටේනර් පෙට්ටියක් බෙන්තොට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ඉඳුරුව අතුරුවැල්ල වෙරළ තීරයට අද (02) උදෑසන ගොඩගසා ඇතැයි බෙන්තොට පොලිසිය පවසනවා.
මේ වන විට අතුරුවැල්ල ප්‍රදේශයට ගොඩගසා ඇති කන්ටේනර් පෙට්ටිය ආසන්නයට මහජනතාවට ළං නොවන ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ.

කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17 ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබුණා.
අදාල බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54′ සහ නැගෙනහිර දේශාංශ 079° 32′ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී බව සඳහන්.
පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මෙම බහාලුම් මේ වන විට හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නාවික අංශ පෙන්වා දෙනවා.
මෙම බහාලුම් යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් යාත්‍රා මෙහෙයවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙසද ධීවරයන්ට දන්වා තිබෙනවා.
යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත හා පොලිසියට දැනුම් දීමට කටයුතු කරන ලෙස සියලුම ධීවර කාර්මිකයන්ගෙන් බලධාරින් ඉල්ලා සිටිනවා.
+++
+
රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ
(02.08.2026 – hirunews.lk)
රත්මලාන – කඳවල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ‘බඩෝවිට අවිශ්ක’ නමැත්තා මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ බවට විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ ‘රත්මලානේ කුඩු අංජු’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් රැස්කරන්නෙකු බවටයි වාර්තා වුණේ.
57 හැවිරිදි පුද්ගලයා ‘ප්‍රියන්ත’ නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙදෙනකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
වෙඩිතැබීම ‘බඩෝවිට අවිශ්ක’ගේ පාර්ශවයෙන් සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එසේම, මෙම වෙඩිතැබීම, පසුගියදා බෙල්ලන්විලදී අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පලි ගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා ෴
පූජිත පොලිස්පති කළේ අනුරගේ ඉල්ලීමට – විමල් සහ සිරස මාධ්‍යවේදියා පැටලෙයි (02.08.2026)
+
රැඳවියන් මහර බන්ධනාගාරය විනාශ කරලම දාලා – මහර ගැටුම ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව (02.08.2026)
+++
+++
+++
ගැටුම පටන්ගත්තේ හවස එකට (01:00) විතර – සිරකරුවන් සුරැකීමේ කමිටුව කට අරියි (02.08.2026)
+++
+
කුරුණෑගලින් කොටු වූ ඊශ්‍රායල් රැකියා ජාවාරම – මහ මොළ කරු බන්ධනාගාරයට යවයි (02.08.2026)
+
නීති හදන්නැති පාර්ලිමේන්තුවක් අහවල් එකටද | මාසයක් තිස්සේ එක පනතක්වත් නෑ | ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමා (02.08.2026)
+
දෙකටම කැඩුණු, කටාන අනතුරේ සැඟවූ කතාව එළියට, පොලිසියත් හංඟන තිත්ත ඇත්ත (02.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴