මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
නිලන්ත..! වට්ස්ඇප් පණිවුඩවල සැඟවුණු රහස්, නඩු තීන්දුවේ සැඟවුණු කතා මෙන්න (01.08.2026)
මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්
(01.08.2026 – 19:46 +0530 – sinhala.adaderana.lk)
මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සහ කර ඇත.
ඒ සමඟ ආරක්ෂක අංශ නිලධාරින් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ එම ජනතාව පාලනය කිරීමට උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ඇතිවූ බව සඳහන්ය.
එම අවස්ථාවේදී රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ නිලධාරින් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ජල ප්‍රහාරක රථ ද බන්ධනාගාර ඉදිරිපිට පරිශ්‍රය වෙත රැගෙන ඒමට ද කටයුතු කර තිබේ.
+++
මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමට පියවර ගැනිණ.
ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලීසිය ඉල්ලීමක් ද සිදු කර තිබේ.
කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳිසිටිති ෴
+++
+++
+++
+++
+++
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
(01.08.2026 – hirunews.lk)
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම සහ සංවිධානය කිරීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 සිට එම විභාගය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් තහනම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගය ලබන (10) වන දින සිට සැප්තැම්බර් මස (05) දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම,විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් කර තිබෙනවා.
එමෙන්ම තැනැත්තෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කළහොත්, එම තැනැත්තා හෝ ආයතනය මෙම පනත යටතේ වරදකරුවකු වන බවයි විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ.
පොලිස් මූලස්ථානය: 011 242 1111 – පොලිස් හදිසි ඇමතුම් අංකය: 119 – විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය: 1911 – පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව: 011 278 4208 / 011 278 4537
නිලන්ත..! වට්ස්ඇප් පණිවුඩවල සැඟවුණු රහස්, නඩු තීන්දුවේ සැඟවුණු කතා මෙන්න (01.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴