මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්

මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්

ගෝඨට කෝල් කරපු ජෙප්පගේ යට කලිසම ඔලුවෙන් ගලවයි? (01.08.2026)

ජේවීපීකාරයෝ අධිකරණයට අත තියන්නෙ මෝඩකමට… මේක තමයි ඒගොල්ලන්ගේ අවසානය (01.08.2026)

ඒ මහත්තයගේ නෝනට කිව්වා නං, පාතාලෙත් මර්දනය කරයි (01.08.2026)

මහර බන්ධනාගාරයෙත් ගැටුමක්! බන්ධනාගාර පුරා පැතිරෙන මේ කැරැල්ල මොකක්ද? (01.08.2026)

පූජිත හේමසිරි තීන්දුව ? (01.08.2026)

ඇප ලැබූ චරිත් අනතුරේ ? (01.08.2026)

ලක්මව රනින් සැරසූ, රොමේෂ් තරංගට උණුසුම් සුබ පැතුම්! (01.08.2026)

මහර බන්ධනාගාරයට සිදුවු හානිය – ‘අද දෙරණ’ට සුවිශේෂී දර්ශන පෙළක්


මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්

(02.08.2026 – 09:12 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (02) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එහිදී රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යලය සහ බන්ධනාගාර රෝහල විනාශවී තිබේ.

මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර තිබේ.

ඒ අනුව තත්ත්වය සාමකාමී බවත් රැඳවියන්ගේ ඥාතීන්ට සාමකාමී ලෙස එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසටත් ඒ මහතා ඉල්ලා සිටියේය.

+


ගෝඨට කෝල් කරපු ජෙප්පගේ යට කලිසම ඔලුවෙන් ගලවයි? (01.08.2026)

+


ජේවීපීකාරයෝ අධිකරණයට අත තියන්නෙ මෝඩකමට… මේක තමයි ඒගොල්ලන්ගේ අවසානය (01.08.2026)

+


ඒ මහත්තයගේ නෝනට කිව්වා නං, පාතාලෙත් මර්දනය කරයි (01.08.2026)

+


මහර බන්ධනාගාරයෙත් ගැටුමක්! බන්ධනාගාර පුරා පැතිරෙන මේ කැරැල්ල මොකක්ද? (01.08.2026)

+


පූජිත හේමසිරි තීන්දුව ? (01.08.2026)

+


ඇප ලැබූ චරිත් අනතුරේ ? (01.08.2026)

+


ලක්මව රනින් සැරසූ, රොමේෂ් තරංගට උණුසුම් සුබ පැතුම්! (01.08.2026)

+


මහර බන්ධනාගාරයට සිදුවු හානිය – ‘අද දෙරණ’ට සුවිශේෂී දර්ශන පෙළක්

(02.08.2026 – 10:53 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (01) රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරන ලද එම උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.

එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර ඇති අයුරු ‘අද දෙරණ’ ලැබුණු මෙම වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.

අද (02) පෙරවරුව වන විට බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවී ඇත.

+++

මහර බන්ධනාගාර ගැටුමෙන් ගොඩනැගිලි රැසකට හානි

(02.08.2026 – hirunews.lk)

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ඊයේ (01) ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක පවසනවා.

ඒ අනුව බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශය, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර මුළුතැන්ගෙය හා කර්මාන්ත අංශ තුළට ඇතුළු බන්ධනාගාර ගොඩනැගිලි රාශියකට රැඳවියන් විසින් හානිකර විනාශ කර ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම සිදුවීමෙන් රැඳවියෙකු (1) මියගොස් ඇති අතර, තවත් තුවාල ලැබූ රැඳවියන් කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද හෙතෙම පැවසුවා.

බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 300 ක පමණ නිලධාරීන් පිරිසක් අද (02) උදෑසන 06. ට එම බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් අදාළ වාට්ටු වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

අද (02) උදෑසන 06:15 වන විට බන්ධනාගාරය පරිශ්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඊයේ (01) රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරන ලද එම උත්සහයන් එය ව්‍යර්ත කොට ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම් අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ දේපළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර ඇති බවයි සඳහන් වන්නේ ෴

+++

මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය

(02.08.2026 – 13:19 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද (02) උදෑසන 06:00 පමණ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව ලැබුණි.

හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් (1) රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් හය දෙනෙකු (6) තුවාල ලැබීය.

නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපොළ රැසක් විනාශ කර ඇති බවය.

රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාව හට ගැණුනි.

මහර බන්ධනාගාරයේ ඉදිකෙරෙමින් පවතින තාවකාලික තාප්පයක් බිඳ රැඳවියන් පිරිසක් පලායාමට එහිදී උත්සාහ දැරූ බවටත් වාර්තා වේ.

තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා තිබුණි.

ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව අසල සිටි බන්ධනාගාර නිලධාරීන් වෙඩිතබා ඇති බව වේ.

මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ රැඳවියන්, ඔවුන්ට සහාය නොවූ සෙසු රැඳවියන් පිරිසකට පහරදී තුවාල සිදුකර තිබේ.

එහිදී තුවාල ලැබූ රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

කෙසේවෙතත් ඒ අතර සිටි එක් (1) රැඳවියෙක් පසුව ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 20 ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනගත් රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට ඊයේ (01) පස්වරුවේම රැස්විය.

ඒ අනුව බන්ධනාගාරයේ හා ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, කැරලි මර්දන සාමාජිකයින්, යුද හා නාවික හමුදා මෙන්ම STF සාමාජිකයින්ද එහි කැඳවනු ලැබීය.

කෙසේවෙතත් වෙඩි හඬට සමාන හඬ බන්ධනාගාර පරිශ්‍රයෙන් ඇසෙන්නට වීමත් සමඟ කුපිත වූ රැඳවියන්ගේ ඥාතීන් මාර්ග බාධක බිඳහෙලමින් ඉදිරියට යෑමට උත්සාහ කර ඇත.

නමුත් එම උත්සාහය පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයින් ව්‍යර්ථ කළ අතර පසුව රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය දෙසට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

ඒ අතර බන්ධනාගාරය තුළ තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානයක් සහ බෙල් 412 වර්ගයේ යානයක්ද යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත්තේය.

පසුව පොලිස් නිලධාරියෙක් පැමිණ රැඳවියන්ගේ ඥාතීන්ට කරුණු පැහැදිලි කරදීමෙන් පසු පිරිස බන්ධනාගාරය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගැනුණි.

එම අවස්ථාවේදීත් එහි නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.

විරෝධය මධ්‍යයේ එම පිරිස ඒ ආසන්න මාර්ගයක් වෙත යොමු කෙරුණු අතර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 03 ක් සඳහා ඊයේ (01) රාත්‍රියේ සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේය.

ඒ , 246 කැන්දලියද්ද පාළුව බටහිර, 246 සී කැන්දලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහාය.

කෙසේවෙතත් පවතින තත්ත්වය පාලනය කර ඇති බැවින්, අදාළ ප්‍රදේශ සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මීට සුළු වේලාවකට පෙර ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *